ලංකාවේ ක්රිකට් දූෂකයින්ගේ නම් හෙළිකරන අයි.සී.සී.යේ මාෂල්ගේ වාර්තාව අද එළියට !
ශ්රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතු වල නිරතවූ ඇලෙක්ස් මාෂල් ප්රමුඛ අයි.සී.සී. දූෂණ චමර්දන ඒකකයේ අවසන් වාර්තාව අද (19දා) හෝ හෙට නිකුත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය වසරක පමණ කාලසීමාවකට අදාළව සිදුකරන ලද විමර්ශණ කටයුතුවලදී ලද නිරීක්ෂණයන්ට අනුව ගත් නිගමනයන්ගෙන් මෙකී වාර්තාව සකස් කරන ලදැයි දැනගන්නට ඇති අතර, මෙරට ක්රිකට් ක්ෂේත්රයේ නමක් දිනා සිටින දැවැන්තයින් කිහිප දෙනෙකුද ක්රිකට් තරග පාවාදීම් ඇතුළු දූෂණ කටයුතුවලට සම්බන්ධ වූ අයුරු මෙමඟින් හෙළිදරව් වනු ඇතැයිද පැවැසේ.