නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට පළඳවයි  

2018-05-31 14:02:59

අදට (31) යෙදී ඇති ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ප්‍රථම වරට බඩඉරිඟු සඳහා සහතික මිලක්  

2018-05-31 12:32:07

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව විධිමත් කිරීමට හා බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබාදීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.

කොටිකාවත්ත කසළ අංගණයෙන් ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට බාධා  

2018-05-31 11:28:53

මුල්ලේරියාව - ඉරෝෂණ මුදලිගේ


කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි කොටිකාවත්ත කසළ අංගණය වර්තමානය වනවිට කොටිකාවත්ත නගරවාසීන්ට මෙන්ම නගරයට සංක්‍රමණය වන ජනතාවගේද සෞඛ්‍යයට වින කරන්නක් වී තිබේ.

ගංවතුරට අපවිත්‍ර වු පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය  

2018-05-31 11:06:00

පසුගිය දින කිහිපය පුරාවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ  ගංවතුර තත්ත්වය අඩුවීමත් සමග, ජල මුලාශ්‍ර හා ළිං වලට අපද්‍රව්‍ය එකතුවීමෙන් පානීය ජල ගැටළුවකට ජනතාව මුහුණපාමින් සිටී. 

රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් පුහුණුව සඳහා බදවා ගැනේ  

2018-05-31 11:02:07

වයස අවුරුදු 45ට අඩු රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් බඳවාගෙන පුහුණු කිරීමට රජය තීරණය කර ඇත.

විදුලිය සියයට 60ක් ජලවිදුලි බලාගාරවලින්...  

2018-05-31 10:12:18

කඳුකර ප්‍රදේශයට පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව නිසා කාසල්රී සහ මාවුස්සාකැලේ විදුලි බලාගාර ජලාශ පිරීගොස් ඇති නිසා මේ දිනවල රටට අවශ්‍ය විදුලියෙන් සියයට 60%ක් ජල විදුලි බලාගාර මඟින් නිපදවීමට හැකි වී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

මහවැලි ගඟේ වැලි ගොඩදාන්න 6දා සිට පුළුවන්  

2018-05-30 16:24:18

ජුනි 6 වැනිදා සිට මහවැලි ගඟේ වැලි ගොඩදැමීමට තිබූ තහනම ඉවත් කොට වැලිගොඩ දැමීමේ අවසරපත් නැවත ලබා දෙන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති මහාචාර්ය අසේල ඉද්දවෙල මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට නිකුත් කෙරේ  

2018-05-30 13:02:26

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට (31) ප්‍රකාශයට පත් කෙරේ.

සමෘද්ධි කොඩිය අගමැතිට පළදවයි  

2018-05-30 12:40:07

ජාත්‍යන්තර දුම්වැටි සහ මත්ද්‍රව්‍ය විරෝධි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමෘද්ධි කොඩි පැළදවීම අද ( 30) දින අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

ජාතික පාසල්වල විදුහපති පුරප්පාඩු පිරවීමට පියවර  

2018-05-30 10:51:20

සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන්ට අවස්ථාව ලබාදී ඔවුන් අධ්‍යාපන පද්ධතියට එකතුකර ගැනීමට අවධානය යොමු කරමින් පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පති තනතුරු ගැසට් කර බඳවාගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා පිළිගැනීමේ උත්සවය අද  

2018-05-30 09:17:12

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයෙන් පිදුම් ලද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පිළිගැනීමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පැමිණීමේ පර්යන්තයේ දී අද (30) පෙරවරු 9.45 ට පැවැත්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ජනපති සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 38 වන දම් සභාව ජනපති සහභාගිත්වයෙන් පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේදී  

2018-05-29 15:28:55

ජනපති සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ අධි පොසොන් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද(29) පෙරවරුවේ කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය  

2018-05-29 13:38:37

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් නාවික හමුදා භාරයට ගෙන ඇත.

සාකච්ඡා අසාර්ථකයි දුම්රියේ 12,000ක් අද-හෙට වැඩ නෑ  

2018-05-29 10:10:13

උපතිස්ස පෙරේරා

දුම්රිය සේවයේ ශේ‍ර්ණි 4කට 12.1%ක වැටුප් වැඩි කිරීමට එරෙහිව දුම්රිය තාක්ෂණික වෘත්තීය සමිති...කමිටුව අද (29දා) පස්වරු 4.00ට ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊයේ (28දා) සවස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වූ නිසා පැය 48ක වැඩ වර්ජනයක් අද පස්වරු 4.00ට ආරම්භ කරන බවට එම වෘත්තීය සමිති කමිටුවේ ලේකම් අමල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

අගමැති කිලිනොච්චිය ලුම්බිණි විහාරයේ ආගමික වතාවත්වල නිරත වෙයි  

2018-05-29 09:22:30

කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) දින පෙරවරුවේ කිලිනොච්චිය ලුම්බිණි විහාරයට ගොස් එහි ආගමික වතාවත්වල නිරත විය.

විහාරාධිපති පූජ්‍ය ඉංගිරියේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ හමුවීමෙන් අනතුරුව ආශිර්වාද ලබාගැනීම ද සිදු විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon