නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි  

2019-02-21 10:33:31

කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කාර්යාල දුම්රියවල පවතින අධික තදබදය හේතුවෙන් ඒවායේ ගමන් කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ඇතැයි කියන අපහසුතා සහ අතවර හේතුවෙන් මෙම පියවර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

කෝටි 700 මැණික් කොල්ලයට ඇල්ලූ මධුෂ්ගේ ගෝලයා පෙරෙට්ටුවට ඉදිරිපත් කරන තුරු මාර්තු 6 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

2019-02-21 10:01:06

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ නිවෙසකට ගොස් එම නිවෙසේ තිබූ රුපියල් කෝටි 700කට අධික වටිනාකමින් යුත් නිල් දියමන්තියක් ඇතුළු මැණික් ගල් කීපයක් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ ගෝලබාලයකු බව කියන සැකකරුවා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් මාර්තු 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඊයේ (20දා) නියෝග කළේය.

ධීවර සංස්ථාවේ අලෙවිසල්වල මිල දර්ශන නෑ  

2019-02-21 08:18:56

පාරිභෝගික ජනතාවට සහන මිලට මුහුදු මාළු අලෙවි කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව අනුරාධනුර නගරයේ ස්ථාන කීපයක විවෘත කොට ඇති අලෙවිසල්වල මාළු මිල ප්‍රදර්ශනය නොකිරීමෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්ව සිටිති.

අතුරුදන් වූ දරුවා නිවාස අසලින්ම හමුවෙයි  

2019-02-20 18:11:40

ආගරපතන හොල්බෘක් වතුයායේ අලර්වල්ලි ලොවර්ග්‍රැන්ඩ් ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි පිරිමි දරුවා අද (20) උදැසන ඔහු පදිංචි සිට නිවස අසලම පාරක සිට හමු වු බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසුවා.

දරුවන් සුරැකීමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති පවසයි.  

2019-02-20 16:20:42

දරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX 19) සඳහා සයුරළ නෞකාව එක් වෙයි  

2019-02-20 15:21:15

පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පෙබරවාරි 16 වන දින අබුඩාබිහි මින ෂයිඩ් ජැටිය වෙත සේන්දු වන ලදී. ඒ අනුව, පසුගිය පෙබරවාරි 17 වන දින අබුඩාබිහි ආරම්භ වන ලද ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සයුරළ නෞකාව එක් වන ලදී.

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට  

2019-02-20 15:15:00

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම මසුන් තොගය ‍ඩිංගි යාත්‍රාව තුළ ‍දමා සැකකරුවන් පළාගොස් ඇති බවට සැක කෙරේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවලට රුපියල් මිලියන 12ක මාධ්‍ය උපකරණ බෙදා දෙයි  

2019-02-20 15:00:51

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවලට වීඩියෝ කැමරා, පරිගණක යන්න්‍ර, ලැප්ටොප් පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 12ක් පමණ වටිනා උපකරණ බෙදා දීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පෙරවරුවේ සිදු කෙරුණි.

කෝටි 2කට ආසන්න රත්තරන් සමඟ 9ක් රේගු දැලට පැටලෙයි  

2019-02-20 12:55:04

රුපියල් එක් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හතරදහස් එකසිය හැත්තෑ නවයක් (16,344,179 ) ක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු ඊයේ (19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කිරිම 21 දා කළුතරින් ඇරඹෙයි  

2019-02-20 12:12:28

නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීම පෙබරවාරි 21 දා කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

අමාන් 2019 ආහාර ප්‍රදර්ශනයේදී සයුරළ නෞකාව විශේෂ ඇගයුමකට  

2019-02-20 11:18:12

පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සමගාමීව පසුගිය පෙබරවාරි 10 වන දින පැවැත්වුණු ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය (Food Festival) සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව ද එක්විය.

අලුත් පාලමක් හදන්න කියා තිබුණු පාලම කඩා දැම්මා  

2019-02-20 08:16:40

අලුත් පාලමක්
හදන්න කියා තිබුණු පාලම කඩා දැම්මා

හබලක්කාව මාතෘ සායන මධ්‍යස්ථානය ප්‍රයෝජනයක් නොගෙන අභාවයට ගිහින්  

2019-02-20 07:22:07

හබලක්කාව මාතෘ සායන මධ්‍යස්ථානය ප්‍රයෝජනයක් නොගෙන අභාවයට ගිහින්

කළුගමුව පැරණි අම්බලම විවිධ අපචාරවලට යොදාගෙන  

2019-02-20 07:07:02

කළුගමුව පැරණි අම්බලම
විවිධ අපචාරවලට යොදාගෙන

ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක්   

2019-02-19 17:20:12

තායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුභාශිංසන සමඟ උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කෙරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon