දෘශ්‍යාබාධිත ජූඩෝ තරගාවලියේ ශූරතාව යුද හමුදාවට

  👤  739 readers have read this article !
Published by : MB WEB 2018-11-02 09:17:55

නාවලපිටිය-අතුල දිසානායක,ගම්පොළ-මාධව බණ්ඩාර

මෙරටදී ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ජූඩෝ තරගයක් පවත්වමින් ආරම්භ කළ 56 වැනි ජාතික ජූඩෝ ශූරතා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ රාජිත

පුෂ්පකුමාර තේරී පත්වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස යුද හමුදා ක්‍රීඩා සමාජයේ ජේ.එම්.එන්. සිල්වා වා තේරී පත්වූවාය.

බර පන්ති 26ක් යටතේ ක්‍රීඩා සමාජ 64ක ක්‍රීකඩ ක්‍රීඩිකාවන් තරග කළ මෙම තරගාවලිය විශේෂතා රැසකින් සමන්විත විය.

ලෝක ජූඩෝ දිනය සමරමින් මෙම ක්‍රීඩා තරගාවලිය ඇරැඹූ අතර එහිදී ජූඩෝ නිර්මාතෘ ආචාර්ය ජගරෝ කානෝ මහතාගේ 158 වැනි උපන් දිනයද සමරනු ලැබීය.
මෙරට වෙසෙන වයෝවෘද්ධතම ජූඩෝ ක්‍රීඩකයා මෙන්ම ප්‍රවීණතම ජූඩෝ ක්‍රීඩකයාද මෙම තරගාවලියට සහභාගි විය.

වසර 78ක් වයසැති නුගේගොඩ ගංගොඩ පදිංචි තිස්ස ජයවීර මෙම වයෝවෘද්ධ ක්‍රීඩකයා වන අතර වසර 48ක් ජූඩෝ ක්‍රීඩාවේ නිරත 59 වියැති හේමකුමාර ජිනදාස ඒ අතර ප්‍රවීණයා විය.

මෙම තරගාවලියේ සමස්ත ශූරතාවලිය දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරතාව නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය. ගුවන් හමුදා කණ්ඩායම මෙහි තුන්වැනි ස්ථානය දිනා ගනු ලැබීය.

මෙහි කණ්ඩායම් තරගවලදී පිළිවෙළින් ගුවන්, යුද හා පොලිස් කණ්ඩායම් පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබාගෙන තිබිණි.

කනිෂ්ඨ බාලක තරගවලදී දක්ෂතම ක්‍රීඩකයා ත්‍රිත්ව ක්‍රීඩා සමාජයේ එස්.ආර්. දසනායක තේරී පත්වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගම්පොළ පන්විලතැන්න ක්‍රීඩා සමාජයේ ආර්.ආර්.ටී. හර්ෂණී තේරී පත්වූවාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon