බදුල්ල මුතියංගණ පූජා භූමියට යන මඟතොට අබලන්

  👤  1548 readers have read this article !
Published by : MB WEB 2018-11-14 07:11:07

දෙමෝදර-ජයලත් දිසානායක

බදුල්ල, මුතියංගණ පූජා භූමිය අවට ඇති මාර්ග සියල්ලම දැඩිව අබලන්ව පවතින අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මෙන්ම වන්දනාකරුවන්ද දැඩි අපහසුතාවකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

බදුල්ල විහාරගොඩින් පස්සර මාර්ගය දුම්රියපොළ මාර්ගය, බැංකු පාර යන සියලු මාර්ග මේ දිනවල වළවල් හෑරී දැඩි ලෙස අබලන්ව තිබේ. පවතින වැසි සහිත කාලගුණයත් සමඟ වැසි ජලය එම
වළවල් මත පිරී පැවැතීමෙන් මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට ලක්ව සිටී.රථවාහන ධාවනයේදී වළවල් මත පිරී පවතින ජලය

වෙළෙඳසල්වලට විසිවන බවත් එම නිසා තමන්ද මහත් ගැටලුවකට පත්ව ඇති බවයි වෙළෙඳසල් හිමියන් 'මව්බිම' සමඟින් සඳහන් කළේය.

බදුල්ලට පැමිණෙන පිටස්තර පුද්ගලයන් අනිවාර්යයෙන්ම මුතියංගණ පුදබිම වෙත පැමිණෙන බැවින් ජනාකීර්ණ ස්ථානයක් බවට පත්වන මෙම කලාපයේ මාර්ග පිළිබඳ බලධාරීන් සැලකිලිමත්ව කටයුතු කරනු ඇති බවට ප්‍රදේශවාසීහු බලාපොරොත්තුව සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon