නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

දුමින්දගේ අභියාචනයේ තීන්දුව අද  

2018-10-11 06:50:56

මෑත යුගයේ වඩාත්ම ආන්දෝලනාත්මක නඩු තීන්දුව බවට පත් වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුවට අභියෝග කරමින් දුමින්ද සිල්වා ඇතුළු සිවු දෙනා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම් විභාගයේ තීන්දුව අද (11දා) එය විභාග කළ පංච පුද්ගල විශේෂ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සිංගිමලේ දුම්රිය උමං මඟේ වැහිළිහිණි කූඩු කැඩීමේ මහා පරිමාණ ජාවාරමක්  

2018-10-10 14:07:05

හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැඳ තිබෙන වැහිළිහිණි කූඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි සංචාරක හෝටල්වලට අලෙවි කිරීමේ ජාවාරම කරගෙන යන බවට ප්‍රදේශවාසීහු හෙළි කරති.

යුද හමුදාවේ මෙහෙවරට වසර 69 යි  

2018-10-10 13:24:52

දේශයේ ආරක්‍ෂකයා ලෙසින් අද්විතීය ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතාදුෂ්කරතා මධ්‍යයේ කැපකිරීමෙන් යුක්තව අත්පත් කරගත් සාමය සහ ජාතික ආරක්‍ෂාව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඕනෑම කාර්යයක් ඉටු කිරීමට මෙන්ම මාතෘ භූමියේ ඇතිවියහැකි ඕනෑම කැරලිකාරී තත්ත්වයක් මඟහරවා ගනීමින් ජාතියේ ආරක්‍ෂාව තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඉතා සුදානමින් යුක්තව ක්‍රියා කරන බවත් 69 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නිකුත් කරන ලද පණිවිඩයේ සඳහන් කර ඇත.

ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට  

2018-10-10 13:15:21

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාම් තත්ත්වයන්ට මුහුණ දී ඇති ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ.

ජනපතිත් යළි දිවයිනට  

2018-10-10 12:58:58

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස 'ෂී ෂෙල්ස්' රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් අද (10) යළි දි දිවයිනට පැමිණියහ.

නාරාහේන්පිට පාරක් ගිලා බසී  

2018-10-10 11:30:34

නාරාහේන්පිට, කිරුල පාරේ, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව තිබේ.

‘තිත්ත සීනි’- පාසල් ළමුන්ගේ සීනි භාවිතය අවම කිරීමට කෙටි චිත්‍රපට තරඟයක්  

2018-10-10 09:25:30

පාසල් ළමුන්ගේ සීනි භාවිතයේ අහිතකර බලපෑම අවම කිරීමට ඒ පිළිබඳව දනුවත් කිරීමට වීඩියෝ කෙටි චිත්‍රපට තරඟයක් සංවිධානය කර ඇත.

ලූනු වගාව වැස්සට කුණු වෙයි  

2018-10-10 09:19:12

පවතින වර්ෂාවත් සමඟ මෙවරත් දඹුල්ල, ගලේවල, සීගිරිය, හබරණ, නාඋල ආදී ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව කුණු වී විනාශ වී ගොස් ඇතැයි ගොවීහු පවසති.

අනුරාධපුරට බොන වතුර දෙන තිසා වැව් තාවල්ලේ ළඟදීම කුණු කන්දක්  

2018-10-10 08:00:41

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ පිහිටි පණ්ඩුලගම හන්දියෙන් දකුණට හැරී තිසාවැව දෙසට කිලෝමීටර් එකහමාරක් පමණ ගිය පසු තිසා වැවට ඉහළින් වූ වම්පසින් හමුවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නුවරගම රක්ෂිත වනයට අවිධිමත් අන්දමින් කැළිකසළ බැහැර කර තිබෙන අයුරු දක්නට ලැබේ.

මාතලේට රුපියල් මිලියන 44ක වගා හානියක්  

2018-10-10 07:48:23

මාතලේ දිස්ත්‍රික්කයේ 2017/18 මහ කන්නයේ වගා හානිය රුපියල් මිලියන 44.7ක් බව වාර්තාවේ.

මල්දෙණිය රෝහල පාර හොඳටම අබලන් වෙලා  

2018-10-10 06:40:54

මල්දෙණිය දිසා රෝහලට පිවිසෙන මාර්ගය දැඩි ලෙස අබලන්ව තිබේ. කොත්මලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි මල්දෙණිය නුගතොට මාර්ගය මෙලෙස දැඩි ලෙස අබලන්ව ඇත්තේ දැනට වසර කිහිපයක සිටය.

සියලු ජාතික පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර  

2018-10-09 14:02:31

සියලු ජාතික පාසල්වල ගුරු හිඟය පියවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදා දායකත්වය   

2018-10-09 13:07:28

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට දකුණු සහ බස්නාහිර පළාත් සඳහා සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී. ඒ අනුව මේ වන විට ඩිංගි යාත්‍රා 07 ක් සහ හදිසි මුදවාගැනීමේ යාත්‍රා (Emergency Rescue Boat) 02 ක් සහිත නාවික සහන කණ්ඩායම් 10 ක් පසුගිය දිනවල අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර, නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් සිය මෙහෙයුම් මේ වන විට ආරම්භ කො‍ට ඇත.

රුවන්දෙණිය තට්ටු නිවාසවලට මැස්සන්ගෙන් තර්ජන-අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සම්බන්ධීකරණයේදී කියයි  

2018-10-09 11:36:00

අරණායක සාමසර අවතැන් වූවන් නැවත පදිංචි කර සිටින රුවන්දෙණිය තට්ටු නිවාස සියල්ලේම මැස්සන් බෝ වීමේ තර්ජනයක් මේ වන විට පැතිර ගොස් තිබෙනවා. ඒ ආසන්නයේ සුදුසු නැති පරිසරයකට කුණු බැහැර කිරීම නිසා මේ ආකාරයට මැස්සන් බෝ වන්නේ යැයි අරණායක මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගැමුණු වික්‍රමසිංහ මහතා ඊයේ (08දා) අරණායක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවැසීය.

වසාදමා ඇති කටුපොත දළුපොතගම විදුහලේ ගොඩනැඟිලි විනාශයට  

2018-10-09 08:40:31

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් කටුපොත දළුපොතගම ප්‍රාථමික විද්‍යාලය වසා දමා තිබීම නිසා රුපියල් ලක්‍ෂ ගණනක් වැයකර ඉදිකර ඇති ගොඩනැඟිලි සහ අක්කර 3ක භූමිභාගයක් අද වන විට විනාශයට යමින් පවතී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon