නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

වරාහේන වොලිබෝල් ක්‍රීඩා සමාජ කණ්ඩායම පැරදවූ බෙන්තොට සාගර ක්‍රීඩා සමාජය 'පේසුරු කුසලාන' හිමිකර ගනී  

2018-09-24 08:44:53

'බෙන්තොට එකමුතුව' සංවිධානය කරන ලද 'පේසුරු කුසලාන' 2018 වොලිබෝල් තරගාවලිය පසුගියදා බෙන්තොට ජාතික නිවාඩු නිකේතන වෙරළ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. බෙන්තොට ප්‍රදේශයේ වොලිබෝල් කණ්ඩායම් 16ක් සහභාගි වූ මෙම තරගාවලිය පවත්වන ලද්දේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. බෙන්තොට ක්‍රීඩා නිලධාරි සුරේෂ් මහතාගේ උපදෙස් මත මෙහි සියලුම තරග පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්විණි. විදුලි ආලෝක මධ්‍යයේ පැවැති අවසන් මහ තරගයේදී බෙන්තොට වරාහේන ක්‍රීඩා සමාජ කණ්ඩායම තරග වට 2 - 1ක් ලෙස පැරදවූ බෙන්තොට සාගර ක්‍රීඩා සමාජ කණ්ඩායමට පේසුරු කුසලාන හිමිවිය.

ඊයේ දිනයේදී තවත් නව තරග වාර්තා 12ක්  

2018-09-21 10:12:53

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය "රිට්ස්බරි" අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය කරනු ලබන 88 වැනි ජෝන් ටාබට් ජේ‍යෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වන ඊයේ (20දා) දිනයේදී පමණක් බිහි වූ නව තරග වාර්තා 12ත් සමඟින් මේ වනවිට නව තරග වාර්තා 15ක් බිහි වී තිබීම කැපී පෙනුණි.

නිජබිම සටන හොකී තරගාවලියෙන් ජය  

2018-09-20 08:33:42

මාතලේ විජය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙවර 19 වැනි වරටත් පැවති "නිජබිම සටන" සමස්ත ලංකා විවෘත අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික හොකී තරගාවලියේදී ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජ පිල පිරිමි ශූරතාව සහ කාන්තා ශුරතාව මාතලේ මාස්ටර් වී.අයි.පී. ක්‍රීඩා සමාජ පිල විසින් දිනා ගන්නා ලදී. මෙහිදී පිරිමි අංශයේ පලිහ ශූරතාව යුද හමුදා යාන්ත්‍රික රෙජිමේන්තු පිලට සහ බඳුන ශූරතාව යුද හමුදා යුද උපකරණ රෙජිමේන්තු පිලටද හිමි විය.

ගාල්ල මහින්දෙට ක්‍රිකට් ජයක්  

2018-09-20 07:29:10

අන්තර් පාසල් වයස අවුරුදු 19 පහළ 20-20 ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් විය. මෙම තරගාවලියේ අවසන් තරගය පසුගිය 16 දින කුරුණෑගලදී පැවැති අතර ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලදී. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ විනුර දුල්සර තේරී පත්විය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනුශූරතාව දිනාගත් මහින්ද විද්‍යාලීය කණ්ඩායමයි.

ආසියානු කුසලානයේ ඉන්දියා පාකිස්ථාන ක්‍රකට් සටන අද  

2018-09-19 10:51:59

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සහ පාකිස්ථාන කණ්ඩායම් අතර තරඟය අද (19) පැවැත්වේ.

පෙරපාසල් පාලිකා එල්ලේ ජය ආණමඩුවට  

2018-09-19 10:42:35

වයඹ පළාතේ ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයන්හි පෙරපාසල් පාලිකා කණ්ඩායම් සඳහා වූ එල්ලේ ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් මහ තරග පසුගියදා කුලියාපිටිය කාර්මික විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු අදියරේ තරග අහිමි වූ රන්ජන් දෙවැනි අදියරට  

2018-09-19 10:16:54

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සැප්තැම්බර් 29 හා 30 යන දෙදින දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත අතර, ආබාධයක් හේතුවෙන් පළමු අදියර සඳහා සහභාගි නොවුණු ධනුෂ්ක රන්ජන් දෙවැනි අදියර සඳහා සහභාගි වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට වාර්තා වේ.

වැලිහේනේ කැෂ්මියර්ට ආසියාතික පදක්කම් රැසක්  

2018-09-19 08:57:42

ගුවන් හමුදාවේ විශ්‍රාමික ක්‍රීඩකයකු වන කොච්චිකඩේ වැලිහේනේ කැෂ්මියර් ප්‍රනාන්දු පුල්ලේ මහතා ආසියාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගවලට සහභාගි වී රන්, රිදී හා ලෝකඩ පදක්කම් රැසක් මේ වනවිට දිනාගෙන ඇත.

ජාත්‍යන්තර කරාතේ තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයේ  

2018-09-19 08:11:28

පසුගියදා මැලේසියාවේ පැවැති 2018 ජාත්‍යන්තර විවෘත කරාතේ තරගාවලියේදී ගිරිඋල්ල Kakuthogi karathe do kenshin kaai - goju දඹන කරාතේ පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක ඇතුළු තරගකරුවන් රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

උතුරු මැද දක්ෂතම ක්‍රීඩිකාව තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ යමුනා සෙව්වන්දි  

2018-09-18 09:03:46

2018 උතුරු මැද පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ එන්.ඒ. යමුනා සෙව්වන්දි තේරී ඇත.

ඇෆ්ගනිස්තානයටත් පැරදුන ලංකාව තරගාවලියෙනුත් ඉවතට විසිවෙයි  

2018-09-18 08:05:46

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉතාමත් දුර්වල පිතිහරඹයත්, පන්දු රැකීමේදී පෙන්වූ දියාරු බව හේතුවෙනුත් ලොව එක්දින ශේ්‍රණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන ඇෆ්ගනිතානය හමුවේ ලකුණු 91ක දුක්ඛිතම පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවීම කැපී පෙනිණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙයට පෙර බංග්ලාදේශය හමුවේද ලකුණු 136ක පරාජයක් ලබාගත් අතර, මෙම පරාජය හේතුවෙන් සුපිරි කණ්ඩායම් 4ට පිවිසීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය.

ශ්‍රී ලංකා නාමය රනින් සැරසූ අරුණට උපහාර  

2018-09-18 07:08:03

ජපානයේ පැවැත්වූ 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ මාතලේ, අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන ක්‍රීඩකයා පිළිගනිමින් උපහාර උළෙලක් ඉකුත් දින විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තර්ජිනී යළිත් ඕස්ට්‍රේලියාවට තිලකාටත් වසරක සේවා දිගුවක්  

2018-09-17 13:11:21

පසුගියදා සිංගප්පූරුවේදී නිමාව දුටු 11 වැනි ආසියානු දැල්පන්දු ශුරතා තරගාවලියේදී ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ උසම ක්‍රීඩිකාව හෙවත් පන්දු විදින්නිය ලෙස දස්කම් දක්වන තර්ජිනී සිවලිංගම් ක්‍රීඩා සමාජ දැල්පන්දු තරගාවලියකට සහභාගි වීම සඳහා නැවතත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.

ආරක්‍ෂක සේවා හොකී තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට  

2018-09-16 10:11:00

 කොළඹ, ටොරින්ටන් හොකී ක්‍රිඩාංගණයේදි ඊයේ (සැප්තැම්බර් 14) පැවති 2018 ආරක්‍ෂක සේවා හොකී තරඟාවලියෙන් නාවික හමුදා කාන්තා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගන්නා ලදී. යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම සමඟ පැවති එම තරඟයෙන් ලකුණු 2 ට 0 ක් වශයෙන් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා හොකී ක්‍රීඩිකාවන් හට හැකියාව ලැබිණි. ‍

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය අදයි  

2018-09-15 08:35:11

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දින(අද ) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon