සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලියේ 13න් පහළ ශූරතාවය කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවට

  👤  1984 readers have read this article !
Published by : MB WEB 2018-11-19 07:24:42

දමුණුපොළ-චමින්ද ජයලත්

සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලිය 2018 වයස අවුරුදු 13න් පහළ බී කාණ්ඩයේ ශූරතාව කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය ජයග්‍රහණය කර ඇතැයි විදුහල්පතිනි මල්ලිකා රණසිංහ මහත්මිය පැවැසුවාය.

මෙම තරගාවලිය පසුගියදා බණ්ඩාරවෙලදී පැවැති අතර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩිකාවන් 7 දෙනකු සහභාගි වී තිබිණි. එහිදී ක්‍රීඩිකාවන් ශූරතාව දිනා සිටි අතර නෙතලි, සිනලි, චලනි, අමන්දා, තරුෂිනි, තුමේෂි සහ ඉරුෂි කණ්ඩායම වෙනුවෙන් සහභාගි වී සිටියහ.

චෙස් ක්‍රීඩා භාර පුහුණුකරුවන් වන ජයන්ත කෙටලවල, මෙත්මල් ඉලුක්කුඹුර හා විද්‍යාලයේ චෙස් ක්‍රීඩාභාරී ආචාරිනි ඕෂධී උඩගෙදර මහත්මිය මෙම ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon