නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

වසාදමා ඇති කටුපොත දළුපොතගම විදුහලේ ගොඩනැඟිලි විනාශයට  

2018-10-09 08:40:31

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් කටුපොත දළුපොතගම ප්‍රාථමික විද්‍යාලය වසා දමා තිබීම නිසා රුපියල් ලක්‍ෂ ගණනක් වැයකර ඉදිකර ඇති ගොඩනැඟිලි සහ අක්කර 3ක භූමිභාගයක් අද වන විට විනාශයට යමින් පවතී.

විශ්ව තැපැල් දිනය නිමිත්තෙන්ශ්‍ රී ලංකාවේ උසම තැන තැපැල් පෙට්ටියක් තබයි  

2018-10-09 07:53:13

අදට (09දා) යෙදෙන විශ්ව තැපැල් දිනය නිමිත්තෙන් පසුගිය 6දා ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳු මුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මිලක් නැතුව ගලේවෙල ගොවීහු තක්කාලි කොටු අත්හරිති සෝස් නිෂ්පාදන කතා බොරු-ගොවීන්ගෙන් චෝ්දනා  

2018-10-09 07:21:44

ගලේවෙල ප්‍රදේශයේ තක්කාලි වගා කර ඇති ගොවීහු මේ දිනවල සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්වී සිටිති. ඒ බව කොතරම්ද යත් ඇතැම් ගොවීහු සිය තක්කාලි වගා කර ඇති බිම් අතහැර දමා ඇති අයුරු දැක ගත හැකිය. එසේම ඉදුණු තක්කාලි ගස්වලම කුණුවෙමින් පවතින අයුරු පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක යෙදුණු අපට දකින්නට ලැබිණි.

මැණික් පතල් බලපත්‍ර නිකුත් කිරීමේ කඩිනම් ක්‍රමවේදයෙන් කුඩා ව්‍යාපාරිකයා අමාරුවේ  

2018-10-09 06:02:55

ඉඩම් අයිතිය නිසි තහවුරුවකින් තොරව එක එල්ලේම පෞද්ගලික ඉඩම්වල මැණික් ගැරීම සඳහා බලපත්‍ර ලබාදීමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය ගෙන ඇති තීරණයක් නිසා මැණික් ඉඩම් හිමි සුළු මැණික් පතල් හිමියන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් මෙම තත්ත්වය නිසා තම අයිතිය අහෝසි වූ මැණික් පතල් හිමියෝ පවසති.

ලෝක දෘෂ්ඨි දිනයට සමගාමීව ජාතික අක්ෂි රෝහල මහජනතාව දැනුවත් කරයි  

2018-10-08 17:17:43

ලෝක දෘෂ්ඨි දිනය (11) දිනය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලවක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන හෙට (9) දින සිට 11 දින දක්වා ක්‍රියාත්මක කරයි.

ධීවර ප්‍රජාවට අවධානයෙන් පසුවන්න- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  

2018-10-08 15:10:16

මන්නාරම සිට පුත්තලම, කොළඹ,ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ලේ ආපදා තත්ත්වය විමසයි- විශේෂ ආපදා කමිටුව රැස්වෙයි  

2018-10-08 14:46:24

ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, වර්ෂාව හේතුවෙන් ආපදාවට පත්ව ඇති ප්‍රදේශවල නිරීක්ෂණයක නිරත විය.

මතුගම නගරයට එන දරුවෝ 12,000ක් අනතුරේ  

2018-10-08 13:17:17

අධ්‍යාපන කටයුතු සඳහා මතුගම නගරයට එන පාසල් දරුවන් ගොදුරු කරගන්න අන්තර්ජාල සේවා පහසුකම් සපයන ස්ථාන සහ මත්ද්‍රව්‍ය වර්ග රැසක් ඇතැයි අනාවරණය වෙයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්-වැසි තත්ත්වය තවදුරටත්  

2018-10-08 11:16:39

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට (09) දිනයේදි තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වටරවුමක් නැති හෙම්මාතගම ගම්පොළ හන්දිය  

2018-10-08 07:32:46

මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා දිවෙන මාවනැල්ල - හෙම්මාතගම, දිප්පිටිය - හෙම්මාතගම යන මාර්ග එකට යා වන තුන්මං හන්දියක් වන මෙම ස්ථානය ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන සිය ගණනක් දෛනිකව ධාවනය වන නිසා මෙම ස්ථානයට වටරවුමක් ලබා දීමට කටයුතු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

හෙම්මාතගම - අරණායක මාර්ගය අබලන්  

2018-10-08 07:14:47

මාවනැල්ල හෙම්මාතගම සිට රංදිලිගම හරහා අරණායක දක්වා දිවෙන මාර්ගයේ මඩ වතුර පිරි විශාල වළවල් නිසා එම මාර්ගය භාවිත කරන මගීහු පීඩාවට පත්ව සිටිති.

වැස්සෙන් බීලූනු වගාවට හානි  

2018-10-08 06:01:08

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයට මේ දිනවලදී ඇදහැලෙමින් පවතින වැසි හේතුවෙන් එම ප්‍රදේශයේ වගා කර ඇති බීලූනු වගාවන් විනාශ වෙමින් පවතින බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවීහු පවසති.

Ayur Ex Kandy 2018 අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි  

2018-10-07 12:00:01

මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී පැවැත්වෙන Ayur Ex Kandy 2018 අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(06) පෙරවරුවේ එක් විය.

ඉන්දීයානු සාගරය-'අපගේ අනාගතය නිර්වචනය කිරිම'සමුළුව ඔක්තෝබර් 11- 12 කොළඔ දි  

2018-10-05 13:56:47

ඉන්දියන් සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට හා එම සාගරය විශාල වශයෙන් භාවිත කරන රටවල්ට පොදු වු අ‍භිලාෂයන් හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරිම සඳහා ''ඉන්දීයානු සාගරය - අපගේ අනාගතය නිර්වචනය කිරිම'' යන මැයෙන් වූ අන්තර්ජාතික සමුළුව 2018 ඔක්තෝබර් 11-12 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දි පැවැත්වෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි  

2018-10-05 10:31:48

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon