නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

අගමැතිට එරෙහි විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙයි  

2018-04-04 11:15:47

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කල බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අගමැතිට එරෙහිව ඡන්දය නොදී ඉන්න ශ්‍රීලනිපය තීරණය කරයි  

2018-04-04 10:47:02

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටින බව රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා පවසයි.

අද සවස මහින්දගේ ගෙදර විශේෂ රැස්වීමක්  

2018-04-03 13:13:24

අගමැතිවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳව විශේෂ තීරණ කීපයක් ගැනීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා "මව්බිම"ට පැවැසීය.

තීරණාත්මක සාකච්ඡා 4ක් අද සහ හෙට   

2018-04-02 13:26:49

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව තීරණාත්මක විශේෂ සාකච්ඡා 4ක් අද (02දා) සහ හෙට (03දා) පැවැත්වීමට නියමිතයි.

ගෘහ සේවක-සේවිකාවන්ටත් අර්ථ සාධක අරමුදල් ගෙවීමේ නව නීති  

2018-04-02 11:25:56

ගෘහ සේවක,සේවිකාවන්ටත් ඉදිරියේ දී අර්ථ සාධක අරමුදල් ගෙවීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

ජාත්‍යන්තර බෝනොවන රෝග සමුලුවක් ශ්‍රී ලංකාවේ දී  

2018-03-29 10:17:03

බෝනොවන රෝග පිළිබද ප්‍රථම සාක් කළාපීය සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී ලබන 31 සහ අප්‍රේල් 01 යන දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස කේ.ටී. චිත්‍රසිරි මහතා දිවුරුම් දෙයි  

2018-03-28 17:37:48

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අප්‍රේල් 2ත් 6ත් අතර එජාප මන්ත්‍රින්ට රට යෑම තහනම්  

2018-03-28 13:27:53

අප්‍රේල් 2 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරවල යෙදීමෙන් වළකින ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප මැති ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ.

සබරගමුව සංවර්ධන කාර්යාලය​ වැඩ අරඹයි  

2018-03-28 11:12:46

කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යංශයේ සබරගමුව සංවර්ධන කාර්යාලය කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනයට නවසීලන්ත සහාය  

2018-03-26 11:41:49

ශ්‍රී ලංකාවේ  ධීවර ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට නවසීලන්තයේ ආයෝජකයින් උනන්දු කරවීමට තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් Joanna Kempker මහත්මිය ප්‍රකාශ කළාය.

අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ අංශයෙන් රැකියා ලක්‍ෂ 02 ක්  

2018-03-26 09:54:59

අප රජයේ දැක්ම වන්නේ වර්ෂ 2022 වන විට ශ්‍රි ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන හා ඩිජිටල් සවිබල ගැන්වීම සහිත තරඟකාරී කේනද්‍රස්ථානයක් බවට පත් කිරීම බවත්, එමඟින් අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රැකියා ලක්‍ෂ 02 ක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ජන්ම දිනය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආගමික වැඩසටහන් මාලාවක්  

2018-03-24 17:30:44

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් මාර්තු මස 24 වැනි දින දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය.

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට - ව්‍යවස්ථාවට අනුකූලව ගේන පනතක්  

2018-03-23 13:13:07

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

කොළඹ මහනගර සභාවේ ප්‍රථම පුරපතිනිය වැඩ අරඹයි  

2018-03-22 11:37:41

කොළඹ මහනගර සභාවේ  පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.

පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235ක්  

2018-03-22 10:40:52

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ලංකාවේ විවිධ ප්‍රදේශවලට පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන්කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon