සමස්ත ලංකා වුෂු තරගාවලියෙන් මහනුවර ආදර්ශ විදුහලට රන් හා රිදී පදක්කම්

  👤  1217 readers have read this article !
Published by : MB WEB 2018-11-01 10:23:36

හසලක - සුනිල් ඉහළගෙදර

සමස්ත ලංකා වුෂු තරගාවලිය ඉකුත් 12,13 සහ 14 යන දිනයන්හි රුහුණ විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූ මහනුවර ආදර්ශ විදුහලේ එම්.ඒ. වී. අකේෂා ද සිල්වා විසින් 16න් පහළ කාන්තා කේවල 'චැංචු ආන්' අංශයෙන් දෙවැනි ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කමත් දාඕෂු අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම දිනා ගැනීමටත් සමත් විය.

16න් පහළ කාන්තා කේවල චැංචු ආන් අංශයෙන් පස්වැනි ස්ථානය ඩිල්කි ද සිල්වා ශිෂ්‍යාව හිමිකර ගත් අතර 16න් පහළ පිරිමි කේවල අංශයෙන් ශානුක පෙරේරා ගුංෂු අංශයෙන් අටවැනි ස්ථානයත් දිනා ගන්නා ලදී. මෙහිදී කේෂාන් රාජපක්ෂ ශිෂ්‍යයා සහ වත්සලා රණතුංග ශිෂ්‍යාව 16න් පහළ සහතික පත් දිනා ගන්නා ලදී.

ජාතික සහ ජාත්‍යන්තර වුෂු පුහුණුකරු හා මධ්‍යම පළාත් වුෂු කුංෆු සංගමයේ සභාපති බී.එම්. අජන්ත බණ්ඩාර මහතා මෙම ජයග්‍රහණ සඳහා දරුවන්හට දායකත්වය ලබාදී තිබේ.

ජයග්‍රහණ හිමිකරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදුහල්පති ආර්.එම්. දේශප්‍රිය රත්නායක මහතා සහ විෂය භාර ආචාරිනි නයනී ද සිල්වා මහත්මිය සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon