නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

බලලෝභී පරාජිත බලවේග වියරු වැටිලා  

2017-10-26 12:01:09

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති "වියත් මඟ" නම් වූ උත්සව සභාවකදී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. 88-89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් "දේශද්‍රෝහීන්ට මරණය" යන ලේබලය ගසා එය කළ යුතු බවත් එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත් ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

ශ්‍රී ලනිප සියලු මන්ත්‍රින්ට මෛත්‍රිගෙන් කැඳවීමක්  

2017-10-24 15:48:13

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල සහ මෛත්‍රි පිල නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවැම්බර් මස 3 වැනිදා දහවල් 12.00ට ජනාධිපති නිල නිවෙසට කැඳවා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපති කටාර් සංචාරයක  

2017-10-24 10:03:11

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටාර් රාජ්‍යයෙහි සිවු දින නිල සංචාරයක් සඳහා අද (24දා) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.එම නිල සංචාරයේදී කටාර් රාජ්‍යයෙහි රජු ඇතුළු රාජ්‍ය නායකයන් පිරිසක් හමුවීමට නියමිතය.

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් අක්තපත්‍ර භාර දෙති  

2017-10-23 14:26:29

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

සංහිඳියාව ඇති කිරීමට බලය බෙදා වැඩක් නැහැ  

2017-10-23 11:18:44

ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ගේ පොදු ප්‍රශ්නවලට විසඳුම් දීමෙන් මිස බලය බෙදීමෙන් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

පළාත්පාලන හා පළාත් සභා ඡන්ද ජනවාරියේ හා මාර්තුවේ පවත්වනවා  

2017-10-21 12:18:06

පළාත් පාලන මැතිවරණය එළැඹෙන ජනවාරි මාසයේදීත් පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදීත් ස්ථිරවම පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා 'මව්බිම'ට කීය.

මෛත්‍රි - මහින්ද එක්වීම අඩාල වන ලකුණු  

2017-10-21 10:03:35

පළාත් පාලන මැතිවරණයට පෙර මෛත්‍රි - මහින්ද එකතු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමට පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් විසින් ගෙන යන වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක නොවන තත්ත්වයක් උද්ගතව තිබේ.

'සයිටම් වහන්නේ නැතිව ඕන විසඳුමකට එන්න සූදානම්' ඇමති කිරිඇල්ල කියයි  

2017-10-19 13:21:27

සයිටම් නොවසා, සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්නය විසඳිමට සූදානම් නම් එයට සූදානම් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය හා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අධිවේගී මාර්ග ඉදිකිරීම් දූෂණ වංචා විවාදය අද  

2017-10-19 12:05:59

අධිවේගී මාර්ග ඉදිකිරීම් සම්බන්ධව සිදුවී ඇතැයි පැවැසෙන දූෂණ වංචා පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අද (19දා) පැවැත්වේ.

පුංචි ඡන්දය පවත්වන දිනය දෙයියොවත් දන්නේ නැහැ  

2017-10-19 11:35:28

ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය දෙවියන් වහන්සේටවත් පැවැසිය නොහැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සහ මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු මණ්ඩලයේ සාමාජික රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව මම පිළිගන්නේ නැහැ  

2017-10-18 14:50:17

උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමට කැපවිය යුතුයි - ජනාධිපති  

2017-10-18 11:33:06

සමඟිය අප රටට පමණක් නොව මුළුමහත් ලෝකයේම පැවැත්මට අත්‍යවශ්‍ය වී ඇති අද දවසේ ශ්‍රී ලාංකිකයන් වන අප ජාති ආගම් කුල වශයෙන් බෙදී වෙන්වීම වෙනුවට සහජීවනයත් සංහිඳියාවත් මත පදනම් වූ ගැඹුරු බැඳීමක් හා අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමට කැපවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දීපවාලී දිනය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රීලනිපයේ නව සංවිධායකවරු නවයකට පත්වීම් ලැබෙයි  

2017-10-17 17:27:34

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු 09 දෙනෙකු පත් කිරීම සඳහා පත්වීම ලබා දීම අද(17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ අතින් සිදු කෙරුණා.

මම දන්නේ නැහැ කියල මෛත්‍රිට පැනල යන්න බැහැ  

2017-10-17 12:27:27

එක පැත්තකින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා කිරීමට සැරසෙන අතර අනෙක් පැත්තෙන් ඔවුන් ආසන සංවිධායක ධුරවලින් නෙරපා හැරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ දෙබිඩි පිළිවෙත හෙළි කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බැසිල්ගේ පොහොට්ටුව පිපෙන්න පෙරම පරවෙනවා  

2017-10-17 11:01:41

අලුතින් පිපෙන්න හදන පොහොට්ටුව බැසිල් රාජපක්ෂ සමඟින් පිපෙන්නට පෙරම පරවී යන බව අපි විශ්වාසයෙන් කියන බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon