සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය තෙවින් අමරසිංහගෙන් ශතකයක්

  👤  1355 readers have read this article !
Published by : MB WEB 2018-11-21 07:47:46

ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ තෙවින් අමරසිංහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 143ක් රැස් කිරීමට සමත්විය.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් දෙවිදුහල් අතරවූ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර, තවත් තරගයකදී බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.

ලෙෂාන් දිළුක්ෂ (බණ්ඩාරවෙල ශාන්ත ජෝශප්), හිරුෂ එෂාන් (සඳලංකාව මමවි) සහ තුමුදිත තිරංජය (රත්නපුර ශාන්ත ඇලෝසියස්) යන ක්‍රීඩකයෝ මෙම තරගවලදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon