නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

මීතොටමුල්ල කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා  👤1512

2017-04-28 14:10:35

නැවත නායයෑමක් ඇති නොවන ආකාරයට මීතොටමුල්ල කසළ කන්ද ඉදිරි මාස හය හත තුළ පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට  👤1683

2017-04-28 13:03:40

ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවා සැපයීම හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වන්නා වූ සේවාවන් පවත්වා ගැනීම සඳහා වන අතිගරු ජනධිපතිතුමා විසින් නිකුත් කළ ප්‍රකාශය අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය අද සහ හෙට  👤2119

2017-04-28 10:12:38

ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය අද (28දා) සහ හෙට (29දා) උදේ 9.30ට මහරගම යොවුන් රඟහලේ පිහිටි විශේෂ යොවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වේ.

හෙට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට විශේෂ රැස්වීමක්  👤768

2017-04-27 15:06:06

අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (28) පෙ.ව. 9.30ට පාරිලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහලේකම් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රටේ ප්‍රධාන කාරණා 10කට අදාළව ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹෙනවා  👤1294

2017-04-27 10:07:46

සමාජ, ආර්ථික, වෙළහෙළදාම්, සංස්කෘතිය ඇතුළු රටේ ප්‍රධාන අංශ දහයක් පිළිබඳ ඉන්දියාව සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට නියමිත බවත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණෙන්නේ කිසිදු ගිවිසුමකට අස්සන් තැබීමට නොව ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීම සඳහා පමණක් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අගමැති රනිල්ගේ නිල සාකච්ඡා අද ඇරඹේ  👤1503

2017-04-26 12:08:34

ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) දින පස්වරුවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් නවදිල්ලි නුවරට ළඟා විය.

2025 වන විට පවුල් ලක්ෂ 25කට නිවාස දෙනවා  👤1604

2017-04-26 11:10:07

මේ වන විට රටතුළ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍ර‍ශ්නයෙන් පීඩා විදින බවත්, මෙම පීඩාවිදින පවුල් ලක්ෂ 25ට ම  2025 වසර වන විට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍ර‍ධාන අරමුණක් වන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒකාබද්ධයේ තවත් සෙට් එකක් ලබන සතියේ සංවිධායක ධුරවලින් ‍දොට්ට?  👤2369

2017-04-26 09:18:42

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් පිරිසක් ලබන සතියේදී එම සංවිධායක ධුරවලින් ඉවත් කිරීම සඳහා තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජී. එස්. පී. ප්ලස් අහිමි වීමේ ලකුණු  👤2014

2017-04-25 10:20:17

ජී. එස්. පී. ප්ලස් බදු සහන ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි කණ්ඩායමක් විසින් යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමඟ එය නොලැබීමේ අවදානමක් පවතින බැවින් ඒ හා පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පෙරේදා සවස බෙල්ජියමය බලා පිටත්ව ගොස් ඇත.

මැලේරියා රෝගයෙන් රට නිඳහස් වුණාට තර්ජනය තවම තිබෙනවා  👤965

2017-04-24 13:55:40

මැලේරියා රෝගයෙන් රට නිඳහස් වුණාට තර්ජනය තවම තිබෙනවා. මැලේරියා රෝගියෙක් ප්‍රතිෂ්ඨාපනය වීම වළක්වාගැනීමට රජය විශාල වශයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රනිල් බදාදා ඉන්දියාවට  👤1321

2017-04-24 11:03:23

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන බදාදා (26දා) එක්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ආසියා පැසිපික් තරුණ පාරිලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කලාපීය සමුළුව කොළඹදී  👤1105

2017-04-23 14:02:47

ආසියා පැසිපික් කලාපයේ තරුණ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය සමුළුව අප්‍රේල් මස 25 සහ 26 දිනවල කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ලෝක බැංකුවේ ඇගයීමට  👤1321

2017-04-23 12:04:57

මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්, නුවරදි  පැවැත්වෙන  ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය විශේෂ ඇගයීමකට ලක්වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

ජනපතිට ඔත්තුවක්  👤1970

2017-04-23 10:48:30

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ තීරු බදුවලින් නිදහස් සාප්පු සංකීර්ණයේ මත්පැන් අලෙවි සල වසා දමා යන්නට කටයුතු සැලැසුණේ කොහොමද? වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී නමින් වූ මෙය ස්විට්සර්ලන්තයේ ආයතනයකි.

එජාපය ජාතික සේවක සංගමය ශක්තිමත් කරන්න යයි  👤1791

2017-04-23 09:16:55

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීම් දෙකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිතිය ජාතික සේවක සංගමය ද ශක්තිමත් කිරීමට යයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්