නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ජනපතිගේ ‘මත විමසුම’ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද විමර්ශනයට  

2018-01-11 10:15:32

රට තුළ බලාත්මකව පවතින වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රතිපාදන අනුව ජනාධිපති ධුරයේ නිල කාලසීමාව වසර 05කට සීමා වී ඇතත් 2015 ජනවාරි 09 දින එම ධුරයට පත්වූ තමාට...එම කාල සීමාව ඉක්මවා වසර 06ක් සම්පූර්ණ වනතුරු ජනාධිපති ධුරයේ රැඳී සිටීමට යම් බාධාවක් තිබේ දැයි විමසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කළ මත විමසුම අද (11දා) ශේ්‍රෂ්ඨාධිකරණයේදී පංච පුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විමර්ශනය කිරීමට නියමිතය.

බැදුම්කර කොමිෂමේ වාර්තාව ලබන 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා- නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  

2018-01-10 15:25:43

බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂමේ වාර්තාව ලබන 17 දින පාර්ලිමේන්තුවට ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත ලගිය වන්න මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සන්ධානයේ මංගල රැලිය අද අනුරාධපුරයේ  

2018-01-10 12:22:09

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන මංගල ජනරැලිය අද (10දා) පස්වරු 3ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

රනිල්ට එරෙහි විශ්වාස භංගය කතානායකට  

2018-01-10 10:10:40

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මඟින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව අද (10දා) දින කතානායක කරු ජයසූරිය මහතාට භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

රු. 9,90,000කින් ජී.අයි. පයිප්ප මිලදී ගැනීමේ සිද්ධිය හිටපු ඇමැති කෙහෙළිය ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව 26වැනිදා විභාගයට ගැනේ  

2018-01-09 15:47:47

පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් මුදල් යොදා ගනිමින් ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ගොනුකළ නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කළේය.

විවාදයකට එකඟ වීමෙන්ම අගමැතිගේ විනිවිද භාවය පේනවා  

2018-01-09 12:37:29

විපක්ෂය ඉල්ලූ සැණින් බැඳුම්කර කොමිසම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වීම මඟින්...පෙන්නුම් කෙරෙන්නේ අග්‍රාමාත්‍යවරයා මනා විනිවිද භාවයකින් කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තුවේ සභා නායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව ජනවාරි 10 රැස්වෙයි  

2018-01-08 15:26:04

පාර්ලිමේන්තුව ජනවාරි 10 දින පෙ.ව. 10.30ට රැස්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා පවසයි.

පොලිස් නිලධාරීන්ගේ පහරදීමට ලක්වූ ජවිපෙ මන්ත්‍රි 19දා තෙක් රිමාන්ඩ්  

2018-01-08 12:11:54

සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් එහි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අශෝක රංවල මන්ත්‍රිවරයා ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත කිරිඇල්ල මහතා නියම කළේය.

කඩුවද...? ෆොටෝ එකද...?  

2018-01-07 14:35:36

පළාත් පාලන මැතිවරණය ක්‍රම ක්‍රමයෙන් ළඟා වෙනවාත් සමඟම දේශපාලන ක්ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් වීමට පටන්ගෙන තිබෙන අතර එම උණුසුම තවත් වැඩිවී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට භාරදීමත් සමඟය.

එජාප 71 වැනි සමුළුව අද කැම්බල් පිටියේදී  

2018-01-07 09:36:27

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි මහ සමුළුව අද (07දා) පෙරවරු 9ට බොරැල්ල කැම්බල් පිටියේදී එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

කතානායක හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි  

2018-01-05 09:55:13

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන අඟහරුවාදා (9දා) පෙරවරු 10.00ට කතානායකවරයාගේ නිල කාමරයේදී පැවැත්වෙන බව පක්ෂ නායකයන් වෙත ඊයේ (4දා) සවස කතානායකවරයා විසින් දැනුම් දී ඇත.

ජනවාරි 8 වැරැදුණු ජනතාවට පෙබරවාරි 10දා එය නිවැරැදි කරගත හැකියි  

2018-01-04 10:34:14

2015 ඡන්දයේදී වැරැදුණු ජනතාවට එය නිවැරැදි කර ගැනීමට මේ ඡන්දයේදී හැකියාව ලැබෙනවා. කවුරු කොහොම ජොයින්ට් වෙමු කියලා කිව්වත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී 51%ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිවම ප්‍රාදේශීය සභා පිහිටුවනවා යැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග බළපිටියේදී ප්‍රකාශ කෙළේය.

ජනවාරි 8 අපි ජනාධිපතිතුමාට දුන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්  

2018-01-03 11:49:00

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා, හොරුන්ටම නීතිය හා සාමය භාර දුන්නාම රටට දෙයියන්ගේම පිහිටයි. මහින්ද රාජපක්ෂට දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මත්ද්‍රව්‍ය ගැන. වැඩි වැඩියෙන් මත්ද්‍රව්‍ය අහු වෙනවලු. එතුමාගේ කාලෙ එහෙම වුණේ නෑලු. යහපාලන කාලෙ වැඩි වැඩියෙන් මත් ජාවාරම් සිදුවෙනවලු. අපිට මතකයි ඒ කාලෙ මීගමුව ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් අල්ලපු වෙලාවෙ රටේ ඉහළ පුරවැසියෙක් හෙලිකොප්ටරෙන් ගිහින් ඒ ජාවාරම්කාරයා බදාගෙන වැලඳගෙන බේරාගත්ත ආකාරය.

රනිල් හෙට විශේෂ හමුවක් කැඳවයි  

2018-01-02 15:46:47

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් අපේක්‍ෂාවෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් හෙට (03දා) උදේ පෙ.ව. 8.30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

මහින්ද ඉදිරියේ අද ප්‍රතිඥාවක්  

2018-01-02 11:33:33

'රට හැදූ මහා නායකත්ව පෞර්ෂය අබියස ගම හදන ප්‍රතිඥාව' දීමේ සමාරම්භාභිෂේකය ඒකාබද්ධ පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ගේ සහභාගිත්වයෙන් අද (2දා) සවස 4.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon