ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට සැරසේ
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා ප්රාකාරයක් බැඳීමට අරමුදල් සම්පාදනය කිරිමට සැලසුම් කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා ප්රාකාරයක් බැඳීමට අරමුදල් සම්පාදනය කිරිමට සැලසුම් කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.
ජෝකුයින් ගුස්මාන් හෙවත් එල් චැපෝ (මිට්ටා) නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන කුප්‍රකට මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා නිව්යෝක් නුවර ෆෙඩරල් අධිකරණය ඉදිරියේ පැවති තෙමස් නඩු විභාගය අවසානයේ සියලු චෝ්දනාවන්ට වරදකරු වී ඇත. බන්ධනාගාරයෙන් පලායෑම, බිහිසුණු මනුෂ්‍ය ඝාතන, හෙරොයින් හා කොකේන් බෙදාහැරීම, මුදල් විශුද්ධිකරණය, නීති විරෝධී අවි ආයුධ පරිහරණය, 13 වියැති බාල වයස්කාර දැරියන් දූෂණය කිරීම හා දේශපාලකයන්ට කෝටි ගණනින් මුදල් අල්ලස් දීම ඔහුට නඟා තිබූ චෝදනාවන් අතර විය.
ඉන්දියාවේ නව දිල්ලි නුවර හෝටලයක අද (12) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපදයේ අනුබලය ලබන කුර්දිවරුන් ප්රමුඛ සිරියානු හමුදාවන්, ISIS සටන්කාමීන් සිරියාවෙන් පලවාහැරීමේ අවසන් සටනට එළැඹ සිටින බව වාර්තා වේ. ඒ අනුව එම සටන්කාමීන් මේ වනතුරු ගැවසෙමින් සිටින නැඟෙනහිර පෙදෙසේ වර්ග කිලෝමීටර් 4ක පමණ ඩෙයිර් අස් සෝර් පළාතේ සිටි 20,000කට අධික සිවිල් වැසියන් ඉන් ඉවත් කරනු ලැබ ඇත.
අරාබි අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ පළමු පාප් වහන්සේ බවට පත් වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණ සිටිති.
බ්‍රසීලයේ යපස් පතලක වේල්ලක් බිඳීයාම හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ. සිද්ධියෙන් 300 කට ආසන්න පිරිසක් අතුරුදන් වූ අතර ඔවුන් සොයා මුදවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.
යුරෝපා සංගමයෙන් ඉවත්වීම (බේරක්සිට්)
වෙනිසුවෙලාවේ විපක්ෂ නායක හුවාන් ගයිදෝ ට රටින් පිටවීම තහනම් කිරීමටත්, ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවීමටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
කන් සහ දත් ලබා ගැනීම සඳහා දරුවන් 6 දෙනෙකු ඝාතනය කර ඇතැයි ටැන්සානියාවේ ජොම්බේ (Njombe) දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව එහි බලධාරීහු පවසති.
බ්‍රසීලයේ යපස් පතළක් බිඳීයාම හේතුවෙන් අතුරුදන් වූ 300 කට ආසන්න පිරිසක් සොයමින් සහන කණ්ඩායම් වෙහෙසෙති. ගිණිකොණදිග බ්‍රසීලයේ සිදුවූ මෙම ඛේදවාචකය නිසා 9 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර තිබෙන අතරම අතුරුදන්වූ පිරිස ජීවතුන් අතර සිටියදී සොයාගැනීමට තිබෙන අවස්ථාව ඉතාමත් අල්ප බව බලධාරීහු කියති.
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු සෙනෙට් සාමාජිකාවක වන කමලා හැරිස් 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. ජනාධිපති ධූර අපේක්ෂකත්වයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින 8 වැන්නා ඇයයි.
ඉන්දුනීසියාවේ සුම්බාවා දූපත් ආශ්රිත ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.
පකිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙක් මිය ගොස් ඇත.
ක්රිමියාව ආසන්නයේ ක්‍රෙච් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ගිනි ගැනීම හේතුවෙන් මියගිය 10 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇත.
ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයන් දෙදෙනකු ඇතුළුව 11 දෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කරයි.