නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙයි  

2018-07-10 14:43:11

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ. සී. අලවතුවල මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ආණ්ඩු කරණයට ස්ථාවරභාවයක් මැතිවරණ ක්‍රමයෙන් ලබාදිය යුතුයි- නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන  

2018-07-06 12:38:29

දේශපාලන පක්ෂවල පටු වුවමනාකම් බලන්නේ නැතිව, පැරණි දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්නැයි විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

"වැව් දහසක්‍- ගම් දහසක්" ජාතික වැඩසටහන ජූලි 12 දින ජනපති සුරතින් ඇර‍ඹේ  

2018-07-05 15:09:04

වැව් ආශ්‍රිත ගම්මාන දහසක් සංවර්ධනය කිරිම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සැලසුම් කොට ඇති "වැව් දහසක්‍ - ගම් දහසක්" ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජූලි මස 12 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්- හම්බන්තොට නැව් නැති වරායක් නැව් එන වරායක් බවට පත් කළා  

2018-07-05 11:56:02

හම්බන්තොට නැව් නැති වරායක් අප නැව් එන වරායක් බවට පත් කළා.හම්බන්තොට ඉදිරියේ දියුණු වරායක් බවට පත් වේවී යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගම්පෙරළියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය  

2018-07-05 11:38:55

රුපියල් මිලියන 65,811ක වියදමින් සිදු කිරීමට යෝජිත 'ගම්පෙරළිය' ග්‍රාමීය සංවර්ධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්   

2018-07-05 10:10:46

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පත් කර තිබේ.

පාසල් නොඑන ලෙස සිසුන්ට හා ගුරුවරුන්ට බලපෑම් කළ නිලධාරීන් එරෙහිව පියවර  

2018-07-04 15:53:28

පසුගිය වසර 24 පුරා දේශපාලන පළිගැනීම්වලට ලක් වූ නිලධාරීන්ට සහන ලබා දීමට එරෙහිව ඊනියා වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ වැඩ වර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ගෙන ඒමට අවශ්‍ය නෑ- අග්‍රාමාත්‍ය  

2018-07-04 13:54:37

තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය මුණගැසීමෙන් අනතුරුව අදාළ තීරණය ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පක්ෂ නායක රැස්වීමක් සිකුරාදා  

2018-07-04 13:10:02

පළාත් සභා මැතිවරණ ක්‍රම සංශෝධන පනත පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ලබන සිකුරාදා (06දා) පැවැත්වීමට කටයුතු කර ඇත.

පාර්ලිමේන්තුව හෙට දක්වා කල්දමයි  

2018-07-03 14:53:57

පාර්ලිමේන්තුව හෙට (4) දක්වා කල්දැමීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කළේ ය.

ඒකාබද්ධයේ විශේෂ රැස්වීම් 2ක් අද ශ්‍රී ලනිප 16ත් යති  

2018-07-02 13:38:19

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීම් දෙකක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) දින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතයි.

ශෝක යෝජනා විවාදයට  

2018-06-22 12:28:59

හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල් කාදර්, රේණුකා හේරත්, මල්ලිකා රත්වත්තෙ යන මහත්ම මහත්මීන් පිළිබඳ වූ ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

දිවීයා මරාදැමීම පිළිබඳ පරීක්ෂණයක්  

2018-06-22 11:18:55

කිලිනොච්චිය ප්‍රදේශයේ ගම්මානයට කඩාවැදුණු දිවියෙකු මරා දැමීම සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් සිදු කරන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

බුද්ධිය පතිරණ ඇමැති ධුරයේ වැඩබාර ගනී  

2018-06-21 13:52:17

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නාරහේන්පිට පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩබාර ගැනීම අද (21) සිදුවිය.

බුද්ධික පතිරණ නියෝජ්ය අමාත්යධුරයේ දිවුරුම් දෙයි  

2018-06-19 18:26:23

පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්ය අමාත්යවරයා ලෙස ජනපති ඉදිරියේ මීට සුළුමොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon