නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

ඇෆ්ගනිස්ථානයේ ‘Save the Children’ ආයතනයට ප්‍රහාරයක්  

2018-01-25 12:07:57

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් (Jalalabad) හි පිහිටි සේව් ද චිල්ඩර්න් (Save the Children) රාජ්‍ය නොවන ආයතනය ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරවා හැරීමෙන් පසුව ප්‍රහාරකයන් එම ගොඩනැඟිල්ල තුළට රිංගා ඇති බව ඇෆ්ගනිස්ථාන් බලධාරීහු කියති.

"ඇමරිකා ෆස්ට්" තීරුබදු ආසියාවට බලපාවිද?  

2018-01-24 12:47:54

ආනයනික රෙදි සේදුම් යන්ත්‍ර සහ සූර්ය කෝෂ සම්බන්ධයෙන් වන මතභේදයට තුඩු දී ඇති තීරුබදු සඳහා ඇමරිකාවේ අනුමැතිය හිමිව තිබේ.

උතුරු කොරියාවේ Moranbong girl සංගීත කණ්ඩායම ඇතුළුව 140 දෙනකුගේ දූත පිරිසක් දකුණු කොරියාවේ සංචාරයක  

2018-01-23 17:26:37

ලබන මාසයේ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත ශීත ඔලිම්පික් තරගයේ සංස්කෘතික අංග සඳහා සුදුසු ස්ථාන තෝරා ගැනීම සඳහා උතුරු කොරියානු නියෝජිතයෝ කණ්ඩායමක් දකුණු කොරියාවේ දෙදින සංචාරයක නිරත වෙති.

‘Women’s March’ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව උද්ඝෝෂණයේ  

2018-01-22 12:27:33

ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව සිය පළමුවැනි විරෝධතාව පැවැත්වූ 'Women's March' කණ්ඩායම ජනාධිපතිවරයාගේ ධුර කාලයට වසරක් සපිරෙද්දී ඇමෙරිකාවේ සහ ලොව වටා කාන්තාවන් ලක්‍ෂ ගණනක් විරෝධතාවට කැඳවීමට සමත්ව ඇත. ඇමෙරිකාව පුරා මෙන්ම යුරෝපීය, ආසියානු සහ අප්‍රිකානු රටවලද මෙවැනි විරෝධතා සංවිධානය කර ඇත. නිව්යෝර්ක් නගරයේ පැවැති උද්ඝෝෂණයට ලක්‍ෂයක් පමණ සහභාගි වූ අතර ලොස් ඇන්ජලීස් හි පැවැති උද්ඝෝෂණයට ලක්‍ෂ තුනක් පමණ සහභාගි වූ බව සඳහන් වේ.

දැරියක් දූෂණය කොට ඝාතනය කිරීම පාකිස්තානය කළඹයි  

2018-01-12 11:28:57

දරුවන් ඝාතනය කිරීමේ "අපරාධ රැල්ලක්" මුල්කර ගනිමින් පාකිස්තානයේ කසුර් නගරයේ හටගත් කැරලි කෝලාහලවලදී උද්ඝෝෂණකයන් දෙදෙනෙකු මරුමුවට පත්විය.

කැළිෆෝනියාවේ ස්වභාවික ව්‍යසනය: දිවි බේරාගත් අය සොයා මෙහෙයුම්  

2018-01-11 13:15:25

අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ "ඉණවටක්" මඩ මධ්‍යයේ දකුණු කැළිෆෝනියාවේ අවම වශයෙන් 15ක් මියගොස් ඇති බව බලධාරීහු පවසති.

ඉන්දීය සිනමා ශාලාවන්හි ජාතික ගීය අනිවාර්ය නැහැ  

2018-01-10 14:06:21

සිනමා ශාලාවන්හි සෑම චිත්‍රපට ප්‍රදර්ශනයකට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවට පනවා තිබුණ නියෝගයක් අවලංගු කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් - තිදෙනෙකුට තුවාල  

2018-01-08 13:22:32

මියන්මාර ආණ්ඩුවට එරෙහිව දිගටම සටන් වදින බව එරට සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලි කණ්ඩායමක් පවසයි.

නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක්  

2018-01-07 13:24:06

නව විකුණුම් බද්දක් හඳුන්වා දී දින කිහිපයක් ගත වීම සහ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඒ වෙනුවෙන් රජයේ සේවකයන් වෙත මුදල් ගෙවීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත.

රාජකීය විවාහ මගුලක් නිසා යාචකයන්ට තහනමක්?  

2018-01-06 13:48:11

හැරී කුමරුගේ හා මේගන් මර්කල් කුමරියගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත වින්ඩ්සර් මාලිගය පිහිටි ප්‍රදේශයේ "ආවේගශීලී සිඟමන් යැදීම තහනම් කිරීමේ" යෝජනාවක් පිළිබඳව බ්‍රිතාන්‍යය තුළ සංවාදයක් මතුව පවතී.

ඔස්ට්‍රේලියාවෙන් ලෝක වෙළෙඳපොළට ගංජා  

2018-01-05 13:45:54

ඖෂධමය ගංජා අපනයනය කරනු ලබන ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමේ අභිලාෂයක් ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි.

ට්‍රම්ප්ගෙන් කිම් ජොන් වාග් සංග්‍රාමය;   

2018-01-04 13:17:42

වඩාත්ම බලගතු හා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ශක්තිය ඈත්තේ තමාට බව අමෙර්කානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

දිළිඳු දරුවන් වෙනුවෙන් දරුවන් වැඩෙන විට   

2018-01-03 13:22:06

කුඩා දරුවන් ඉතා ඉක්මනින් වැඩෙන බැවින් දෙමාපියන්ට නිරන්තරයෙන් ඔවුන් සඳහා අලුතෙන් පාවහන් මිලදී ගැනීමට සිදු වේ.

ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ:  

2018-01-02 14:08:05

ඉරානයේ රාත්‍රිය පුරා පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ දස දෙනෙකු මරණයට පත්ව ඇතැයි එරට රජයේ රූපවාහිනිය පවසයි.

දිය මත ගොඩ බසින යානයක් ගඟෙහි ගිලෙයි  

2018-01-01 14:16:28

දිය මත ගොඩ බෑ හැකි ගුවන් යානයක් (seaplane) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරුදෙසින් කිලෝමීටර 50 ක් දුරින් පිහිටි ගඟකට කඩා වැටී හය දෙනකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon