නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

ග‍්‍රාමශක්ති බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටුව අද ජනපති ප‍්‍රධානත්වයෙන්  

2019-02-18 07:03:23

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ගම්පහ, හේනේගම ප‍්‍රදේශයේ දී පැවැත් වේ.

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  

2019-02-17 09:02:13

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අද දිනයේදී, ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දුගීභාවය පිටුදැකීමේ ජනපතිගේ වැඩපිළිවෙළ ප්‍රශංසනීය යි.  

2019-02-16 13:10:34

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උප සභාපතිවරයා පවසයි.

ගාල්ලට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්  

2019-02-16 07:05:33

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලබන ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වැඩ ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 17) පෙ.ව.8.30 ගාල්ල, නුගදූව හතරමංහන්දිය අසළදී සිදු කිරීමට නියමිතය.

සමස්ත ලංකා සිසුන්ට උපහාර  

2019-02-15 17:25:52

පසුගියදා පැල්මඩුල්ල ගන්කන්ද මධය විද්‍යාලයේ සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගත් සිසු සිසුවියන්හට විද්‍යාලයෙන් විශේෂ සහතික පත් සහ ත්‍යාග පිරිනැමුණුනා. එම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්ප්පති සහ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්ද සහභාගී වී සිටියා. 

 

නවීන තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තයේ නිරතවීමට තරුණ ගොවි පරපුරට දොරගුළු විවර කළයුතු බව ජනපති පවසයි.  

2019-02-15 17:16:11

නවීන තාක්ෂණයත් සමග කෘෂිකර්මාන්තයේ නිරතවෙමින් නව ලෝකය සමඟ එක්වීමට මෙරට තරුණ ගොවි පරපුරට සියලු ඉඩ ප්‍රස්ථා විවර කර දිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

පන්ති තහනම ඉවත් කරන්නැයි සබරගමු සරසවි සිසුහු වීදි බසිති  

2019-02-15 14:20:32

සතියක පන්ති තහනම් කර ඇති සබරගමු සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 54 දෙනාගේ පන්ති තහනම ඉවත් කරන් ලෙස ඉල්ලමින් අද (15) දහවල් එම සරසවියේ ප‍්‍රධාන පිවිසුම් ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

ජීවී කැස්බෑවෙකු ගමන්මල්ලක සඟවාගෙන යමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාවට කොටුවෙයි  

2019-02-15 13:30:44

පාමුර සංචාරයේ යෙදී සිටි උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 14) දින ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය රෝහල ඉදිරිපිටදී සැක සහිත ලෙස පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා පරීක්‍ෂාවට ලක්කර ඇත. එහිදී ඔහු සතුව තිබූ ගමන්මල්ලෙහි ජීවී කැස්බෑවෙකු සඟවාගෙන සිටින බව නිරීක්‍ෂණය කළ 

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී  

2019-02-15 13:28:53

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (පෙබරවාරි 14) ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මෙම සැක කටයුතු පුද්ගලයා පරීක්‍ෂාවට ලක්කර ඇති අතර, එහිදී ඔහු‍ගේ ගමන්මළුවේ තිබී කේරළ ගංජා ක්‍රිලෝ ග්‍රෑම් 02 ක්, රුපියල් 4,610 ක මුදලක් ද ප්‍රවාහනය සඳහා භාවිතාකළ යතුරුපැදිය ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

උසස් පෙළ අයදුම්පත් බාරගැනේ  

2019-02-15 12:17:53

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2019 විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සීගිරිය නරඹන වෙලාව අද සිට වෙනස් වෙයි  

2019-02-15 08:05:11

සීගිරි නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව අද(15) සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

164 වන නව ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට  

2019-02-15 07:27:31

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස - සූරියපොකුණ ඉදි වු 'සදාසෙත්ගම' 164 නව ආදර් ශ ගම්මානය අද (15) පෙ.ව 11.00 ට ජනතා අයිතියට පත් කිරිම,නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිත ය.

'නිදහසේ ගී' ප්‍රසංගය අද නිදහස් චතුරස්‍රයේ දී  

2019-02-14 14:07:55

ජාතික ගුවන්විදුලියෙන් පිදෙන ගීතමය උපහාරය''නිදහසේ ගී'' ප්‍රසංගය අද (14) ප.ව. 6.00ට කොළඹ 07, නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හට පාකිස්ථානු රජයෙන් ගෞරවාන්විත පදක්කමක්  

2019-02-14 12:08:18

මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය (Aman International Naval Exercise) සඳහා සහභාගී වී සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය.

ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව ඇතුළු තේ කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳ සොයා බලා ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්  

2019-02-14 10:26:27

තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව ඇතුළු තේ කර්මාන්තය ආශ්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විශේෂ කමිටුවක් පත්කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon