නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

නව අධ්‍යක්ෂ ජනමාධ්‍ය මෙන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශක රාජකාරි අරඹයි  

2017-12-21 17:32:59

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනමාධ්‍ය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කොළඹ 04 පිහිටි යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල කාර්යාලයේ දී රාජකාරීන් භාරගනු ලැබීය.

A/L ප්‍රතිඵල ලබන 28දා  

2017-12-21 15:12:36

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2017 විභාගයේ ප්‍රතිඵල ලබන බ්‍රහස්පතින්දා (28දා) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි.

ජනවාරි 1 වැනිදා සිට විනිසුරු වැටුප වැඩිවෙයි  

2017-12-21 14:36:20

එළැඹෙන ජනවාරි පළමුවැනිදා සිට සියලුම විනිසුරුවරුන්ගේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසන්නීය.

දකුණට-ගිනිකොනට තද වැසි  

2017-12-21 12:28:41

දිවයින ආසන්නයේ පවතින කැලඹිලි සහිත ස්වභාවය හේතුවෙන් දකුණු සහ ගිනිකොන දෙසින් වන ගැඹුරු මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70-80ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුළු රටේම ආරක්ෂාව තරවෙයි  

2017-12-21 11:13:23

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ අවසන් දිනය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වන අද (21දා) දින දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාවක් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

බොහෝ පළාත්වලට වැසි  

2017-12-20 12:48:13

දිවයින හරහා ඊසාන දිග මෝසම් ත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ බොහෝ පලාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙද පීඨයට මුල්ගල් තැබීම අද  

2017-12-20 11:27:48

හෙද නිලධාරීන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් සංඛ්‍යාත්මක වශයෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාවට එකතු කිරිම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉදිකෙරෙන විශේෂ හෙද පීඨයට අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් මුල්ගල තැබීම සිදු කරනු ලබයි.

මේ වසරේ සුනාමියක් නෑ  

2017-12-19 14:31:17

මේ වසර තුළ ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇති නොවන බවට විද්‍යාඥ ලලිත් ඉන්දික විජයවර්ධන මහතා පවසයි.

නිල ඇඳුම් වවුචර් දරුවන්ට නොදුන්නොත් දැඩි විනය පියවර  

2017-12-18 10:05:44

පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකොට ඒ වෙනුවට රෙදි ලබාදීම හෝ වෙනත් මැදිහත් වීම් සිදුකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

එජාප ප්‍රචාරක කටයුතු ජනවාරියේ  

2017-12-16 13:37:07

• එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රචාරක කටයුතු ජනවාරි මස දෙවැනි සතියේ ඇරැඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සිරිකොත මූලස්ථානය කටයුතු කොට ඇත.

ව්‍යාජ වෛද්‍යවරුන් සෙවීමට පොලිස් සහාය  

2017-12-16 11:09:18

දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000 පමණ සිටින බවට විවිධ අංශ විසින් තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා වී ඇති අතර එවැනි නීති වීරෝධි වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ සහයෝගය ලබාගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

ආවේණික කුරුල්ලන් පිළිබඳ සමරු මුද්දර පෙළක්  

2017-12-16 10:23:12

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර හතරක් අද (16) තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ දියසරු තෙත් බිම් උද්‍යානයේ දී සිදු කෙරේ.

වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා  

2017-12-15 17:49:43

වෛද්‍ය නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමට පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන්ට තවත් මසක සහන කාලයක් ලබාදී ඇති බැවින් අදාළ කාලසීමාව තුළ ලියාපදිංචි නොවන සියලු වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න අවධාරණය කරයි.

"යාපනය ආහාර සැණකෙලිය" අද සිට  

2017-12-15 12:02:24

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'යාපනය ආහාර සැණකෙලිය - 2017' අද (15) සිට 17 දා දක්වා යාපනය කොටුව ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතව ඇත.

යොවුන් පෙරමුණෙන් ළමා නිවාස දරු දැරියන්ට අද නත්තල් සාදයක්  

2017-12-15 11:22:38

ජාතික යොවුන් පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ ළමා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon