නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විද්‍යා හා තාක්ෂණ

විද්‍යාඥයන් පිරිසක් කාබන්ඩයොක්සයිඩ්වලින් ඉන්ධන සාදයි  👤1815

2017-04-27 16:37:14

2016 වසරේ ඔක්තෝබර් මාසයේදී අපූරු සොයාගැනීමක් සිදුකෙරිලා තිබෙනවා. කාබන්ඩයොක්සයිඩ් (ඛ්ර්ණී2) වායුවෙන් මෙතේන් නිෂ්පාදනය කිරීමට කළ පර්යේෂණයක් අතරතුර අහම්බයකින් එතනෝල් ලැබීම. එතනෝල් යනු ඉන්ධනයක්. එනම් මේ රසායනික ක්‍රියාවලිය උපයෝගී කරගෙන පහසුවෙන්ම ඉන්ධන නිෂ්පාදනය කිරීමට හැකි බවයි.

පාපැදියෙන් යන ගමන් පිළිකා රෝගයට පිළියමක්  👤1177

2017-04-26 14:40:12

දිගුකල් ජීවත්වීමට අවශ්‍යද? පිළිකා වැලඳීමේ අවදානම හෝ හෘද රෝග අඩුකර ගැනීමට මේ රෝග වැලඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා පාපැදි භාවිත කරන මෙන් විද්‍යාඥයෝ නිර්දේශ කරති. පිළිකා සහ හෘද රෝග වැලඳීමේ අවදානම අඩකින් අවම කිරීම හා පාපැදි භාවිත කිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයෝ පුළුල් අධ්‍යයනයක යෙදී තිබෙති.

ගම්පොළ ‍දොළුව තරුණයකුගෙන් කසළ ප්‍රතිචක්‍රියකරණ යන්ත්‍රයක්  👤1444

2017-04-25 15:07:37

නාගරික සීමාවලින් මහා පරිමාණ ලෙස ඉවත ලන කැළිකසළ රැස් කර ප්‍රතිචක්‍රියකරණය කළ හැකි හයිඩේ‍රාලික් තාක්ෂණයෙන් ක්‍රියාත්මක ජංගම යන්ත්‍රයක් ගම්පොළ ‍ෙදාළුව ප්‍රදේශයේ තරුණයකු විසින් නිර්මාණය කර තිබේ.

උතුරු කොරියාව සතු මිසයිල මොනවාද?  👤1255

2017-04-24 15:14:59

උතුරු කොරියාව පසුගියදා ප්යොංයැං නුවරදී පැවැත්වූ දැවැන්ත හමුදා සංදර්ශනයත් සමග එරට සතු මිසයිල ශක්තිය පිළිබඳව පුළුල් කතාබහක් යළි මතුවෙමින් පවතී.

ටච් ස්ක්‍රීන් ළමා වර්ධනයට බලපානවාද?  👤853

2017-04-22 12:19:44

ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිගණක සමඟ වැඩි කාලයක් ගත කරන කුඩා දරුවන් එවැනි උපාංග භාවිතයක් නොමැති දරුවන්ට වඩා අඩු නින්දක් ලබන බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

යතුරු පුවරුවක් නොමැතිව ටයිප් කළ හැකි Tap පටිය  👤1517

2017-04-20 16:04:21

ඔබ පන්ති කාමරයක, දේශන ශාලාවක නැති නම් කාර්යාලයේ වැදගත් රැස්වීමක සිටින මොහොතක දුරකතනය අතට ගෙන කෙටි පණිවිඩයක් යැවීම ඔබව අපහසුතාවට පත් කරන අවස්ථාවක් විය හැකියි. එහෙම නැති නම් ඔබට ඔබගේ මිතුරකුට e-mail පණිවිඩයක් යැවීමට අවශ්‍ය නමුත් යතුරු පුවරුවක් ළඟපාත නැති විය හැකියි. එවැනි අවස්ථාවල ඔබගේ අපහසුතාව මඟහරවා ගැනීමට ඕනෑම මතුපිටක් යතුරු පුවරුවක් බවට පත් කර ගැනීමට හැකි උපාංගයක් ඔබ ළඟ තිබුණොත් කොතරම් අපූරුද? මේ අපූරු උපාංගය "Tap" නමින් හඳුන්වනවා. එය Bluetooth තාක්ෂණය මඟින් ක්‍රියා කරන අතේ ඇඟිලිවලට පැලඳිය හැකි අපූරු උපාංගයක්.

අත්ලාන්තික් පතුලේ සැඟවුණු ටයිටැනික් නැව සියැසින් දැක ගන්න  👤2451

2017-04-19 14:23:01

මීට හරියටම වසර 20කට පෙර, එනම් 1997දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්‍ෂණය කෙරුණු ටයිටැනික් චිත්‍රපටය තිරගත වුණා. ටයිටැනික් නැවේ ව්‍යසනය පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ කතාව ජැක් සහ රෝස් නම් පරස්පර සමාජ මට්ටම් දෙකක ආදරවන්තයන් යුවළකගේ ඛේදාන්තය හරහා ගොඩනැඟුණා. ලොව පුරා ඩොලර් බිලියනයක් ඉක්මවමින් බොක්ස් ඔෆිස් ආදායමක් ලබන්නට සමත් වූ ලොව ප්‍රථම චිත්‍රපටය වූ ටයිටැනික් ජනප්‍රිය වීමට එම අනුවේදනීය කල්පිත ආදර කතාව මෙන්ම වසර 1912දී තම මංගල ගමනේදී සැබැවින්ම දියබත් වූ ටයිටැනික් පිළිබඳ පුරාවෘත්තයද එක සමානව දායක වුණා. ටයිටැනික් නොබලපු කෙනකු මෙම මිහිමත සොයා ගැනීම අපහසු බැවින් පාඨක ඔබට වුවද මතක ඇති, එම චිත්‍රපටයේ යම් ජවනිකා කිහිපයකට දියබත්වී තිබෙන ටයිටැනික් නැවේ සැබෑ දර්ශන කැමරාවට හසු කරගෙන තිබුණා.

ටච් ස්ක්‍රීන් ළමා වර්ධනයට බලපානවාද?  👤1323

2017-04-17 17:39:36

ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිගණක සමග වැඩි කාලයක් ගත කරන කුඩා දරුවන් එවැනි උපාංග භාවිතයක් නොමැති දරුවන්ට වඩා අඩු නින්දක් ලබන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

හතර අතේම එකවර ඡායාරූප ලබා ගත හැකි කැමරා බෝලයක්  👤453

2017-04-16 08:16:38

කැමරා තොගයක්ම එකම බෝලයක ඇති මෙය හඳුන්වන්නේ Panoramic Ball ලෙසයි. මෙහි මෙගාපික්සල් 108ක් ඇත. ඡායාරූපය ගන්න අවශ්‍ය ස්ථානයට පිවිස මෙය උඩ දැමූ පසු ස්වයංක්‍රියව කැමරා සියල්ල ක්‍රියාත්මක වී අදාළ ඡායාරූපය නිර්මාණය කර දෙයි.

Google එකෙන් Jacket එකක්  👤1587

2017-04-13 09:18:12

Fiber තාක්‍ෂණය උපයෝගී කරගනිමින් Google සමාගම නවතම Jacket එකක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ.

අවුරුදු නැකැත් බලන්න අලුත් ඇප් එකක්  👤642

2017-04-12 16:12:27

සිංහල අලුත් අවුරුදු නැකැත් පහසුවෙන්ම ජංගම දුරකතනයෙන් බලමු. සිංහල අලුත් අවුරුදු උදාවීමට එතරම් කාලයක් නැත. මේ මාසයේ ඔබට දුරකතනයට දාගන්න වටිනම ඇප් එකක් තමයි මේ හඳුන්වා දෙන්නේ.

ෆෝන් ගනිද්දි ප්‍රවේශමෙන්!  👤2883

2017-04-07 08:02:11

පාවිච්චි කරපු ජංගම දුරකතනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහොමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකතනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකතනය හොඳ තත්ත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම කලින් ඔබ මිලදී ගන්නා මුදලයි වැදගත් වෙන්නේ.

ලොව ප්‍රථම Auto driving රේස් කාරය  👤1457

2017-04-05 16:22:29

මේ රොබෝ කාර්හි නිමැවුම් විකාශනය ආරම්භ වුයේ 2016 වසරේ දී Kinetik සමාගම මගින් නිපදවන රොබෝ කාර් වල චැසිය Tron - Legacy, Oblivion යන හොලිවුඩ් චිත්‍රපටවල වාහන සැලසුම් නිර්මාණය කළ ඩැනියල් සයිමන් විසිනුයි.

ඔබේ නිවෙස වෙතටම පැමිණෙන දුම්රිය  👤1598

2017-04-03 15:05:56

විසිඑක් වැනි ශත වර්ෂයේ ඉඩකඩම්, දේපළ වෙළෙදාමේදී ගැනුම්කරුවන් සැලකිලිමත් වන ප්‍රධානතම කාරණය වන්නේ මගී ප්‍රවාහන පහසුකමයි. ප්‍රධාන පාරට ළඟම බස් නැවතුම්පළ පෙනෙන, දුම්රියපොළට පයින් යන ආදී වශයෙන් අගයමින් අතොරක් නැතුව වෙළෙ¼දාම කරන බිම් කට්ටි නිරන්තරයෙන්ම ඔබේ ඇසෙත් ගැටෙනවා ඇති. බෞද්ධ දර්ශනයේ පැවැසෙන පරිදි ආසාවන්ට නිමක් නැති හෙයින්, දැන් දැන් මහජනතාව මගී ප්‍රවාහන පහසුකම් ළඟ තම නිවෙස තනා ගත් ආසාව, එය තම නිවෙසට ගෙන්වා ගැනීම දක්වා ප්‍රතිස්ථාපනය කරගෙන ඇති බවට හොඳම උදාහරණය වර්තමාන චීනයේ ගිනිකොන පිහිටි චොන්ග්කින් නගරය සැලකිය හැකියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්