නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

පළාත් සභා සීමා නිර්ණයට මහජන අදහස් නොවැම්බර් 02 දා තෙක්  

2017-10-17 14:18:43

පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය සඳහා මහජන අදහස් නොවැම්බර් 02 දක්වා ලබා ගැනීමට පළාත් සභා සීමා නිර්ණය කමිටුව තීරණය කොට තිබේ.

ලබන ජනවාරියේ සිට ජාතික පාසල්වල ගුරුවරුන් තවත් නව දහසකට මාරුවීම්  

2017-10-17 13:06:38

ජාතික පාසල් ගුරුවරුන් තවත් නවදහසක් ලබන ජනවාරි මාසයේදී මාරු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට  

2017-10-17 10:14:52

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයතව දුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතටගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නාමල්ට ඇප  

2017-10-16 12:39:29

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවැරීමට එරෙහිව පැවැති විරෝධතාවක් මඟින් අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම මත පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩි.වී.චානක ඇතුළු 8 දෙනෙකුට ඇප ලබා දී තිබේ.

ගංවතුරට මුහුණ දෙන්න හමුදාව සීරුවෙන්  

2017-10-16 11:21:21

මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයටත්, නාය යෑම්වලටත් මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා 'මව්බිම'ට පැවැසීය.

ශ්‍රී ලංකාව යුද අපරාධ කළේ නෑ  

2017-10-16 10:02:43

ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකාවාසීන් වෙතත් එසේම ඔවුන්ගේ නායකයන් වෙතත් එල්ලවන යුද අපරාධ තර්ජන හා විදෙස් විනිසුරන්ගේ අඳුරු සෙවණැලි ඉවත් කිරීම බටහිර රටවල වගකීම බවත් විශේෂයෙන්ම මේ සඳහා ඇමෙරිකාව හා එංගලන්තය ක්‍රියාත්මක විය යුතු බවත් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වී තිබේ.

රවි සහ අර්ජුනගේ දිවුරුම් ප්‍රකාශ පට්ට බොරු බව කොමිසමට හෙළිවෙයි  

2017-10-14 13:42:01

වර්ෂ 2015 මාර්තු මාසයේ 28 වැනිදා අපේ රටේ ඇති රාජ්‍ය බැංකු තුනෙහිම ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට කැඳවූ එවකට මුදල් ඇමැති රවි කරුණානායක අපූරු නියෝගයක් දුන්නේය.

ජනාධිපති උතුරේ: ඉඊජ් භටයන් 1,000ක් සීරුවෙන්  

2017-10-14 12:18:11

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උතුරේ සංචාරයට සමගාමීව උතුරු අර්ධද්වීපයට පොලිස් නිලධාරීන්ට අමතරව, දහසක පොලිස් විශේෂ කාර්ය බළකා බළඇණියක් සීරුවෙන් තැබීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

අධිකරණ ඇමැතිනී දිවයිනෙන් පිටත්ව යයි  

2017-10-14 11:31:35

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන 137 වන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප‍්‍රධාන සැසිවාරයට සහභාගිවීම සඳහා අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය දිවයිනෙන් පිටත්ව ගියාය.

කොටහේනේ වාහන ගමනාගමනය සීමා කෙරේ  

2017-10-13 14:23:24

කොටහේන පොලිස් වසමේ වාසල පාර හන්දියේ සිට පරමානන්ද පන්සල අසල දක්වා අලුතින් ජලනල හේතුවෙන් අද (13) පස්වරු 9.00 සිට 16දා උදෑසන 5.00දක්වා වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ 133 වැනි ජන්ම දිනය අද  

2017-10-13 10:10:16

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රී මතාණන්ගේ 133 වැනි ජන්ම දිනය අද (13දා)යි.

දුම්රිය සීසන් එකෙන් ලංගමේ යන්නත් අවස්ථාව සැලසෙයි  

2017-10-12 17:05:19

දුම්රිය බලපත් හිමි සියලුම මගීන් වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමනාගමනයට පහසුකම් සලසා ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි. 

ලෝක ප්‍රමිති දිනයට ජාතික තත්ත්ව සතියක්  

2017-10-12 14:11:11

ලබන 14දාට ලෝක ප්‍රමිති දිනය යෙදේ. ඒ සම්බන්ධයෙන් මේ වන විට ජාතික තත්ත්ව සතියක් නම්කර තිබේ. එම සතිය අවසන් වන්නේ මේ මස 15 වැනිදා බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන පවසයි.

රාජ්‍ය සේවකයන් 5 දෙනකුගෙන් එක් අයකුට මානසික ආතතිය  

2017-10-12 10:06:23

රාජ්‍ය සේවකයන් පස් දෙනකුගෙන් එක් අයකුට මානසික ආතතිය ඇති බව හෙළි වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

කැළණිය සරසවිය 16 වන දා යළි ඇරෙයි  

2017-10-11 15:09:38

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පසුගිය දා තාවකාලිකව වසා දැමුණු කැළණිය විශ්වවිද්‍යාලය ලබන 16 වන දා යළි විවෘත කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්