ඉන්දියාව: දැඩි විරෝධතා මැද විවෘත කළ ලෝකයේ උස ම ප්‍රතිමාව

  👤  1645 readers have read this article !
Published by : MB WEB 2018-11-01 15:26:50

ඉන්දීය රුපියල් බිලියන 29.9 ක් (ඇ ඩො මිලියන 430 ක්) වැය කරමින් ඉදිකළ ලොව උස ම ප්‍රතිමාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත විය.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉදි කළ මීටර් 182 ක් (අඩි 600 ක්) උසින් යුත් ලෝකඩ ආලේපිත මෙම ප්‍රතිමාවෙන් නිරූපණය කර ඇත්තේ, එරට නිදහස් සටනේ නියමුවෙකු වූ සර්දාර් වල්ලාභායි පටෙල් ය.

විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්, මෙම "එක්සත්භාවයේ ප්‍රතිමාව" සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක් වනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේය.

කෙසේ වෙතත්, මෙය මහජන මුදල් නාස්ති කිරීමක් වන බවත් ඊට වැය කළ මුදල් වෙනත් යහපත් කාර්යයක් වෙනුවෙන් යොදා ගැනීමට තිබූ බවත් ඇතැම් ගුජරාට් වැසියන් චෝදනා කරයි.

අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, එය "ඉන්දියාවේ අවංකභාවයේ සහ අධිෂ්ඨානයේ සංකේතයක්," බවය.

සම්මානනීය ඉන්දීය ප්‍රතිමා ශිල්පියෙකු වන රාම් වී සුතාර් විසින් නිර්මාණය කරන ලද එම ප්‍රතිමාව විවෘත කළේ, ඉන්දීය ගුවන් හමුදාවේ යානා මගින් මල් වැස්සක් හෙළමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon