ප්‍රාග් නුවර බීම හලක රඟ දෙන රොබෝ වේටර්

  👤  1383 readers have read this article !
Published by : MB WEB 2018-12-20 16:41:07

මධ්‍යතන යුගය දක්වා දිවෙන විශිෂ්ට ගෘහ නිර්මාණ සම්ප්‍රදායකට උරුමකම් කියන චෙකෝස්ලෝවැකියාවේ ප්‍රාග් පුරවරයේ පුනර්ජීවන යුගයට අයත් මහා දෙව් මැඳුරු අතර අභිනවයෙන් ඇරඹූ බීම හලක් තුළ අනාගත යුගයට අයත් අති නවීන රොබෝවකු වේටර්වරයකු ලෙස සේවය කරන බව ඇසීම පවා විස්මය දනවන්නකි. 'සයිබර් ඩෝග්' ලෙස නම් කර ඇති මෙම රොබෝ වේටර්වරයා හට ස්මාර්ට් ෆෝන් ඇප් එකක් මඟින් බීම ඇණවුම් ලබාදීමට පාරිභෝගිකයන්ට හැකිය.

එක් වරකදී බීම බඳුන් 4ක් පිරවීමේ හැකියාව ද රොබෝවා සතුය. බීම පුරවන ලද බඳුන් විශේෂ බන්දේසියක් මත තැබීමෙන් පසු, බීම හලේ සීලිමට සවි කර ඇති පීලී ඔස්සේ අදාළ පාරිභෝගිකයා සිටින මේසය වෙතට යාන්ත්‍රික ක්‍රමයකින් එය ගමන් කරයි.

මෙම හඳුන්වාදීම ජනප්‍රිය රැල්ලක් බවට පත් වුවහොත් අවන් හල් ව්‍යාපාරයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සලකුණු කෙරෙනු ඇති බවත්, ලොව පුරා අවන් හල් හිමිකරුවන් සිය සේවකයන් ලෙස රොබෝවරුන් යොදාගැනීමට නැඹුරු වනු ඇති බවත්, එයින් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් වනු ඇති බවත්, මෙම බීම හලේ හිමිකරු වන මාර්සෙල් සෝලර් පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. තව කලක් ගත වන විට මිනිස් වේටර්වරුන් සේවය කරන අවන් හල් දුලබ වනු ඇතැයි ඔහුගේ අදහසයි.

"බීම ඇණවුම් නොමැති අවස්ථාවල කම්මැළිකම යන්නත් එක්ක පුංචි පහේ නැටුමක යෙදීමේ හැකියාවත් අපේ රොබෝ මිත්‍රයාගේ ක්‍රමලේඛයට (ර්ථීපධඨපචථථඥ) ඇතුළත් කර තිබෙනවා" යනුවෙන් මාර්සෙල් සෝලර් මහතා වැඩි දුරටත් පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon