වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්

  👤  1585 readers have read this article !
Published by : MB WEB 2018-12-24 15:11:41

ඉන්දියාවේ සුපිරි නළු නිළියන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් වැනි ජනප්‍රිය උදවිය පසුගිය වසරක කාලයක් තුළ ඉපයූ ආදායම් ගැන අපූරු වාර්තාවක් පසුගිය දා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මෙම තොරතුරු පළ කර ඇත්තේ 'ෆෝබ්ස් ඉන්ඩියා' (ජ්ධපඡඥඵ ධ්දඤඪච) සඟරාව විසිනුයි. 2017 ඔක්තෝබර් සිට 2018 සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලැබූ 100 දෙනකුගේ ලැයිස්තුවක් මේ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මෙම ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන්නේ ජනප්‍රිය සිනමා නළු සල්මාන් ඛාන්. එම කාලය තුළ ඔහුගේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 253ක්. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 630කට කිට්ටුයි. සල්මාන් චිත්‍රපටවල රඟපෑමෙන්, චිත්‍රපට නිෂ්පාදනය කිරීමෙන්, රූපවාහිනි වැඩසටහන් මෙහෙයවීමෙන් සහ වෙළෙ¼ද දැන්වීම්වල පෙනී සිටීමෙන් උපයන ලද ආදායම් මෙයට ඇතුළත්. මේ කියන කාලය තුළ ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වුණා. ඒ සමහර චිත්‍රපටවල නිෂ්පාදකයා වුණෙත් ඔහුමයි. මෙයට අමතරව සල්මාන් විසින් මෙහෙයවනු ලබන රූපවාහිනි රියැලිටි වැඩසටහන්ද කිහිපයක්ම තිබෙනවා. 'බිග් බොස්' සහ '10 කා ඩුම්' (10 ඬච ච්භථ) ඒ අතරින් විශේෂයි. මේවායින් ඔහු විශාල ආදායමක් උපයන බව රහසක් නොවෙයි. 52 හැවිරිදි සල්මාන් පිට පිට තුන් වතාවක්ම මෙම 'ෆෝබ්ස් ඉන්ඩියා' ලැයිස්තුවේ අංක 1ට පැමිණීම තවත් විශේෂත්වයක්. ඔහුගේ 'දබාංග් 3' සහ 'භාරත්'' යන චිත්‍රපට 2019 වසරේ තිරගත වීමට නියමිතයි.

ඉහළම ආදායම් ඉපැයූ අයගේ ලැයිස්තුවේ දෙවෙනි තැන සිටින්නේ ක්‍රිකට් තරුවක්. ඒ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි. ඔහුගේ ආදායම ලෙස සටහන් වන්නේ ඉන්දියානු රුපියල් කෝටි 228ක් (ලංකා රුපියල් කෝටි 570) ක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙන්ම වෙළඳ දැන්වීම්වලින්ද උපයන ලද ආදායම් මෙයට ඇතුළත්. කෝලි ට පහළින් ඊළඟට සිටින්නේ ආක්ෂේ කුමාර්. ඔහු ඉහත කී වසර තුළ උපයා ඇති ආදායම ඉ.රුපියල් කෝටි 185 ක් (ලංකා රුපියල් කෝටි 460 ක්) ලෙස සටහන් වෙනවා. පසුගිය දිනවල ආක්ෂේ රඟපෑ 'ටොයිලට්' සහ 'පෑඩ්මෑන්' වැනි චිත්‍රපට ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වුණා.

'ෆෝබ්ස් ඉන්ඩියා' ආදායම් ලැයිස්තුවේ සිවු වෙනි තැන සිටින්නේ තවත් විශේෂ පුද්ගලයෙක්. ඒ පසුගිය දා විවාහ දිවියට ඇතුළත් වුණු දීපිකා පදුකෝන්. මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින කාන්තාව වන්නේ ද දීපිකා යි. ඇගේ ආදායම ඉ.රුපියල් කෝටි 113 ක් (ලංකා රුපියල් කෝටි 282ක්) ලෙසයි සඳහන් වන්නේ. ඇය රඟ පෑ 'පද්මාවත්' චිත්‍රපටය පසුගිය දිනවල බෙහෙවින් කතාබහට ලක් වුණු බව රහසක් නොවෙයි. දීපිකා ඇයගේ සැමියා වන රන්වීර් සිං ටත් වඩා මුදල් උපයන කෙනකු බවයි පෙනෙන්නේ. ඉහත කී ආදායම් ලැයිස්තුවේ රන්වීර් සිටින්නේ 8 වැනි ස්ථානයේයි. ඔහුගේ ආදායම ඉ.රුපියල් කෝටි 85ක් (ලංකා රුපියල් කෝටි 212ක්) පමණයි.

දීපිකා 4 වෙනි ස්ථානය දිනා ගනිද්දී සුපිරි ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්. දෝනි පවා සිටින්නේ ඇයට පිටුපසින්. දෝනි 5 වැනි ස්ථානයට පත්ව සිටින අතර ඔහුගේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 102 ක් (ලංකා රුපියල් කෝටි 255 ක්) ලෙස සටහන් වෙනවා. 6 වැනි සහ 7 වැනි ස්ථානවලට පත්ව සිටින්නේ පිළිවෙළින් ආමීර් ඛාන් සහ අමිතාබ් බච්චන් දෙදෙනායි. ආමීර්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 98 ක් (ලංකා රුපියල් කෝටි 245 ක්) ලෙසත්, අමිතාබ්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 96ක් (ලංකා රුපියල් කෝටි 240 ක්) ලෙසත් වාර්තා වෙනවා. 8 වැනි, 9 වෙනි සහ 10 වැනි ස්ථානවලට පත්ව සිටින්නේ රන්වීර් සිං, සචින් තෙන්දුල්කාර් සහ අජේ දේව්ගන් යන තිදෙනායි. ඉහත වසර සඳහා සචින්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 80 (ලංකා රුපියල් කෝටි 200)ක්. අජේ දේව්ගන් ඉ.රුපියල් කෝටි 75ක (ලංකා රුපියල් කෝටි 188ක) ආදායමක් උපයා ඇති බව සඳහන්. මෙම ලැයිස්තුවේ උඩින්ම සිටින 10 දෙනා තමයි ඒ.

11 වෙනි තැන සිටින්නේ ජනප්‍රිය සංගීතඥ ඒ.ආර්.රහුමාන්. ඔහුගේ ආදායම ලෙස වාර්තා වන්නේ ඉන්දියානු රුපියල් කෝටි 67ක්. ලංකා මුදලින් රුපියල් කෝටි 167 කට ආසන්නයි. ඉන්දියාවේ සුපිරිම නළුවෙකු වන ෂාරුක් ඛාන් මෙම වසරේ ආදායම අතින් තරමක් පහළිනුයි සිටින්නේ. ඔහුට හිමිව ඇත්තේ 13 වැනි ස්ථානයයි. ඔහුගේ ආදායම ඉ.රුපියල් කෝටි 56ක් පමණයි. එය ලංකා මුදලින් රුපියල් කෝටි 140යි. මීට කලින් වසරේ නම් ෂාරුක් සිටියේ 2 වැනි ස්ථානයේයි. පසුගිය සතියේ විවාහ වූ ප්‍රියංකා චොප්රා ද මෙවර ලැයිස්තුවේ තරමක් පහළිනුයි සිටින්නේ. ඇයගේ ආදායම ඉ.රුපියල් කෝටි 18ක් (ලංකා රුපියල් කෝටි 45ක්) පමණයි. මෙවර ඇය සිටින්නේ 49 වැනි තැනයි. කලින් වසරේ ප්‍රියංකා 7 වැනි ස්ථානයට පත්වීමට සමත්ව තිබුණා. ෂාරුක් මෙන්ම ප්‍රියංකා ද රඟ පෑ චිත්‍රපට ආදිය අඩු වීම ඔවුන් ආදායම් ලැයිස්තුවේ පහතට වැටීමට හේතු ලෙස සැලකෙනවා.

සනත් වික්‍රමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon