නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

එඩ්වඩ් කුමරු ටෙනිස් පිටියට මුල්ගල තබයි  

2018-02-02 11:11:23

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ටෙනිස් ක්‍රීඩාගාරයට මුල් ගල තැබීමේ උත්සවය බි්‍රතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමාරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණු අතර එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි විය. එම අවස්ථාවේදී එඩ්වඩ් කුමරු ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම, ඩේවිස් කුසලාන ටෙනිස් කණ්ඩායම හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්ද හමුවිය.

ලංකාවට එරෙහිව ටෙස්ට් සටනට කලකට පසු රසාක් කැඳවයි  

2018-01-30 11:16:31

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හෙට දිනයේදී (31දා) ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සංචිතය සඳහා අබ්දුර් රසාක් කැඳවා ඇති අතර, ඔහුට මෙම අවස්ථාව හිමිව ඇත්තේ පසුගියදා නිමාවූ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති අවසන් තරගයේදී සකිබ් අල් හසන් ආබාධයකට ලක්වීම හේතුවෙනි.

අයි.පී.එල් වෙන්දේසියේදී මාලිංගට ඉල්ලුමක් නෑ ලංකාවෙන් අකිල හා චමීර පමණයි  

2018-01-29 12:05:33

11 වැනි වරටත් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්) අදාළව ඊයේ (28දා) සහ පෙරේදා දින දෙකේදී බැංගලෝරයේදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවෙන් අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් දෙදෙනාට පමණක් ඉල්ලුමක් ලැබුණු අතර පසුගිය තරග වාර දහයේදීම මුම්බායි ඉන්ඩියන්ස් පිල නියෝජනය කළ ලසිත් මාලිංගට කිසිදු ඉල්ලුමක් නොමැති වීම කැපී පෙනුණි.

මාදම්පාගම මුහුදු පිහිනුම් තරගය හෙට  

2018-01-26 17:46:26

අම්බලන්ගොඩ ගා/මාදම්පා මධ්‍ය මහා විදුහල එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය එක්ව 7 වැනි වරටත් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් (අවුරුදු 21ට අඩු) කි.මී. 2 මුහුදු පිහිනුම් තරගය හෙට (27දා) (සෙනසුරාදා) මාදම්පාගම උස්මුදුලාව මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතය.

සිම්බාබ්වේ ගෙදර යැවූ ලංකාව සත්කාරකයන් සමඟ අවසන් තරගයට  

2018-01-26 10:42:25

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඊයේ (25දා) බංග්ලාදේශය සමඟ පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 10ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමඟ හෙට (27දා) පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ බංග්ලාදේශ කණ්ඩායමක් ඔවුන්ගේ දේශයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමක් හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරමිනි.

බංග්ලාදේශය සමඟ අවසන් තරගයට එන්නේ ශ්‍රී ලංකාවද සිම්බාබ්වේද තීරණය අද  

2018-01-25 10:04:57

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟින් ශ්‍රී ලංකාව සහභාගි වන අතිශය තීරණාත්මක තරගය අද (25දා) පැවැත්වීමට නියමිතය.

ලොව භයානකම කාය වර්ධන ශූරිය නැවතත් ක්‍රීඩාවට  

2018-01-24 14:10:18

ලොව භයානකම කාන්තා කාය වර්ධන ශූරිය ලෙස හැඳින්වෙන 26 හැවිරිදි රුසියානු ජාතික නතාලියා කැස්නෙට්සෝවා මාස 18කට පසු නැවත ක්‍රීඩාවට අවතීර්ණය වන බව සඳහන් කොට තිබෙනවා. මේ වනවිට බෙන්ච් ප්‍රෙස් සහ ඩෙඩ්ලිෆ්ට් අංශවල ලෝක ශූරිය වන්නේද නතාලියායි.

2018 පාපන්දු ලෝක කුසලානය ජනපතිට  

2018-01-24 11:55:31

ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ(23) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එය අද (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

මේසපන්දු පුහුණුකරු ගැන තීරණය හෙට  

2018-01-24 10:44:11

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමේ පුහුණුකරු ධුරයට වජිර වික්‍රමසිංහ මහතා තෝරාගෙන ඇති බවට ශ්‍රී ලංකා මේසපන්දු සංගමය විසින් පසුගියදා කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අනාවරණය කරන ලදී.

අමාරුවේ වැටිලා ඉන්න වෙලාවෙ පන්දු යවන්නන්ගේ පිහිට ලැබුණා  

2018-01-23 11:17:11

බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී පළමු තරග දෙකම පරාජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ සමඟින් පෙරේදා පැවැති තරගයට මුහුණ දිය යුතුව තිබුණේ මියෙම්වා හෝ රැකෙම්වා යන අරුත පෙරදැරි කරගෙනය.

ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවලිය 26 දා සිට  

2018-01-22 16:30:21

ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවලිය ලබන මස 26 වන හා 27 වන දින ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා ගුවන් හමුදා විනවාරාය ඊගල්ස් ගෝල්ෆ් ලීක්ස්හිදී ආරම්භ කිරීමට සියලු ආරම්භ කර තිබේ.

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන ‘සී’ කොටසේ එක්දින තරගාවලිය හෙට ඇරඹේ  

2018-01-12 13:40:43

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය අට වැනි වරට ප්‍රෙස්ටීජ් ඔටෝ මොබයිල් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන 2018 'බී.එම්.ඩබ්ලිව්. - හයිඋන්ඩායි' කුසලාන 'සී' කොටසේ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ නිල අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි. ඒ අනුව හෙට (13දා) ආරම්භ කරන මෙම තරගාවලියේ ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ කාණ්ඩයේ තරග පෙබරවාරි 28 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

හතුරුගේ පරණ මිතුරන් සමඟ සටනට ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට  

2018-01-12 10:44:48

තව නොබෝ දිනකින් එනම් ජනවාරි 15 වැනිදා බංග්ලාදේශ හා සිම්බාබ්වේ අතර තරගයෙන් බංග්ලාදේශයේ මිර්පූර්හිදී ආරම්භ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (13දා) ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව ඇත.

රත්නපුර පාපන්දු ක්‍රීඩකයන් ‍ෙදාළොස් දෙනකුට උපහාර  

2018-01-11 16:18:09

පසුගිය වසරේ අභිනවයෙන් පිහිටුවා ගන්නා ලද රත්නපුර දිස්ත්‍රික් ප්‍රවීණ පාපන්දු ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උළෙල එම සංගමයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 14 වැනි දින රත්නපුර මහ නගර සභා සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඔලිම්පික් උළෙලට ක්‍රිකට් දාගන්න පැරැණි ක්‍රීඩකයෝ පෙළ ගැසෙති  

2018-01-11 11:20:31

තවත් දශකයකින් පමණ එනම් එළැඹෙන 2028 වසරේදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා විස්සයි-20 ක්‍රිකට් තරග ඇතුළත් කිරීමට කුමාර් සංගක්කාරද සාමාජිකත්වය දරන එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුව මේ වනවිට සැළැසුම් කරමින් සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon