නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

නුවරඑළිය වසන්ත සමය උණුසුම් කරන්නට 500ක් බැඩ්මින්ටන් සටන් බිමට  👤808

2017-04-27 13:24:58

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ඇතිව නුවරඑළිය නගර සභාවේ සහයෝගයෙන් මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරනු ලබන නුවරඑළිය වසන්ත සමයේ වාර්ෂික බැඩ්මින්ටන් ශූරතාවලිය අප්‍රේල් 29දා සිට මැයි 4 වැනිදා දක්වා නුවරඑළිය නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

නිලූක, සචින් හා බුවනෙක ප්‍රධාන තරග වටයට පිවිසෙති  👤1237

2017-04-26 13:02:59

මේ දිනවල චීනයේදී පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලූක කරුණාරත්න මෙන්ම පිරිමි යුගල තරගාවලියට සහභාගි වී සිටින සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක යන තිදෙනා ඔවුන් තරග වැදුණු "ඩී" හා "බී" කාණ්ඩයේ පෙරමුණ ගනිමින් ප්‍රධාන තරග වටයට පිවිසීමට සමත්ව සිටී.

ජූලි 31 දාට පෙර එන්.ඕ.සී නිලවරණය පවත්වන්න  👤1391

2017-04-25 12:03:59

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී) නිලවරණය ලබන ජූලි මස 31දාට පෙර පැවැත්විය යුතු යැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) විසින් ශ්‍රී ලංකාවට දන්වන ලදැයි වාර්තා වේ. ජාතික ඔලිම්පික් කමිටුවේ සංශෝධිත නව ව්‍යවස්ථාවට අනුව එම නිලවරණය පැවැත්විය යුතු අතර ජාතික ඔලිම්පික් කමිටුවේ සංශෝධිත නව ව්‍යවස්ථා කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මාසයේදී එන්.ඕ.සී. ය විසින් අයි.ඕ.සී.ය වෙත යවන ලදී.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ඇමැතිගෙන් රෙඩ් කාඩ්  👤795

2017-04-24 16:22:21

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනමකට ලක්කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් තීරණය කරන ලද අතර ඊට අදාළ ගැසට් නිවේදනයද පසුගිය සිකුරාදා (20දා) නිකුත් කළේය.

ශුරයින්ගේ කුසලානයට සටන් වදින්න යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න  👤1565

2017-04-24 12:35:27

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පවත්වනු ලබන 2017 ශුරයින්ගේ කුසලානය (Champions Trophy) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නාම ලේඛනය, ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය විසින් අද(24) මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2017  👤1392

2017-04-24 08:29:44

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය 2017 වසර වෙනුවෙන් සංවිධානය කළ කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදීම අනීතා සහ නිපුන් නව තරග වාර්තා දෙකක් බිහි කරද්දී, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ එම්.බී. අස්මිකා හේරත් ක්‍රීඩිකාව අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කරමින් ලබන ජුලි මස කෙන්යාවේදී පැවැත්වෙන අවුරුදු 18න් පහළ ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත්වීම කැපීපෙනෙන සිදුවීමක් විය.

ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලියට යුද්ධ හමුදා ක්‍රීඩකයින් 4ක් සුදුසුකම් ලබයි  👤1127

2017-04-23 13:24:40

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

රිටක් අතට ගෙන හෙටක් ගැන හිතන අනීතා  👤272

2017-04-22 15:27:26

රිටක් අරගෙන රටක් ජයගත්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ මෙරට මලල ක්‍රීඩාවේ අතීතය තුළ අසා ඇතත් තමන් බිහිකළ වාර්තා කිහිපවරක්ම බිඳ දමමින් නව ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කියූ ක්‍රීඩිකාවක් ගැන මින් පෙර අසා නැති තරම්ය.

ලංකාව අද පැරදුණොත් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට  👤1647

2017-04-21 14:09:51

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන සිවුවැනි එක්දින ක්‍රිකට් තරගය අද (21දා) හෝබාට්හිදී පැවැත්වීමට නියමිතය.

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය  👤1959

2017-04-21 08:30:57

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගවලදී මහනුවර කණ්ඩායම ලකුණු 106කින් පරාජය කිරීමට කොළඹ කණ්ඩායම සමත් වෙද්දී ගාල්ල කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජය කිරීමට දඹුල්ලට හැකිවිය. ඒ අනුව තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබන්නට කොළඹ හා දඹුල්ල කණ්ඩායම් සමත් විය.

අමාත්‍යාංශයෙන් දුන් රුපියල් මිලියනයක් ජල ක්‍රීඩා සංගම් තටාකයේ ගිලෙයි  👤1079

2017-04-20 17:45:39

2015 වසරේදී තායිලන්තයේදී පැවැති 8 වැනි ආසියානු වයස් සීමා පිහිනුම් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ගුවන් ටිකට් පත් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන් ලක්‍ෂ 10කට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ වන තෙක් ජාතික ජල ක්‍රීඩා සංගමය විසින් එම තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙත ලබා දී නොමැති බව "මව්බිම"ට වාර්තා වේ.

ගේල් T20 ලකුණු 10,000 පසු කරයි  👤1788

2017-04-20 11:14:26

"සක්වළ ලොක්කා" ලෙස තමා විසින්ම හඳුන්වා ගන්නා බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක වමත් පිතිකරු ක්‍රිස් ගේල් ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට අදාළව පෙරේදා පැවැති තරගයකදී විස්සයි -20 ක්‍රිකට් කරළියේ ලකුණු 10,000 සම්පූර්ණ කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් විය.

3 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය නදීට  👤1107

2017-04-19 15:19:50

මැයි 6 වැනිදා සිට 13 වැනිදා දක්වා දකුණු කොරියාවේ ජියොන්ජුහිදී පැවැත්වීමට නියමිත 3වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නදී ප්‍රනාන්දුට හිමිව ඇත.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය  👤1844

2017-04-19 08:17:41

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 102කින් ජයගත් ඕස්ට්‍රේලියානු යෞවනයන් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

මාතර ශාන්ත තෝමස් සහ පානදුර ශාන්ත ජෝන් අවසන් තරගයට  👤1102

2017-04-18 11:39:08

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සමත් විය.
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මාතර රාහුල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සමත් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්