නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

නිදහසෙන් පසු ලංකා ඉතිහාසයේ දැඩිම මර්දනය දැන් සිදුවෙනවා  

2017-10-16 13:14:07

සාමාන්‍ය ජනතාවත් සමඟ සාපේක්ෂව සැසඳීමේදී වර්තමාන ආණ්ඩුව ලෝ මේකර්ස්ලා ටී මේකර්ස්ලාගේ තත්ත්වයට පත් කරලා තියෙනවා. නීති සම්පාදකයෝ තේ හදන අයගේ තත්ත්වයට පත් කරලා ඒකට උදවු දෙන නීතිඥයෝ පවා අත්අඩංගුවට ගැනීම ආරම්භ කරලා තියෙනවා.

මත්තල ගුවන්තොට අපි විකුණන්නේ නැහැ  

2017-10-16 12:43:55

මත්තල ගුවන්තොටුපොළ විකිණීම සඳහා රජය කිසිදු තීන්දුවක් අරගෙන නොමැති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා හම්බන්තොට - මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති, මහවැලි කලාපයේ සිටින ගොවිජනතාව හට හිමිකම් පත්‍ර 3,000ක් ලබාදීමේ අවස්ථාවට එක්වීමෙනි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා උතුරේ අද හර්තාලයක්  

2017-10-13 11:01:53

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි රජයට බල කරමින් අද (13දා) උතුරේ හර්තාලයක්ද, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වේ.

මන්ත්‍රිවරුන් නොවන ආසන සංවිධායකයන් අද මෛත්‍රි සමඟ  

2017-10-12 12:51:05

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවන ආසන සංවිධායකයන් පක්‍ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12දා) විශේෂ සාකච්ඡාවකට සිය නිල නිවෙසට කැඳවා තිබේ.

පළාත් පාලන මැතිවරණ ගැසට් නිවේදනය සතියකින්  

2017-10-12 11:37:53

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආඥා පනත අදාළ ගැසට් නිවේදනය තව සතියකින් නිකුත් කිරීමට හැකිවනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න ආණ්ඩුව උනන්දුවක් නෑ  

2017-10-12 09:47:32

පෞද්ගලික ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් වහා මාධ්‍ය ප්‍රචාරයක් දී පුද්ගලයන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්න දක්වන උනන්දුව බැඳුම්කර සොරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවට නෑ.

කබීර්-මලික් අද කොමිසමට  

2017-10-11 10:03:34

බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනයේදීත් සාක්ෂි විභාගයේදීත් ඊට අදාළ විවිධ අවස්ථාවන්ට සම්බන්ධ වූ බවට කොමිසම හමුවේ නම් අනාවරණය වී ඇති කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන් අද කොමිසමට කැඳවනු ලැබ ඇත.

අගමැති අද ෆින්ලන්තයට   

2017-10-09 12:22:03

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(09) ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත් ව යාමට නියමිතය.

ජීවිත 28ක් බේරාගත් රියැදුරුට වීර පදක්කමකින් උපහාර පිදිය යුතුයි  

2017-10-09 11:01:16

මිනිස් ජීවිත 28කගේ දිවි ගලවා තම ජීවිතය පූජා කළ මියගිය එච්.එම්.ආර්. කීර්ති බණ්ඩාර රියැදුරු වෙනුවෙන් වීර පදක්කමක් දෙන්නැයි ඥාතීහු ඉල්ලති. ඉකුත් පළමුවැනිදා බණ්ඩාරවෙල සිට කොස්ගම දක්වා ද ධාවනය වූ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථය උඩ විහාරගල දී කාර්මික දෝෂයක් හේතුවෙන් අඩි දහසකට වඩා පල්ලමකට යා නොදී එය වළක්වාලමින් ගලක වැදීමට සලස්වා ජීවිත 28ක් බේරා ගැනීමට කටයුතු කළ රියැදුරු මහතාට වීර පදක්කමක් දීම මහත් සහනයක් වන බව ඥාතීහු පවසති.

අය-වැය විසර්ජන පනත අද පාර්ලිමේන්තුවට  

2017-10-09 10:15:28

2018 අය - වැය ප්‍රථම වර කියැවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද (9දා) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

අද හෙට යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක්  

2017-10-08 16:07:33

සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් අද (08) සහ හෙට (09) යන දිනවලදී ජාතික තරුණ සේවා සභාවේ පිහිටි යොවුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

එජාප නාම යෝජනා ලැයිස්තු ඉවර වෙන්න ළඟයි  

2017-10-07 13:18:49

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේනාම යෝජනා ලැයිස්තු සැකැසීම බොහෝදුරට අවසන් වී ඇතැයි සිරිකොත එජාප මූලස්ථාන ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසුවේය.

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි  

2017-10-07 11:02:59

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අනතුරු අඟවයි.

රවිට එජාප උපනායකකමත් නැති වෙන්න යයි  

2017-10-07 10:29:38

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට බැඳුම්කර සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනා අනුව එක්සත් ජාතික පක්ෂයේ ගෞරවයට හා පැවැත්මටත් යහපාලන රජයටත් බරපතළ හානියක් සිදුව ඇති බවට පැහැදිලිවම තහවුරු වී ඇති බැවින් ඔහු එජාප උප නායක ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට එජාප මැති ඇමැතිවරු පිරිසක් තීරණය කර ඇතැයි අනාවරණය වෙයි.

මත්තල ගුවන්තොට විකුණා දැමීමට එරෙහිව ඒකාබද්ධයෙන් උද්ඝෝෂණයක්  

2017-10-04 13:25:59

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ජනතා උද්ඝෝෂණයක් ඔක්තෝබර් 06 වැනිදා උදෑසන 10ට හම්බන්තොට දී පැවැත්වේ. ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති රැසක් මෙම උද්ඝෝෂණයට සහාය ලබාදෙන අතර ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ විකුණා දමන්නේ ණය ගෙවීමේ අරමුණින් නොව ඇමෙරිකානු ඩොලර් බිලියන 24ක් වටිනා යුද නැවක් ගෙන ඒමට බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon