මහමොළකරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා හා පූජිත් ජයසුන්දරයි -නාමල් කුමාර

  👤  1613 readers have read this article !
Published by : MB WEB 2018-12-06 13:55:49

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයේ මහ මොළකරුවන් වන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාත්, පොලිස්පති පූජිත් ජයසුන්දරත් යැයි එම ඝාතන කුමන්ත්‍රණය රටට හෙළි කළ නාමල් කුමාර පවසයි.

ඊයේ (05දා) අම්පාර ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදී විශේෂ හෙළිදරව්වක් කරමින් නාමල් කුමාර මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
හෙතෙම මෙසේද පැවැසුවේය,

"මේ අවුරුද්දේ අගෝස්තු 16 වැනිදා වගේ දවසක මම පොලිස්පතිතුමා හමුවන්නට යනවා. එතුමා මට කියනවා කොහොමද නාමල් සතුටුද මේ මගේ කොල්ලෙක්නේ කියලා. නාලක සිල්වා එතනට එනවා සිවිල් ඇඳුමින්. එතුමා මට කියනවා ඔයාට තෑග්ගක් තියෙනවා කියලා. එයා චෙක් දෙකක් අතට ගන්නවා.

"ඒ චෙක් දෙකේම ලක්ෂ දෙකහමාරක මුදලක් සටහන් කරලා තියෙනවා. පොලිස්පතිතුමායි ඒ ලියුම මගේ අතට දෙන්නේ. මාධ්‍යවේදීනුත් ඒ ෆොටෝ ගන්නවා. චෙක්පත් දෙක නැවත ඒ මොහොතේම ඇදලා ගන්නවා මගෙන් පොලිස්පතිතුමා. පොලිස්පතිතුමා මට කියනවා ඊට පස්සේ උඹ කරන්නට සිතාගෙන සිටි දේවල් සියල්ල නවත්තපන් කියලා. නැත්නම් මම නරක මිනිහා කරගන්ඩ එපා කියලා එතුමා මට කියනවා. මම එතකොට හිනා වුණා මිසක් මුකුත් කිව්වේ නැහැ. මොකද එයා නරක මිනිහාද නැද්ද කියලා මම දන්නවා."

"ඒ කරපු තර්ජනය තමයි මට ලැබුණු ලොකුම සතුට. මොකද මම එදා දැනගන්නවා රටේ පොලිස්පතිතුමාත් මේ ක්‍රියාදාමයේ සිටින බවට. පොලිස්පති මට කිව්වේ උඹව භාරදීලා තියෙන්නේ නාලක සිල්වාට. වෙන පොලිස් නිලධාරීන් එක්ක උඹට සබඳකම් පවත්තන්නට බැහැයි කියලා. උඹේ ෆේස්බුක් ගිණුම්වල උඹ ප්‍රචාරය කරන දේවල් වහාම නවත්තන්නට කියලාත් කියනවා. එහෙම කළොත් ඉදිරියේදීත් උඹට සල්ලි ලැබෙයි කියලා."

"ඊට පස්සේ නැවත අර චෙක්පත් දෙක මට ලබාදෙමින් පොලිස්පති කියනවා ඔය චෙක් දෙක තියෙන්නේ නාලක සිල්වාගේ නමට එයාගෙන් සල්ලි ගන්න කියලා. මම ඒ හෙළිදරව්ව කරලා පැය 24ක් යන්නටත් මත්තෙන් පොලිස්පතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියනවා මේ මම හෙළි කළ තොරතුරුවල හඬ පට සැකසහිතයි කියලා.

එතුමා මොකද කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නෙවෙයි මේ විමර්ශන කරන්නට භාර දෙන්නේ. වෙනත් ඒකකයකට." මේවායි ප්‍රශ්න.

"මේ සිද්ධිය යටගහන්න දේශපාලකයෝ විවිධ උපක්‍රම යොදනවා. සරත් ෆොන්සේකාත් කෑ ගහනවා. රනිලුත් කෑ ගහනවා."

"මම අවුරුද්දක් තිස්සේ මේ දේවල් නාලක සිල්වා එක්ක කතා කරලා තිබෙනවා. මට නාලක සිල්වා මහත්තයා කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතියක් තියනවාලු ජනාධිපති ධුරය හිඩැස් වුණොත් ඒ තනතුරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්නලා කෙනෙක්ව නම් කරන්න පුළුවන් කියලා. කවුද ඒතැන ගන්න පුළුවන් කෙනා රනිල් වික්‍රමසිංහ. ඒ නිසා අපි මේ ගේම් එක ගැහුවොත් ගොඩ කියලා.

"මම කිව්වා කෝ මේකට සැලසුමක්. නාලක සිල්වා කියනවා බයවෙන්න එපා අපි ළඟ බඩු ඉන්නවා කියලා. මම අහනවා කවුද ඉ.ජ්. ද කියලා. ඇයි මම එහෙම අහන්නේ? මහනුවර තෙල්දෙණියේ එදා ගැටුම් ඇතිවුණු වෙලාවෙත් මම නාලක සිල්වාගේ එහා පැත්තේ ඉඳගෙන ඉන්නේ, පොලිස් රථයේ.

මේ වෙලාවෙත් සරත් ෆොන්සේකා නාලක සිල්වාත් එක්ක දුරකථනයෙන් කතා කරනවා. මම ඒ සියලු දේවල් අහගෙනයි ඉන්නේ."

"මේ කතාකරපු බොහෝ දේවල් මගේ දුරකථනයේ ගබඩා වෙලා තිබෙනවා. ඒ අතර තිබෙනවා ශ්‍රී ලංකා පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායකව ඒ තනතුරින් අයින් කරන්න කළ සැලසුම්. කොළඹ බස්නාහිර භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු, විශේෂ කාර්ය බළකාය භාර නිලධාරි ලතීෆ් හා සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් යන පුද්ගලයන් ඝාතනය කරන්නට සකස් කරපු සැලසුම්වල හඬපට මම ඒවත් දැන් එකතු කරගෙනයි යන්නේ."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon