අද සහ හෙට වැසි- උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්

  👤  1206 readers have read this article !
Published by : MB WEB 2018-11-18 08:37:46

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී, විශේෂයෙන් අද සහ හෙට දිනයන් හිදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පලාත්වල විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

මධ්‍යම,සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ටවැඩි තද වැසි ද ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිරපළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon