ස්ථාවර රටක් වෙනුවෙන් මහමැතිවරණයකට යා යුතුයි- ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්

  👤  1360 readers have read this article !
Published by : MB WEB 2018-12-06 13:15:33

මහජනතාවගේ බලයට ඉඩ ලබාදිය යුතු බවත් ස්ථාවර රටක් වෙනුවෙන් මහමැතිවරණයකට යා යුතු බවත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මහතා පවසයි.

තිලකරත්න දිල්ශාන මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (6) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටට සේවය කරන පුද්ගලයන් විදියට ක්‍රීඩකයෙක් ලෙස ජනතාව වෙනුවෙන් කතා කළ යුතුයි. මැතිවරණයකට යා යුතුයි. ස්ථවර රටක් හදන්න මැතිවරණයකට යා යුතුයි. ජනතාවට ගිහිල්ලා ජනතා කැමැත්ත විමසලා, රට ඉදිරියට රැගෙන යා යුතුයි.

මම පක්ෂ භෝදයක් නොමැතිව ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මහජනතාවගේ බලයට ඉඩ දිය යුතුයි. ජනතා කැමැත්ත උරගා බලන ජනතා කැමැත්තට ඉඩ දෙමු. එමෙන් ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, හරි පුද්ගලයන් තෝරාගෙන පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරන කරන්න යැයි තිලක රත්න දිල්ෂාන් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon