බස් ගාස්තු ගැන තීරණය ලබන 21දා එළියට

  👤  1158 readers have read this article !
Published by : MB WEB 2018-12-06 15:00:33

ශිරාන් රණසිංහ

ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහත දැමීම ලබන 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණ කර තිබේ.

බස් ගාස්තු පහත හෙළීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම්වල නියෝජිතයන් සමඟ ඊයේ (05දා) පැවැති සාකච්ඡාව සාර්ථකව අවසන් වී ඇත. බස් ගාස්තුවලට බලපාන කරුණු 12ක් සැලකිල්ලට ගෙන බස් ගාස්තු අඩු වීමේ ප්‍රතිශතය ගණනය කළ යුතු බව බස් සංගම් නියෝජිතයන් එහිදී පෙන්වා දී ඇත.

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස පහළ යමින් තිබෙන නිසා තවත් වරක් මෙරට තෙල් මිල ගණන්ද පහත දැමීමට ඉඩ ඇති නිසා ලබන 21 වැනිදා එම තත්ත්වයද සැලකිල්ලට ගැනීමට කොමිසමේ අවධානය යොමුව තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, ලංකා පෞද්ගලික බස් රථ සංගමය, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගම්වල නියෝජිතයන් මේ සාකච්ඡාවට එක් වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon