නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා  

2017-11-15 14:02:55

රුසියාව බටහිර රටවල් භේද කිරීමට සහ මැතිවරණ වලට අත පෙවීමට ක්‍රියා කරන බවට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ චෝදනා කරයි.

ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 400 කට ආසන්න පිරිසක් මරුට  

2017-11-14 12:51:42

ඉරානය සහ ඉරාකය අතර උතුරු දේශසීමා කළාපයේ හටගත් මැග්නිටියුඩ් ඒකකයෙන් 7.3 ක භූමිකම්පාවකින් අනතුරුව 396 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර, තවත් 7,000 කට වැඩි පිරිසකට තුවාල සිදු වී තිබේ.

ඉරාන - ඉරාක දේශසීමාවේ භූ කම්පනයක්  

2017-11-13 09:38:09

ඉරාන - ඉරාක දේශසීමාවේ හලබ්ජා නගරයේ නිරිත දිග ඇති වූ රික්ටර් මාපක 7.3 ක අගයකින් යුත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් වාර්තා සදහන් කරයි.

සමනලයන් ජාවාරමට චීනයෙන් සිර දඬුවම්  

2017-11-10 16:33:42

මියගිය සමනලයන් දහස් ගණනක් නීති විරෝධී ලෙස රට තුළට ගෙන ආ තිදෙනකුට චීනයේ නැඟෙනහිර ෂැන්ඩොන් පළාතේ පිහිටි ජී නෑන්හි අධිකරණය මඟින් සිරදඬුවම් ලබාදී තිබේ.

සෝවියට් දේශය ගැන මේ කරුණු දැන සිටියාද?  

2017-11-09 12:47:18

ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 149 කි.

ටෙක්සාස්හි වෙඩිතැබීමකින් පුද්ගලයින් රැසක් ජීවිතක්‍ෂයට  

2017-11-06 10:46:16

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක් ඉරිදා දේව මෙහෙය අතරේ තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් 27 පිරිසක් මියගියහ.
එම ප්‍රහාරය එල්ල වුනේ ටෙක්සාස් හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයකටය.

මෝසුල් සටනේදී සාමාන්‍ය වැසියන් 741 මරා දමලා  

2017-11-04 14:13:20

ඉරාකයේ මෝසුල් නගරය මුදා ගැනීමේ සටන අතරතුර ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන් විසින් අවම වශයෙන් සාමාන්‍ය වැසියන් 741 දෙනෙකු ඝාතනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය නවත්වන්න කටයුතු කරනවා  

2017-11-03 15:57:23

ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම සඳහා පිටරැටියනට ලැබෙන අවස්ථාවක් වන ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන (Green Card Lottery Program) නවතා දමන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලීමට අදහස් කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ලිංග භේදය මත මුදාහැරෙන ප්‍රචණ්ඩත්වයට විරෝධය පෑ රූ රැජින තරගයක්  

2017-11-02 14:04:03

රූප රැජින තරගයක සම්ප්‍රදාය බිඳහෙළමින්, සිය සිරුරේ ප්‍රමාණ ඉදිරිපත් කරනු වෙනුවට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගෙන හැර පෑ තරගකාරියන් පිරිසක් පිළිබඳ දකුණු ඇමෙරිකාවේ පෙරූ රාජ්‍යයෙන් වාර්තා වේ.

නිව් යෝර්ක් ප්‍රහාරය  

2017-11-01 11:31:57

නිව් යෝර්ක් නුවර පදික හා පාපැදි මං තීරුවක් වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පමණ මියගොස් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔබාමා ජූරි සේවයේ  

2017-10-30 12:13:29

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි ප්‍රාන්තයේ උසාවියක් හිටපු ජනාධිපති බරක් ඔබාමා, ජූරි සේවය සඳහා කැඳවා ඇති බව අධිකරණ ප්‍රකාශකයෙක් පවසයි.

මරණින් වසරකට පසු පැවැත්වෙන හිටපු රජතුමාගේ ආදාහන උත්සවය  

2017-10-27 14:44:28

තායිලන්තයේ හිටපු රජු පූමිපොන් අදුන්යදේජ් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බැංකොක් නුවරට පැමිණ සිටියහ.

කැටලෝනියා අර්බුදය තවත් උග්‍ර වෙයිද?  

2017-10-25 13:11:09

තම පළාත 'මැඩ්රිඩ්' පාලනය යටතට පවරා ගනු ලැබුනොත් ස්පාඤ්ඤ ආණ්ඩුවේ නියෝග පිළි නොපදින බව කැටලෝනියානු නිලධාරීහු පවසති.

ටයිටැනික් මගියා මව වෙත ලියූ අවසන් ලියුම  

2017-10-23 16:14:22

ටයිටැනික් නෞකාවේ සිට ලියන ලද අවසන් ලියුම් කිහිපය අතරින් එකක් වෙන්දේසියක දී වාර්තාගත මිලකට අලෙවි වී තිබේ.

වන ගිනි වගකීම භාර ගනිමින් පෘතුගාල ඇමතිවරිය ඉල්ලා අස් වෙයි  

2017-10-19 13:16:18

පසුගියදා පැතිර ගිය මහා වන ගිනි මගින් සිදු වූ ජීවිත විනාශය සම්බන්ධයෙන් දේශපාලන පියවරක් ගත් පෘතුගාලයේ අභ්‍යන්තර කටයුතු භාර ඇමතිනී කොන්ස්ටන්චා උර්බානෝ ඩි සවුසා (Constança Urbano de Sousa) සිය පදවියෙන් ඉල්ලා අස් වූවාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon