නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් පළවන ප්‍රකාශ ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්  

2018-06-07 11:30:30

බැදුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුළත් පිටස්තරත් ප්‍රකාශවන ඇතැම් අසත්‍ය,ගොතන ලද  සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුණු හා ප්‍රකාශ වන විවිධ අඳහස් නිසා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්,පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශල කැළලක් ඇති වී තිබෙන බව කථානායක කරූ  ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

ඇලෝසියස්ගෙන් මුදල් නොගත් බවට පොදු ව්‍යාපාර තේරීම් කාරක සභාවේ ඉන්න මැති ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ ගන්න කථානායකවරයාගෙන් ඉල්ලුවා  

2018-06-07 09:06:21

කේ.එස්. උදයකුමාර්


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් තමන් මුදල් ලබා නොගත් බවට දිවුරුම් ප්‍රකාශයක් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ තේරීම් කාරක සභාව සඳහා පත්කර සිටින මැති ඇමැතිවරුන්ගෙන් ලබාගන්නා ලෙස තමා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

සූතිකාධාර පනතේ අඩුපාඩු සකස් කිරීමට කටයුතු කර තිබෙනවා  

2018-06-06 15:24:30

කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සේවය හා වේතන විධිමත් කිරීමේ ) ( සංශෝධන ) පනත් කෙටුම්පත සහ සූතිකාධාර (සංශෝධන ) පනත් කෙටුම්පත අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය එළිදැක්වීමට අපේක්ෂා කරනවා - අග්‍රාමාත්‍ය  

2018-06-06 14:20:52

සංවර්ධනය කරා යන ගමනේ දී ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් පැවැතීමේ ඇති වැදගත්කම රජයක් ලෙස පිළිගෙන තිබෙන බවත් ජූලි මාසය වනවිට ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය එළිදැක්වීමට හැකි වෙතැයි අපේක්ෂ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මංගල එජාපයේ උප සභාපති ධූරයට  

2018-06-05 15:32:11

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

බැදුම්කර වාර්තා ගැන සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීමෙන් පාර්ලිමේන්තුවටත් පොදුවේ රටටත් විශාල අපකීර්තියක් සිදු වෙනවා- කතානායක  

2018-06-05 13:55:11

භාණ්ඩාගාර බැදුම්කර විමර්ශන කොමිෂන් සභාවට අදාළ වාර්තාවේ ඇතැම් හෙළි නොවූ කරුණු මුල්කර ගෙන සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ රටටත් විශාල අපකීර්තියක් සිදුව ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ලේකම් හා කථානායක බැඳුම්කර වාර්තාවේ C-350 ලේඛනය නොසඟවා හෙළි කළ යුතුයි  

2018-06-05 10:01:18

හර්ෂනී අර්සකුලරත්න


අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනා පිළිබඳ තොරතුරු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ C-350 ලේඛනයේ සඳහන්ව ඇතැයි පවසද්දීත් එම ලේඛන ඉදිරිපත් නොකොට යට ගසා සඟවා ගෙන නොසිට රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි.

මගේ අම්මා තාත්තා හම්බ කරපු දේපොළවලින් පර්පචුවල් සමාගමටත් සල්ලි දෙන්න පුළුවන්  

2018-06-05 09:54:02

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර


දේශපාලනය කරන්න මට එක එක කොම්පැනිවලින් සල්ලි ගන්න ඕනෑ නැහැ. මගේ තාත්තලා අම්මලා හම්බ කරලා තියෙන දේපොළවලින් මට ඕනෑ නම් පර්පචුවල් සමාගමට කීයක් හරි දෙන්න පුළුවන් යැයි ඇමැති කබීර් හෂීම් මහතා කියයි.

මූල්‍ය සමාගම් බිඳ වැටීම ගැන පාර්ලිමේන්තු විවාදය අද  

2018-06-05 08:52:23

ජේ.ටී.ද සිල්වා


ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් කඩාවැටීම පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

වියත්මඟ දේශනය රජයේ දර්ශනයට සමාන බව කීවත් ක්‍රියාත්මක නොවීම ගැටලුවක්  

2018-06-04 11:56:49

පනාගොඩ - චම්පා ජීවන්ති


වියත්මඟ දේශනයේදී තමන් දැක්වූ කරුණු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවැසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇතැයි හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03දා) සවස හංවැල්ල ජල්තරදී පැවැසීය.

මීට පස්සේ අපිට සල්ලි දෙන්න ආවොත් කාමරේකට දාලා වහලා සී.අයි.ඩී.යට කියනවා - හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  

2018-06-04 11:50:40

සිරිනාම රාජපක්ෂ


මින් පසුව එළැඹෙන මැතිවරණ ව්‍යාපාරවලදී අනුග්‍රහයක් ලබාදීමට කැමැති පුද්ගලයන්ගෙන් මුදල් ආධාර ලබා ගැනීමේදී ඔවුන් පිළිබඳව පොලිස් වාර්තාවක් සහ ග්‍රාමසේවා සහතිකයක් සමඟ ඔවුන්ගේ උප්පැන්න සහතිකයක්ද ඉල්ලා සිටීමට අදහස් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

මහවැලි ජනපදිකයින් වෙනුවෙන් ඉඩම් ඔප්පු 12,083ක්  

2018-05-31 13:22:01

මහවැලි බී, සී සහ රඹකැන්ඔය කලාපවලට අයත් ජනපදිකයින් 12,083ක් වෙත හිමිකම් ඔප්පු පිරිනැමීම හෙට (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව වැලිඔය ප්‍රදේශයේ දි සිදු කෙරේ.

එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටු නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි  

2018-05-30 14:20:03

සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිත පිරිසක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිිරිසේන මැතිතුමා හමුවිය.

බියගම ආසනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සංවිධායකවරයෙක්   

2018-05-18 12:52:29

ගම්පහ දිස්ති‍්‍රක්කයේ බියගම ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නලින් සේනක දිසානායක මහතා පත් කර තිබේ.

ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා රාජකාරි අරඹයි  

2018-05-17 14:35:26

ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ ආරිය බී.රැකව මහතා අද(17) උදෑසන ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිය රාජකාරි ආරම්භ කළේ ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon