සටන් කලාව ආගමක් කළ දාර්ශනිකයා Bruce Lee

  👤  1321 readers have read this article !
Published by : MB WEB 2018-11-27 13:08:40

ලෝකයේ ශේ‍ර්ෂ්ඨ චරිත බොහොමයකගේ ආයු කාලය කෙටියි. එක අතකට ඒක සොබාදාහමම ඔවුන්ගේ පුරාවෘත්තය සදා නොවෙනස්ව තියන්න ගත්ත පියවරක් වගේ. මොකද අපි ආදරය කරන ආදර්ශවත් චරිත වයෝවෘද්ධ වෙලා. අසරණ වෙනවා දකින්න ලැබීම අපටත් ලොකු වේදනාවක් නිසා. අඩු කාලෙකින් වැඩ පෙන්නපු ඔහු සටන් කලාවේ පුරාවෘත්තය බෘෘස්ලී

1940 වසරේ අද වගේ නොවැම්බර් 27 වැනිදාවක ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රාන්තයේ චයිනා ටවුන් හිදී ලී ජන් -ෆෑන් උපත ලබනවා. චීන නක්ෂත්‍රයේ විදියට බැලුවොත් ලී උපත ලබන්නේ මකරාගේ වසරේ මකරාගේ හෝරාවේදීයි. චීන ජාතිකයන්ට මකරා කියන්නේ ඔවුන්ගේ වර්ගයාගේ සංකේතය හා සමාන දෙයක්. තමන්ගේ දරුවා උපතින්ම යමක් අරගෙන ඇවිත් තියෙනවා කියන දේ ලීගේ මවුපියන්ටත් ඉවෙන් මෙන දැනෙන්නට ඇති.

ලීගේ මව ඔහුට කියන සුරතල් නාමය තමයි "බෘෘස්" පුරාණ ගේලික් භාෂාවට අනුව බෘෘස් කියන්නේ ශක්තිවන්තයා අර්ථය දෙන වචනයක්. හැම අම්මා කෙනෙක්ටම තමන්ගේ දරුවා යෝධයෙක්.

ලීගේ පියා වෘත්තියෙන් චීන ඔපෙරා රංගන ශිල්පියෙක්. ලී පවුල ඇමෙරිකාවට එන්නෙත් ඔහුගේ රංගන කටයුතුවලට. නමුත් 1941 දී නැවතත් ලී පවුල තමන්ගේ නිජබිම වන හොංකොං වෙත සංක්‍රමණය වෙනවා. පියාගෙ මැදිහත් වීමත් එක්ක වයස අවුරුදු තුනේ පටන් ළමා නළුවෙක් විදියට සිනමාවට අවතීර්ණ වෙන්න බෘෘස්ලීට අවස්ථාව ලැබෙනවා.

නව යොවුන් අවධිය කියන්නේ කුණාටු සමයක්. නාහෙට අහන්නැති දඩබ්බර ගති පැවතුම්, රස්තියාදුවට බර ජීවන රටාවන් ටිකෙන් ටික ඇඟට ආරෝපණය වෙන කාලය නිසා බෘෘස් ලීටත් තමන්ගේ ඇඟේ ඇඩ්‍රිනලින් ගමනාගමනය පිට කරන්න ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි ඔහු සටන් කලාව පැත්තට යොමු වෙන්නේ.

ටිප් මන් ගුරුතුමා යටතේ සටන් කලාව ප්‍රගුණ කරන බෘෘස් ලී තමන්ට කරදර කරන පුද්ගලයන්ට පිළිතුරු දෙන්නේ අතින් පයින්. තත්ත්වය එන්න එන්ම දරුණු වන නිසා මවුපියෝ තීරණය කරනවා ඔහු නැවතත් ඇමෙරිකාවට පිටත් කරන්න. ඇමෙරිකාවේදී තරුණ බෘෘස් ලී වොෂින්ටන් විශ්විවිද්‍යාලයෙන්දර්ශනවේදය උපාධියක් ලබාගෙන තමන්ගේ සටන් දැනුම දරුවන්ට බෙදා දෙන්න සටන් කලා පුහුණු පාසල් කිහිපයක්ම ආරම්භ කරනවා.

ගුරුවරයෙක් විදියට නමක් දිනාගන්නා බෘෘස් රංගනයට යොමු වන්නේ ගුරු වෘත්තිය විකුණන් කන්නේ නෑ කියන ප්‍රතිපත්තිය නිසා මුදල් ඉපැයීමේ ක්‍රමයක් විදියට. නමුත් ආරෝහ පරිණාහ බටහිර දේහයන් එක්ක ආසියාතිකයෙක්ට හැරෙන්නවත් බෑ කියලා හංවඩු ගැහුණු නිසා බෘෘස් ලී සිත්තැවුලෙන් ආයෙමත් හොංකොං වෙත එනවා.
මාතෘ භූමියෙන් කෙනෙහිලිකම් වුණාට තමන්ගේ ජානගත දේශය ඔහුව වැලඳගත්තා. හොංකොං සිනමා තිරයට බෘෘස් ලිගේ ජීට් කුන් ඩෝ ප්‍රහාර ප්‍රක්ෂේපණය වන්නේ ජනතාවට සමරන්න අලුත් වීරයෙක් බිහි කරමින්. ඇමෙරිකාවෙන් පල නොකියා පලා බෙදපු බෘෘස් ලිවනැවතත් ඇමෙරිකාවට ගෙන්නන්න වෙන තරමට මුළු ලෝකය පුර තමන්ගේ දෑත් දෙපා විහිදුවන්න ඔහු සමත් වුණා.

බටහිර සිනමාව ඇතුළේ ආසියාතිකයා පෙන්නුම් කළේ දුර්වල මිනිස් කොට්ඨාසයක් විදියට. මේ ක්‍රමය එහෙම් පිටින්ම වෙනස් කරන්න හේතු වුණේ බෘෘස් ලී පියවි ඇසට තබා කැමරාවකටත් ග්‍රහණය කරගන්න බැරි තරමේ වේගවත් ප්‍රහාර එල්ල කරලා ප්‍රතිවාදියා මෙල්ල කරන ඔහුගේ සටන් ශෛලිය ලෝකයේ අනෙක් පැත්ත ගැන හොලිවුඩයට තිබුණු ආකල්පය බිඳ දමන්න හේතු වුණා. එචපදඥප ඕපධඵ ආයතනය මුල්ම වතාවට ආසියාතික සටන් කලා ශිල්පය පාදක කරගත් චිත්‍රපටයකට මුදල් යොදවන්නේ ඒ නිසයි. ඒ චිත්‍රපටය තමයි බෘෘස් ලීගේ අනන්‍යතාව වුණු ඡ්දබඥප බඩඥ ච්පචඨධද. නමුත් ලෝකයේ මෙතෙක් නිර්මාණය වුණු සාර්ථකම සටන් කලා චිත්‍රපටය විදියට හැඳින්වෙන ඡ්දබඥප බඩඥ ච්පචඨධද තිරගත වෙනවා දකින්න බෘෘස්ට ඉඩ ලැබෙන්නේ නෑ.

බෘෘස් ලී මියයන්නේ 1973 වසරේ ජූලි 20 වැනිදා අවුරුදු 32ක් ගත කරලා. වේදනා නාශක බෙහෙතක මාත්‍රාව වැඩිවීමකින් ඇති වූ මොළයේ සංකූලතාවක් නිසා ඔහුගේ මරණය සිදුවුණත් ආසියාතිකයෙක් බටහිර ලෝකයේ ආධිපත්‍යය පතුරුවනවාට අකැමැති බලවතෙක් ඔහුව ඝාතනයකළ බවටත් සැක පළ කරනවා. ඒ කතාව ඇත්ත වෙන්න ඉතා ඉහළ සම්භාවිතාවක් තිබුණට බෘෘස් ලීගේ මරණය අදටත් අබිරහසක්.

"එකම හැඩයකට හැදෙන්න එපා. අනුවර්තනය තුළින් අවස්ථානුකූලව ඔබේම හැඩයක් හදාගන්න. ඒ අනන්‍ය වූ හැඩයට වර්ධනය වෙන්න ඉඩ දෙන්න. ඔබේ මනස හිස් කරලා නිශ්චිත හැඩයකින් තොර වෙන්න. හරියට ජලය වගේ. දැන් ඒ ජලය කෝප්පයකට දාන්න. එතකොට කෝප්පයේ හැඩය ගනීවි. බෝතලයකට දැම්මොත් බෝතලයේ හැඩය ගනීවි. තේ පෝච්චියකට දැම්මොත් තේ පෝච්චියේ හැඩය ගනීවි. ජලයට පුළුවන් ඕනෑම විදියකට ගලන්නත් ඕනෑම විදියකට ඇදහැලෙන්නත්. ජලය සේ ජීවත් වෙන්න මිත්‍රයා. බෘෘස් ලී කියන්නේ ජීවිතය ගැන පාඩම් ගොඩක් කෙටි කාලයකින් කියලා දීපු අමරණීය ශේ්‍රෂ්ඨයෙක්.

ෂෙනාල් ගුණසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon