නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනපති නේපාලයට …  

2018-08-29 13:04:02

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ නේපාලය බලා පිටත්ව ගියේය.

පළාත් සභා ඡන්දය ජනවාරියේ; කල් දැමීමට ඉඩ දෙන්නේ නෑ  

2018-08-27 12:02:13

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත්, පළාත් සභා මැතිවරණය කිසිසේත්ම කල්දැමීමට ඉඩනොදෙන බවත්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

සීමානිර්ණ වාර්තාව අද එයිද?  

2018-08-24 09:13:33

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සඳහා සහාය නොදීමටත්, ඡන්දය නොදීමටත් එජාපයත්, ඒකාබද්ධ විපක්ෂය හා සුළු ජාතික පක්ෂ කීපයකුත් තීරණය කිරීම නිසා කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වේද? නැතහොත් විවාදය කල් තබයිද? එසේත් නැතහොත් යෝජනාව තාවකාලිකව ඉල්ලා අස්කර ගනීද?

 

ශ‍්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය කිරීමට ජපානයේ සහය  

2018-08-21 14:09:21

ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු වෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරයි….  

2018-08-18 13:28:53

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ කිසිදු සාමාජිකයෙක් හෝ සමීප ඥාතියෙක් ලෙස සැලකෙන කිසිදු පුද්ගලයෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කටයුතු නොකරයි.

ප්‍රශ්න කරන්න CIDයට මහින්දගෙන් වේලාවක්  

2018-08-17 08:32:11

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රහස් පොලිසිය අද (17දා) දින ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබිණි.

පළාත් සභා ඡන්ද කල් දැමීම ගැන 23දා මැතිසබේ විවාදයක්  

2018-08-15 14:00:56

පළාත් සභා මැතිවරණය කල් දැමීම ගැන ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායක හමුවේදී තීන්දු කළ බවත් අවශ්‍ය නම් එහිදී ඡන්දයකට වුවද යන බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් 'මව්බිම'ට පැවැසීය.

අලුත් ඡන්ද ක්‍රමයට 24වැනිදා තීරණාත්මකයි - ලක්ෂ්මන් කිරිඇල්ල  

2018-08-12 13:48:28

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ යෝජනාව මේ මස 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම යෝජනාව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වුවහොත් පමණක් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බවත් එසේ සම්මත නොවුණහොත් පැරැණි මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවන බවත් පාර්ලිමේන්තුවේ සභා නායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

වැටුප් කොමිසමේ පත්‍රිකාව 14වැනිදා කැබිනට් එකට  

2018-08-12 12:04:10

සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා රාජ්‍ය සේවා වැටුප් කොමිසම ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන අඟහරුවාදා (14දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පැවැසීය. එම වැටුප් කොමිසම ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඉදිරි මාස තුන තුළදී සියලුම රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බවද හෙතෙම පැවැසීය.

තම වරප‍්‍රසාද මෙන්ම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් සිතා බැලිය යුතු බව ජනපති පවසයි.  

2018-08-09 13:17:02

තම වරප‍්‍රසාද පිළිබඳ සේම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. වැඩවර්ජනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව රටේ අහිංසක පොදු මහජනතාව බව ජනාධිපතිතුමා කියා සිටියේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවති වැඩසටහනකට අද (09) පෙරවරුවේ එක් වෙමිනි.

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නෑ- සෞඛ්‍ය ඇමති කියයි  

2018-08-08 15:12:48

රජයේ රෝහල්වල තිබෙන ඖෂධ තොග පිළිබඳ විස්තර පරිගණක ගත කොට ඇති අතර යම් ඖෂධයක් අවසන් වු විට එම ඖෂධ පිටතින් මිල දී ගැනිමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මහනුවර සිදුවීමේ දේපළ හානි වන්දි ලබාදීම ඉක්මනින් ම අවසන් කරනවා  

2018-08-08 13:44:37

මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලබලකාරී සිදුවීමෙන් හානියට පත් දේපළ සඳහා වන්දි ලබාදීමට රජය රුපියල් මිලියන 205ක තක්සේරුවක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් 25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වෙයි  

2018-08-07 13:45:30

2018 අගෝස්තු මස 04 වැනි දින සිංගප්පූරුවේ පැවැති 25 වැනි ආසියානු කලාපීය සංසදයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් දරන ලදී.

මැති ඇමති වැටුප් වැඩි කිරීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බව ජනපති පවසයි  

2018-08-05 11:48:56

මැති ඇමති වැටුප් වැඩි කිරීමට තීරණය කළේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවට ඉරිදා පුවත්පත්වල පළ වී තිබුණ ද ඒ කවර යෝජනාවක් වුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත්, තමා කිසිසේත් එවැන්නකට ඉඩ නොතබන බවත් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ධිවර අමාත්‍යංශයට නව ලේකම්වරියක්  

2018-08-02 15:17:41

ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ඩබ්ලිව්.පි. සන්දනායක මහත්මිය අද (02) වැඩ භාර ගත්තාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon