නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

මම සෙල්ලම් කළේ 100%ක්ම සනීපෙන් නොවෙයි  

2017-12-12 10:42:13

එක දිගට එක්දින තරග 12ක් පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම පරාජයේ ඉඩෝරය අවසන් කරමින් ඉන්දියාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයගෙන තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට මේ වනවිට සමත්ව සිටී.

පරාජයේ රැල්ල බිඳියි  

2017-12-11 09:53:43

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් තම රටේදී රැස් කරන ලද තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවට හිර කරමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා හේතු කොටගෙන මෙම වසර තුළදී නොකඩවා එක්දින තරග 12ක් පරාජය ලබමින් ජයග්‍රාහී නියඟයෙන් පසුවූ ශ්‍රී ලංකා පිල යළි ජය මාවතට පිවිසියේ ඊයේ ඉන්දියාවට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

කුං ෆූ සන්දර්ශන මාලාවක් 12 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේදී  

2017-12-08 14:43:28

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගෙන වසර 65ක් සපිරීම සහ දෙසැම්බර් 18 වැනිදාට යෙදෙන රබර්-සහල් ගිවිසුම අස්සන් කර වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ අවසන් අංගය ලෙස ෂැවොලින් කුං ෆූ සන්දර්ශන මාලාව එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා සිට 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් දස දෙනා අතරට චන්දිමාල්  

2017-12-08 11:32:38

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ 20 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගාවලිය නිමාවත් සමඟින් පියවර කිහිපයක් ඉදිරියට තබමින් 9 වැනි ස්ථානයට පැමිණ තිබේ.

ලංකාව 1-0ක් සේ අසාර්ථකයි එහෙත් අවසානය සාර්ථකයි  

2017-12-07 09:31:04

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දක්ෂ පිතිකරණය නිසා ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර සමස්ත තරගාවලිය 1-0 ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලිය  

2017-12-06 14:15:00

හොංකොංහි පසුගියදා නිමාවට පත්වූ 3 වැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලියේදී අවුරුදු 17න් පහළ බාලිකා හා බාලක ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

9 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං අද සිට දින 5ක් කොළඹදී  

2017-12-05 12:42:49

91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතා තරගාවලිය අද (5දා) සිට 9 වැනිදා දක්වා රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 164 දෙනෙක් සහභාගි විමට නියමිතය.

මැතිව්ස්-චන්දිමාල් එකතුවෙන් ලංකාව ගෞරවනීය තැනකට  

2017-12-05 10:04:31

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන ඊයේ (04දා) තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 356ක් ලබා සිටියේය.

පොලිස් පිලට පළමු ජය අහිමි වෙයි  

2017-12-04 11:19:37

අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයේ තරග වර්ෂාවෙන් පැවැති බාධා මධ්‍යයේ නිමා වන විට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක්ස්, සහ මහනුවර ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර කොළඹ පොලිස් පාක්හිදී පසුගිය සිකුරාදා (1දා) පැවැති සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණඩායම සහ පොලිස් කණ්ඩායම අතර තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා-ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගය  

2017-11-28 09:58:05

පළමු ඉනිමේදී ඉන්දීය නායක විරාත් කෝලි ලබාගත් ලකුණු 213ට සමාන ලකුණු ප්‍රමාණයක් හෝ ලබාගැනීමට අසමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 166කට සීමා වීම හේතුවෙන් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ සිවුවැනි දිනයේදීම ඉනිමක හා ලකුණු 239ක අමිහිරි පරාජයක් අත්කරගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායමක් හමුවේ ඉන්දියානු කණ්ඩායමක් ලැබූ ඉහළම ජයග්‍රහණය බවටද මෙය පත්විය.

පාසල් හොකී තරගාවලියට එනවා නම් 29 වැනිදාට පෙර ඉල්ලුම් කරන්න  

2017-11-24 14:11:53

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් සංවිධානය කරන වයස අවුරුදු 14න් පහළ බාලක/බාලිකා පාසල් හොකී තරගාවලිය දෙසැම්බර් 8 වැනිදා සිට 10 වැනිදා දක්වා මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කාණ්ඩ තුනක් යටතේ ලීග් ක්‍රමයට මෙම තරගාවලිය පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගයෙන් පස්සේ අපි තවත් මුවහත් වෙලයි ඉන්නේ  

2017-11-24 10:30:08

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (24දා) නාග්පූර්හි විදර්බා ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ඇරැඹීමට නියමිතව ඇත්තේ දෙරට අතර පවත්වනු ලබන 43 වැනි ටෙස්ට් තරගය ලෙසිනි.

හතුරුසිංහට පුහුණුකරු තනතුර දීමට සූදානම්  

2017-11-23 13:17:31

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා චන්දික හතුරුසිංහ මහතා බඳවාගැනීමට ඇති හැකියාව සොයා බැලීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ තහවුරු කරන ලදී.

දික්වැල්ලගේ දඩබ්බරකමට මහේලගෙන් හා රසල්ගෙන් පුංචි තල්ලුවක්  

2017-11-22 13:21:23

බොහෝ දෙනා බොහොම උනන්දුවෙන් බලා සිටිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් වුණා. ඒත් දැන් ආයෙත් සමහරු ඒ ගැන කතා කරන්න පටන් අරගෙන.

වෙනදාට වඩා වෙනස් දෙයක් අපි මෙවර ඉන්දියාවට පෙන්නුවා  

2017-11-22 11:21:59

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වූ අතර, මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට තර්ජනයක් එල්ල කිරීමටද සමත් වී තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon