පාර්ලිමේන්තුව උණුසුම්

  👤  1836 readers have read this article !
Published by : MB WEB 2018-11-15 10:43:11

 

පාර්ලිමේන්තු සභාගර්භය තුළ මේ වන විට කලහාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

පාර්ලිමේන්තුව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15)උදෑසන 10ට ආරම්භ විය.
 
පාර්ලිමේන්තුව වාර අවසන් විමෙන් අනතුරුව ඊයේ(14) පළමු වරට රැස්වූ අතර එහිදී ඇති වූ නොසන්සුකාරි තත්ත්වයක් හේතුවෙන් අද දිනය තෙක් පාර්ලිමේන්තු කටයුතු කල්තැබුණා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කථානායකවරයා විසින් ආරම්භ කිරීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට විය.

කථානායකවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට සභාව ඇමතීමට අවස්ථාව ලබා දීමෙන් අනතුරුව ඔහුගේ කථාව අවසන් වෙනවාත් සමඟ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවහිර කරමින් කථානායකවරයා වටා රැස්වෙන්නට විය.

තවමත් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඉතා කලබලකාරී තත්ත්වයක් පවතියි.

මන්ත්‍රීවරු පරුෂ වචනයෙන් කෑ ගසමින් ඉතා අශෝභන ආකාරයෙන් හැසිරෙන අතර, කථානායකවරයා මේ වන විට පාර්ලිමෙන්තු සංකීර්ණයෙන් ඉවතට පැමිණියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon