නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

හිරු මෙඩිකල් සෙන්ටර් සමඟ නිවසට එන වෛද්‍ය අමිල සහ දිනුජා  

2017-12-21 17:04:12

හිරු Medical Centre වැඩසටහන මේ වෙද්දී ජනතාව අතරෙ කතාබහට ලක්වන වැඩසටහනක් වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ ලැබෙන ප්‍රතිචාර ගැන?

මාධවිගෙයි නාමල්ගෙයි සම්බන්ධය මොකක්ද?  

2017-12-20 17:24:51

මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ..?

ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මටම කියලා තනියෙන් ඉන්න කාලයකුත් මට ඕන. හැබැයි මට වැඩවල අඩුවකුත් නැහැ. මම දැන් බාහිර කථිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක. මගේ පශ්චාද් උපාධියේ වැඩත් කරනවා. හිරු ටී.වී. එකේ නිවේදන කටයුතුත් කරනවා. රංගන කටයුතු කරනවා. ජිම් යනවා. ඒ වගේම මම උයන්නත් ගොඩක් කැමැතියි. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ.

අතුල රන්සිරිලාල් ජාතික රූපවාහිනියට සමුදෙයි  

2017-12-19 17:01:17

• තිස් හතර වසරක සේවයට සමුදෙන්න සූදානම් වෙද්දී ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් ලෑස්ති වෙනවා කියලා ආරංචියි?

ඔව්. රසාදරී පීරිස්, කමල් ගමගේ ප්‍රධාන කළුබෝවිල මගේ ගෝල පිරිසත් අනුර ධර්මසේන, දර්ශන පනංගල ප්‍රමුඛ රූපවාහිනි කණ්ඩායමත් උත්සවයක් සංවිධානය කරන බව පේනවා. ඒ වගේම මට ඕනා වුණා යන්න කලින් මෙතෙක් රටේ නොලියවුණ පොතක් ලියන්න. ඒ පොතත් එදාට එළි දැක්වෙනවා.

ලැබුණු මුදලින් නංගිව වෛද්‍යවරියක් කරනවා  

2017-12-18 17:16:00

විශාල තරගකරුවන් පිරිසක් අබිබවා ගෙන ඇවිත් දැන් ඩ්‍රීම් ස්ටාර් කිරුළ සුනීරගේ අතේ. මොන වගේ හැඟීමක්ද තියෙන්නේ..?

රසවින්දනය දියුණු කරන  

2017-12-16 16:18:43

මොකක්ද මේ දැයට මහිමය කියන්නේ..?

මට දරුවන් සමඟ අවුරුදු ගණනක අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එකතු කරගෙන දෙසැම්බර් කාලයේ නිවාඩු පාඩුවේ ඉන්න දරුවන්ට සෞන්දර්ය රසවින්දනය පිළිබඳව සිදුකරන වැඩමුළුව තමයි දැයට මහිමය කියන්නෙ.

ආක්ෂා ගැන පැතිරෙන කතාව ඇත්තද? නැත්නම් ඒකත් මාකටින් වැඩක්ද?  

2017-12-15 16:28:52

ආක්ෂා පසුගිය කාලේ වැඩිය පේන්න හිටියේ නැහැ. හැබැයි දැන් ආයෙත් එළිබැහැලා නේද?


සමීර සඳ පිනි වැස්ස අරගෙන ආවේ වාරණ වලින් බේරෙන්නද?  

2017-12-14 17:15:50

• මොකක්ද මේ සමීරගේ සඳ පිනි වැස්ස?

මේ නාට්‍ය ස්වර්ණවාහිනියේ මහේන් පෙරේරාගේ සංකල්පයක්. අරුණ ප්‍රේමලාල් තමයි නාට්‍ය ලියන්නේ. මම තමයි එය අධ්‍යක්‍ෂණය කරන්නේ. පවුලක කතන්දරයක් එක්ක තමයි මේ නාට්‍ය දිග හැරෙන්නේ. සතියේ දින පහේ ස්වර්ණවාහිනි නාළිකාවේ රාත්‍රි 7.30ට මේ නාට්‍ය විකාශය වෙනවා.

උද්දිකව පස් කණ්ඩියක හිර වුණ 5 සමත් දැන් තිරයේ  

2017-12-13 17:20:21

මේ දවස්වල අපේ රටේ පොඩ්ඩන්ට වගේම ලොකු අයටත් අපූරු ආදර්ශයක් ගත හැකි චිත්‍රපටයක් ලංකාව පුරා තිරගත වෙනවා. ඒ තමයි 'සමත්' කියන පුංචි පුතෙක් තමන් මූණපාන සියලු දුක් කරදරවලට මුහුණ දීලා අන්තිමේදී තමන් ජීවත් වන ගමට ආලෝකයක් ලබා දෙන හැටි ගැන කියැවෙන '5 සමත්' චිත්‍රපටය.

තුමිඳුගේ හිමිකාරිය කලණි ‘සහෝදරයා’ට හිමි වුණ හැටි  

2017-12-12 16:53:42

සහෝදරයා කියන්නේ පටන් ගැන්මේ සිට අවසානය වෙනකන්ම ලොකු අවධානයක් සහ කැපවීමක් එක්ක අපූරු පිරිසකගේ එකතු වීමකින් නිර්මාණය වුණු ටෙලිනාට්‍යයක්. ඒ වගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වීමට ලැබීම ගැන ඇත්තටම හිතේ තියෙන්නේ ලොකු සතුටක්. මේ නාට්‍යයේ උත්තරා දේවිගේ චරිතය කියන්නේ මම හරි ආශාවෙන් කරපු චරිතයක්. ඉතින් ඒ චරිතය ගැන මිනිස්සු කතාවෙන කොට ඒ ගැන පුදුම සතුටක් මට දැනෙන්නේ. මේ දවස්වල මමත් සහෝදරයා නාට්‍යය ආසාවෙන් බලන හොඳ ප්‍රේක්ෂිකාවක්.

මෙවර ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමි වන්නේ කාටද?  

2017-12-09 14:57:05

මගේ එකම බලාපොරොත්තුව මගේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි හොඳින් බලාගන්න එක. ගායකයෙක් වෙලා එයාලව හොඳින් බලා ගන්නවා කියන බලාපොරොත්තුවෙන් තමයි තරගයට ආවේ.

ඉන්දියාවේ ආදිත්‍ය නාරායන් සංඛ එක්ක කරන්න යන දේ  

2017-12-08 13:40:38

ඔව්. ඔය කියන්නේ උදිත් නාරායන්ගේ පුත්‍රයා ආදිත්‍ය නාරායන් ලංකාවට පැමිණීම ගැනනේ. ඇත්තටම ඔහු මූලික වශයෙන්ම ලංකාවට ආවේ ඉදිරියේදී ලංකාව තුළ ඔහුගේ සහභාගිත්වයෙන් පවත්වන ප්‍රසංගයක් පිළිබඳ මාධ්‍ය හමුවකට. ඉතින් ඒ අතරේ ඔහුත් එක්ක එකට එකතු වෙලා වැඩ කිහිපයක්ම කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.

"මම කැමැතියි කලාකාරයෙක් නොවී ඉන්න" - කූඹියෝ අධ්‍යක්ෂක මව්බිමට කියූ කතාව   

2017-12-07 16:21:49

"කූඹියෝ" මේ වෙද්දී ලංකාව තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. මේ ගැන මොකද හිතන්නේ?

නිර්මාණකරුවන් විදියට මට සහ දමිතට ඇත්තටම මේ ගැන ලොකු සතුටක් තියෙන්නේ. අනිත් පැත්තෙන් ලංකාවේ ටෙලිවිෂන් එක ගැන පසුගිය කාලේ කතාබහක් තිබුණෙත් නැහැ. කූඹියෝ හරහා දැන් ආයෙත් ටෙලිවිෂන් එක ගැන සහ ටෙලි නාට්‍ය ගැන අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය දකිද්දී මට හිතෙනවා කූඹියෝ නිසා යම්කිසි හොඳක් සිද්ධ වෙලා තියෙනවා කියලා ටෙලි නාට්‍ය කර්මාන්තයට.

"දෙවෙනි ඉනිම" 'කූඹියෝ' අහසට පොළොව වගේ...   

2017-12-06 16:09:31

දෙවෙනි ඉනිම උන්මාදයකින් හිටපු සමාජ මාධ්‍ය දැන් 'කූඹියෝ' උන්මාදයක් වෙලා. මොකක්ද දැන් ඇත්තටම ජනප්‍රිය?

රඟ රඟ හිටපු ගිවන්ත මෙදා සැරේ අල්ලන අඩව්ව  

2017-12-05 17:25:52

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් කෙටි චිත්‍රපට තරගයක් පැවැත්වුවා. එහිදී මම අධ්‍යක්ෂණය කළ Colour light කියන කෙටි චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සහ මුළු තරගාවලියේ තුන්වැනි ස්ථානයට හිමි සම්මානය හිමිවුණා. මට ගොඩක් සතුටුයි මගේ පළමුවැනි අධ්‍යක්ෂණයට මේ වගේ ඇගැයීමක් ලැබීම ගැන.

සංගීත් හුරතල් අක්කා කෙනෙක්ට පැටලිලා කියන කතාවේ ඇත්ත නැත්ත  

2017-12-04 16:10:49

සංගීත්, හුරතල් අක්කා කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරගෙනනේ?

ආ... ඒ මම සම්බන්ධ වුණු අලුත්ම මියුසික් වීඩියෝව. අපි හිතුවේවත් නැති විදියට මියුසික් වීඩියෝව ජනප්‍රිය වුණා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon