නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ප්‍රාදේශිය සංවර්ධන බැලීමට ඇමැති ගයන්ත පත් කෙරේ  

2018-02-20 13:46:32

ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විදේශ සංචාරයක නියැලෙන හෙයින්, අමාත්‍යවරයා නැවත ශ්‍රි ලංකාවට පැමිණෙන තෙක් අද 20 සිට එම අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පත්කර ඇත.

පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමා නිර්ණ කමිටු වාර්තාව ඇමැතිට  

2018-02-19 16:05:58

2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම (සංශෝධන) පනත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එමගින් නව මිශ්‍ර ඡන්ද ක්‍රමයක් (කේවල ඡන්ද ක්‍රමය/ සරල බහුතර ක්‍රමය හා සමානුපාතික නියෝජනය) හදුන්වා දෙන ලදි.

පාර්ලිමේන්තුවේ චර්යාධර්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්- අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා  

2018-02-19 13:16:06

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන අචාර ධර්ම තුළින් හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන බවත් පාර්ලිමේන්තුවේ චර්යාධර්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

තීරණයක් ගන්න ජනපති එජනිස සාකඡාව අද  

2018-02-19 11:31:42

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ අද (19දා) දිනයේ දහවල් 12.00ට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව එම සන්ධානයේ ප්‍රකාශකයකු 'මව්බිම'ට පැවැසීය.

අද දවස තීරණාත්මකයි  

2018-02-19 10:08:25

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය වී නොමැති තත්ත්වයක් තුළ අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද-ඒකාබද්ධය විශේෂ සාකච්ඡාවක් අද  

2018-02-19 08:06:50

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19දා) පෙරවරු 8.30ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ දීර්ඝකාලීන සැලැස්මක්  

2018-02-16 11:07:55

රත්මලාන ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති, 2018 වර්ෂයේ සිට 2030 වර්ෂය දක්වා ක්‍රියාත්මක කෙරෙන උපායමාර්ගික සැලසුම් ඇතුළත් 'Way to 2030' දීර්ඝකාලීන සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුව මාර්තු 8දා කැඳවන්න නියෝග  

2018-02-15 16:23:10

සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 40කට අධික වත්කම් නීති විරෝධී ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව මාර්තු මස 08 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

සුළු හා ප‍්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුත්තු සිවලිංගම් මහතා දිවුරුම් දෙයි   

2018-02-15 15:23:03

සුළු හා ප‍්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ.

ජනතාව සාක්ෂරතාවෙන් ඉදිරියෙන් සිටියත් දේශපාලන සාක්ෂරතාව බිංදුවයි  

2018-02-14 09:48:15

ලොව සාක්ෂරතාවයෙන් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සිටින බවට ප්‍රකට කරුණක් වන නමුත් දේශපාලන සාක්ෂරතාවයෙන් රට සිටින්නේ බින්දුවේ බව මෙවර මැතිවරණ ප්‍රතිඵල තුළින් ඔප්පු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

සියල්ල වෙනස් කිරීමට හොඳම කාලය මෙයයි - මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්  

2018-02-12 15:01:36

රටේ තිබෙන අස්ථාවර භාවය නැති කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර පවත්වන මහ මැතිවරණයකින් නව රජයක් තෝරා පත්කරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374දී  

2018-02-08 10:19:15

පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 10 වැනි දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අද මැදියම් රැයෙන් පසු ඡන්ද කටයුතු තහනම්  

2018-02-07 10:10:34

අද (7දා) මධ්‍යම රාත්‍රියෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදෙන සියලුම පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට උපදෙස් දී ඇත.

අවසන් සටන අද  

2018-02-07 09:29:32

ශ්‍රී ලනිප, එජාප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජවි පෙරමුණ යන ප්‍රධාන පක්ෂ හතරෙහි අවසන් මැතිවරණ ප්‍රචාරක රැලි එම පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, කොළඹ කොස්ගස්හන්දිය, හෝමාගම සහ මහරගම යන ප්‍රදේශවලදී අද (7දා) සවස පැවැත්වෙයි.

මූල්‍ය පනතකින් මහබැංකුව ප්‍රතිසංවිධානය ඇති කරන්න බලාපොරොත්තු වෙනවා  

2018-02-06 15:07:41

මූල්‍ය පනතකින් මහබැංකුව ප්‍රතිසංවිධානය ඇති කරන්න බලාපොරොත්තු වන බවත් දැනට අලුත් නීති කීපයක් සකස් කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon