බළන්ගොඩ එළවළු මිල ගණන් තුන් ගුණයකින් ඉහළට
බළන්ගොඩ - නලින්ද වලේබොඩ
බළන්ගොඩ සහ තදාසන්න ප්‍රදේශයේ එළවළු වර්ගවල හිඟයක් පවතින බවත් ඒවායේ මිල ගණන් ඉකුත් දිනවලට වඩා මේ දිනවල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති.
මෙලෙස උඩරට සහ පහතරට එළවළු වර්ග සියල්ලේම මිල ගණන් මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජනතාව සඳහන් කරති.
ඒ අනුව දෙහි කිලෝවක මිල රුපියල් 800ක් දක්වාත්, බෝංචි කිලෝවක මිල රුපියල් 320ක් දක්වාත්, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 320ක් දක්වාත්, ඉකුත් දිනවල රුපියල් 20 පැවැති තක්කාලි කිලෝවක මිල රුපියල් 320ක් දක්වාත්, කරවිල කිලෝවක මිල රුපියල් 280ක් දක්වාත්, කැරට් කිලෝවක මිල රුපියල් 400ක් දක්වාත්, ලීක්ස් කිලෝවක මිල රුපියල් 200ක් දක්වාත්, බීට් කිලෝවක මිල රුපියල් 200ක් දක්වාත් ඉතා අධික ලෙස මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති.
මේ සම්බන්ධයෙන් බළන්ගොඩ නගරයේ එළවළු වෙළෙඳසල් කිහිපයකින් විමසූ විට එම එළවළු වෙළෙන්දන් පැවැසුවේ පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ එළවළු වගාවන් විනාශ වී ඇති බවත් ඒ හේතුවෙන් වෙළෙඳසල්වලට ලැබෙන එළවළු වර්ගවල විශාල හිඟයක් පවතින බවයි.
ඊට අමතරව බළන්ගොඩ ප්‍රදේශයට එළවළු තොග ලැබෙන බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශවලත් වර්ෂාවත් සමඟ
එළවළු වගාවන් විනාශ වී ඇති බවත් එම ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග අඩු වී ඇති බවත්ය. මේ දිනවල පාරිභෝගිකයන් එළවළු වර්ගවල මිල විමසා මිල අධික බැවින් එළවළු මිලදී නොගෙන යන බවත් එම වෙළෙඳසල් හිමියෝ පවසති. එළවළු
මිල ඉහළ යෑමත් සමඟ පාරිභෝගික ජනතාව මෙන්ම තමන්ද අසරණ වී සිටින බව බළන්ගොඩ එළවළු වෙළෙන්දෝ පවසති.
අද මව්බිමෙන්
- කපුකාර සාමි මතුරලා දුන් තැඹිලි ගෙඩි පහක් බිව්ව රෝගියා මරුට 🕔2019-02-21
- ගේට්වේ එඩියුකේෂනල් ආයතනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනියට අත්හිටුවූ සිරදඬුවම් හා දඩ 🕔2019-02-21
- ලේඛන පොතේ සඳහන් සෑම සටහනකට පසු අධ්යක්ෂවරයා සහතික කරනවා 🕔2019-02-21
- තල්ගස්පේ මනානදී දරුණු ලෙස පහරදී පුද්ගලයකු ඝාතනය කරයි 🕔2019-02-21
- ගුණධර්ම යටපත්වීම නිසා දරුවන් රැකගැනීම අභියෝගයක් වෙලා 🕔2019-02-21
- සමහරුන් කියන්නේ විජයබා කොල්ලයේ වගේ අපි රට කෑලිවලට කඩන බවයි 🕔2019-02-21
- රන්ජන්ගේ චෝදනාව ගැන පරීක්ෂණයක් කිරීමට කුඩ්ඩන් නොවන ඇමැතිවරුන් බලපෑම් කළ යුතුයි 🕔2019-02-21
- ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ 🕔2019-02-21
- රනිල්-මෛත්‍රි දේශපාලන දීගය කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ 🕔2019-02-21
- සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ක්‍රමය අහෝසියි 🕔2019-02-21
- කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි 🕔2019-02-21
- මැල් මැඳුර ආයතනයෙන් අසාමාන්‍ය ඇබ්බැහිවීම්වලට පුරුදු වූවන් සඳහා නව චිකිත්සක ක්‍රමවේදයක් 🕔2019-02-21
- රාජ්‍ය සේවකයා හරියට වැඩ කරනවා නම් මේ රට හොඳ රටක් කරන්න පුළුවන් 🕔2019-02-21
- මන්නාරම් සමූහ මිනී වළේ ඇමෙරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි 🕔2019-02-21
- වවුනියාව ඩිපෝවේ සංකේත වර්ජනයක් 🕔2019-02-21
- මොනරාගල මුප්පනේ රජමහ විහාරයට අයත් ඉපැරැණි විහාර මන්දිරයේ චිත්රවලට කිසියම් පිරිසක් හානි කරලා 🕔2019-02-21
- යාපනයේ මාධ්‍යවේදියකුට පහරදුන්නැයි කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට 🕔2019-02-21
- මිරිදිය මසුන් සඳහා පාලන මිලක් 🕔2019-02-21
- මාර්තු 16දා සිට ඉඩම් ඔප්පු දෙන්න එක්දින කඩිනම් සේවාවක් ඇරැඹේ 🕔2019-02-21
- දුලබ අක්මා රෝගයකින් පුතු ගලවාගන්නට සේසතම අහිමි කරගත් අසරණ පවුලක් 🕔2019-02-21