අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු ඊයේ(30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු ඊයේ(30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයයේ වැඩ බාර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
නව කැබිනට් අමාත්‍ය වරු 12 දෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු (29) දින ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදි දිවුරුම් දුන්හ.
නීති විරෝධී ලෙස හා ව්‍යවස්ථා විරෝධී ලෙස උත්තරීතර පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කරමින් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවට විරෝධය දැක්වීම සඳහා අද (30දා) දහවල් 12ට දිවයිනේ දස දෙසින් 50,000කට අධික ජනතාවක් කොළඹ ලිප්ටන් වට රවුමට කැඳවා 'යුක්තියේ ජනහඬ' උද්ඝෝෂණය ප්‍රජාතන්ත්‍රවාදීව, අවිහිංසාවාදීව හා නීතිගරුකව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුව කල් තැබීමත් සමඟ දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙසට කළ බලපෑම් සහ ඉල්ලීම් මත අද (30දා) පෙ.ව. 11.00ට පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
ජාතික වප් මඟුල් උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේ දී පැවැත්වුණු අතර ඊට එක්වීමට පෙර ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිස්සමහාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
නව රජය යටතේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපතිතුමා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ හා කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබේ.
ඉෂාරා සිල්වා
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම අද (29දා) පෙරවරු 10.00ට කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරේ.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.
පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන මස (නොවැම්බර්) 16 වැනිදා නැවත රැස්වීමට නියමිතය.
මහින්දගේ පාක්ෂිකයින් සතුට සමරයි