නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

වසර 2014 - 2018 කාලය තුළ සිරියාවේ රසායනික අවි ප්‍රහාර 106ක් 3,50,000ක් මරුට  

2018-10-16 13:40:59

සිරියාවේ විනාශකාරී යුද්ධය ආරම්භ වී වසර හතක් ගතවී ඇති අතර එම කාලය තුළදී පුද්ගලයන් තුන් ලක්‍ෂ පනස්දහසකට අධික පිරිසක් මියගොස් ඇතැයි නවතම වාර්තා අනාවරණය කරයි.

උතුරු කොරියානු නායකයාගෙන් ශුද්ධෝත්තම පියතුමන්ට ඇරයුමක්  

2018-10-11 16:30:06

සිය රටේ සංචාරයක නිරත වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් විසින් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ට ඇරයුම් කරනු ලැබ ඇතැයි දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.

සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතර ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද සිට  

2018-10-11 13:05:51

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද(11) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය.

ඉන්දීය ගුවන් තොටුපොළ ආරක්ෂකයින්ට සිනාසීමට සීමා පනවයි  

2018-10-10 10:32:41

'සිනා නොමසෙන් දසන් දක්වා' මේ කියමන ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් අතීතයේ සිට පවතින උපදේශාත්මක වැකියකි.

කෙසේ වෙතත්, ඉන්දීය ගුවන් තොටුපොළ ආරක්ෂණ පොලිස් නිලධාරීන්ට ද මෙය නියෝගයක් වශයෙන් නිකුත් කර තිබේ.

බ්‍රසීල ජනාධිපතිවරණය: පළමු අදියරේ ජය උග්‍ර දක්ෂිණාංශික අපේක්ෂකයාට  

2018-10-09 10:46:47

බ්‍රසීලයේ උග්‍ර දක්ෂිණාංශික සමාජ ලිබරල්වාදී පක්ෂයේ (Social Liberal Party) අපේක්ෂක ජෙයර් බොල්සොනාරෝ (Jair Bolsonaro) එරට ජනාධිපතිවරණයේ පළමු අදියර ජයග්‍රහණය කර තිබේ.

විපක්ෂ නායක ෂබාස් ෂරීෆ් අත්අඩංගුවට ගැනීමට බලපෑම් කළේ නෑ - ඉම්රාන් ඛාන් කියයි  

2018-10-08 14:15:37

රුපියල් බිලියන 14ක නිවාස ව්‍යාපෘතියක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පාකිස්තාන විපක්ෂ නායක ෂබාස් ෂරීෆ් දින දහයකට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දකුණු කොරියාව: හිටපු ජනපතිට වසර 15ක සිර දඬුවමක්  

2018-10-06 12:11:35

විවිධ චෝදනා මත සිරගත කෙරුණු සිව්වෙනි දකුණු කොරියානු හිටපු නායකයා මොහු වන අතර, Lee Myung-bakට පෙර සිටි නායකයාට ද පසුගිය අප්‍රේල් මස සිර දඬුවම් නියම විය. බලය අවභාවිත කිරීම සහ අයුතු බලපෑම් එල්ල කිරීම යන චෝදනා ඔප්පු වීමත් සමග Park Geun-hyeට වසර 33ක සිර දඬුවමකට යටත් වීමට සිදු වුණි.

වෙඩි තැබීමකින් දකුණු කැරොලිනාවේ ආරක්ෂක නිලධාරීහු හතක් මරුට  

2018-10-05 15:51:04

දකුණු කැරොලිනාහි පුද්ගලයකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් එරට ආරක්ෂක අංශ සාමාජිකයන් හත්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. කුඩා ළමයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගත් පුද්ගලයකුගෙන් ළමයින් බේරා ගැනීම සඳහා ආරක්‍ෂක අංශ ගිය අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදු වී ඇතැයි පොලිසිය පෙන්වා දෙයි. ළමයින් සියලු දෙනා බේරා ගත් බවද ඔවුන් සියලු දෙනා ආරක්ෂාකාරීව සිටින බවද පොලිසිය පෙන්වා දී ඇත.

ඇමෙරිකාව නැති නම් සෞදියට පැවැත්මක් නෑ - ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි  

2018-10-04 16:01:52

ඇමෙරිකානු ආරක්ෂක අංශයන්ගේ ආරක්ෂාව නොමැතිව හෝ ඇමෙරිකා රජයේ අනුග්‍රහය නොමැතිව සෞදියේ සල්මාන් රජු හට පැවැත්මක් නොමැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඉන්දුනීසියාව: භූ කම්පනයෙන් සහ සුනාමියෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1200 ඉක්මවයි  

2018-10-02 14:12:17

පසුගිය සිකුරාදා (සැප්. 28) සිදුවූ භූ කම්පනයෙන් සහ සුනාමි අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 1200 ඉක්මවා ඇති බව ඉන්දුනීසියාවේ ආපදා ප්‍රතිචාර ආයතනය පවසයි.

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මිය ගිය ගණන 832 දක්වා ඉහළට  

2018-09-30 20:26:08

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනය හා සුනාමි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියාවේ සුනාමියෙන් 384ක් මරුට  

2018-09-29 16:06:29

ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරිහු පැවසූහ.

ඉන්දුනීසියාවට රික්ටර් පරිමාණ 7.7 ක භුමිකම්පාවක්  

2018-09-28 19:40:53

ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ 7.7 ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පාවක් හටගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි.

අවුරුදු සියයක් වයසැති නෝරා 74 හැවිදිරි මැල්කම් සමග විවාහ වීමට සූදානම්  

2018-09-28 19:32:31

තිස් වසරක් පුරා සිය ජීවන සහකරු ලෙස සිටි 74 හැවිදිරි මැල්කම් යේට්ස් (Malcolm Yates) සමග විවාහ වීමට දින යොදා ගැනීම හේතුවෙන් තමන් "ඉතාමත් සතුටෙන්" පසුවන බව සිය හැවිදිරි නෝරා විට්කිස් පවසයි.

පැපුවා නිව් ගිනියාව: ගුවන් තොටුපොළ පසුකර කලපුවකට ගොඩබැස්වූ ගුවන් යානය  

2018-09-28 13:33:17

ගුවන් ධාවන පථය මත නිවැරදි ලෙස ගොඩ බස්වා ගැනීමට නොහැකිවීමෙන් මගී ගුවන් යානයක් මයික්‍රොනීසියාවේ චූක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Chuuk International Airport) ආසන්නයේ පිහිටි කලපුවකට ගොඩ බස්වා ඇති බව ගුවන් තොටුපොළ නිලධාරීන් පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon