නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

අති දීප්තිමත් විශාල හඳක් අද  

2018-01-01 09:36:36

වෙනත් පොහෝ දිනට දිස්වන ආකාරයට වඩා සියයට 14ක විශාලත්වයකින් චන්ද්‍රයා දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද උදාවේ.දුරුතු පොහොය යෙදී තිබෙන අද දිනයේදී චන්ද්‍රයා සියයට 30ක දීප්තියකින් දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා 'මව්බිම'ට කීය.

මිහිසරු සම්මාන ප‍්‍රදානෝත්සවය 2017 ජනපති ප‍්‍රධානත්වයෙන්  

2017-12-29 14:18:12

"මිහිසරු සම්මාන ප‍්‍රදානෝත්සවය 2017" ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

2018 පළමු පාසල් වාරය ජනවාරි දෙක ඇරඹේ  

2017-12-29 11:20:05

2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි 02 දා ආරම්භ වේ. පාසල් 58 ක් පමණක් විභාග ඇගයීම් කටයුතු වෙනුවෙන් ජනවාරි 13 දක්වා වසා තැබේ.

A/L නැවත සමීක්ෂණයට ජනවාරි 15ට කලින් අයැදුම්කරන්න  

2017-12-29 10:54:29

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයැදුම් කළ හැකි අවසාන දිනය 2018 ජනවාරි 15 වැනිදා බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පවසයි.

බැඳුම්කර වාර්තාව 31දා නොදුන්නොත් දේශපාලන අත පෙවීම ඔප්පු වෙනවා  

2017-12-28 13:26:16

ලබන (31දා) ඉදිරිපත් කිරීමට නියමිත බැඳුම්කර කොමිසමේ වාර්තාව යම් හෙයකින් ඉදිරිපත් නොවුණහොත් ඊට දේශපාලන අතගැසීමක් පවතින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

ඉස්කෝල පටන් ගන්න කලින් ඩෙංගු මර්දන ශ්‍රමදාන  

2017-12-28 11:12:17

නව වර්ෂයේ පළමු වැනි පාසල් වාරය 2018 ජනවාරි 02 වැනිදා ආරම්භ වීමට පෙර පාසල් පරිශ්‍රවල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

උසස් පෙළ ප්‍රතිඵල අද පාන්දරින්ම  

2017-12-28 10:03:36

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28දා) පාන්දර නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත ප්‍රකාශ කරයි.මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ ඹඹඹ.ඤධදඥබඵ.තඬ යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද හෙතෙම දැනුම් දෙයි.

A/L ප්‍රතිඵල හෙට  

2017-12-27 13:47:45

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2017 විභාගයේ ප්‍රතිඵල හෙට (28දා) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කරයි.

රට පුරා අද තැපැල් විරෝධතා  

2017-12-27 11:15:20

තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීමේ පටිපාටිය විධිමත් කරන බවට බලධාරීන් කිහිප අවස්ථාවකදීම ලබාදුන් පොරොන්දු දිගින් දිගටම කඩකිරීම නිසා අද (27දා) දිවයින පුරා ප්‍රධාන නගරවල විරෝධතා පවත්වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු කේ.ආර්. වර්ණකුලසූරිය මහතා පැවැසීය.

මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්  

2017-12-23 12:19:15

වසර 2019 දී මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද යන ප්‍රදේශවල මෙගාවොට් 10ක සූර්ය බලශක්ති උද්‍යාන දෙකක විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහබැංකුවේ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා වාර්තාවේ සඳහන් වෙයි.

කාබන්ඩයොක්සයිඩ් මිහිතලයට මුසුවීමෙන් බරපතළ කාලගුණික විපර්යාසයක්  

2017-12-23 11:06:26

සොබාදහමට දරාගත නොහැකි කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මිහිතලයට මුසු වීම නිසා ඉතා බරපතළ කාලගුණික විපර්යාසයක් සිදුවී ඇති බවත් ඒ අනුව අකාල වැසි, ගංවතුර, මුහුදු මට්ටම ඉහළ යෑම වැනි බරපතළ පාරිසරික අර්බුද රැසක් නිර්මාණය වී එහි ගොදුරු බවට මුළු මිහිතලයත් වැසියනුත් පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පවසති.

ගත වූ මාස 12 තුළ ඩෙංගු බවට සැක රෝගීන් 180939ක්  

2017-12-23 10:37:22

2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 180939 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

9 දෙනකුගේ දූත පිරිසක් සඳුදා රුසියාවට  

2017-12-22 14:28:19

රුසියන් රජයෙන් තාවකාලිකව මෙරටට පනවා තිබෙන තේ ආනයනය කිරීමේ තහනම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාමාජිකයන් 09 දෙනකුගෙන් සමන්විත මෙරට දූත පිරිස සඳුදා (25දා) රුසියාව බලා පිටත්ව යෑමට නියමිතය.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්  

2017-12-22 11:06:07

2018 - පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (22)න් අවසන්වීමට නියමිතව ඇති අතර ඒ අනුව අද පස්වරු 4.30 ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්වරුන්ට භාර දිය යුතු වේ.

අද සිට බදුල්ලට විශේෂ දුම්රියක්   

2017-12-22 10:36:31

එළැඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22) සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියයක් ධාවනයට යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon