ජර්මනියේ මාවතක චොකලට් ගඟක්

  👤  1478 readers have read this article !
Published by : MB WEB 2018-12-14 15:15:06

ළඟ එන නත්තල් උත්සවය වෙනුවෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් තිබූ චොකලට් ටොන් ගණනක්, වර්ල් නගරයේ පිහිටි එම කර්මාන්ත ශාලාවේ දෝෂයක් නිසා ඉවතට ගලාවිත් මහමඟ දිගට උණු චොකලට් ගංගාවක් සේ ගලාගිය පුවතක් පසුගියදා වාර්තා විය.

පවතින ශීත දේශගුණය නිසා චොකලට් ඉක්මනින් ඝනීභවනය වූ අතර, ගිනි නිවන භටයන් 25 දෙනකු පමණ පැමිණ සවල් යොදා චොකලට් තට්ටුව ඉවත් කරන ලදී. චොකලට් ඉවත් කරන ලද නමුත් ඇලෙනසුලු භාවය දිගටම පවතින හෙයින් පරෙස්සමෙන් මාර්ගය භාවිත කරන ලෙස ජනතාවට අවවාද කරනු ලැබ තිබේ. නත්තල් සමයේ එම පෙදෙසේ චොකලට් හිඟයක් ඇතිවීමේ අවදානමක් ද මතුවී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon