නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

එක් දින වරම් ලබා වසර 10කට පසුව මහේල ටෙස්ට් ක්‍රිකට් සංචිතයට  

2018-05-14 16:33:58

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් හිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ටෙස්ට් ක්‍රිකට් කෝඩුකාර ක්‍රීඩකයන් 4ක් ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ඒ අනුව මැයි 26 වනදා සිට ජුනි 28දා දක්වා පැවැත්වෙන මෙම තරග සංචාරයේදී මහේල උඩවත්ත, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ හා අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට මෙලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබීමේ අවස්ථාව සැලසී ඇත.

ක්‍රිකට් නිලවරණය 31දා  

2018-05-11 16:57:16

නීතිපතිවරයාගේ නිර්දේශය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 31 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ලොව හොඳම පුහුණුකරු මහේල බව ලොව ධනවතකු වන අම්බානිගේ බිරිය කියයි  

2018-05-11 14:45:00

මෙවර අයි.පී.එල් තරගාවලියේ නොකඩවා තුන්වැනි ජයග්‍රහණයත් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා පැමිණ ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිනිය මෙන්ම ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බිරිය වන නීටා අම්බානි ප්‍රකාශ කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානු හොකී වීරයාට ඉන්දියාවෙන් හදවතක්  

2018-05-09 16:18:06

ලෝක ශූරතාව දිනූ පාකිස්තානු හොකී කණ්ඩායමේ දැල රකින ක්‍රීඩක මන්සුර් අහමඩ් කලක් තම ප්‍රතිවාදීන් වූ ඉන්දීය කණ්ඩායමේ හදවත් බිඳ හෙළමින් ක්‍රීඩා කළද පසුගියදා දිවි රැකගන්න හදවත් සැත්කමක් සඳහා ඉන්දියාව වෙත පැමිණියා. මේ වන විට දරුණු හදවත් ආබාධයකින් පෙළෙන ඔහු 49 හැවිරිදි වියේ පසු වෙනවා.

ශ්‍රී ලංකාවෙන් සිවු දෙනකුගේ කණ්ඩායමක්  

2018-05-09 12:42:01

මැයි මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා මලයාසියාවේ ක්වාලලාම්පූර්හි ජාතික ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත මලයාසියානු විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සිවු දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

සත්කාරකයන් පරදා ඉන්දියාව පෙරමුණට  

2018-05-07 13:18:30

රටවල් 7ක සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දෙදිනක් පුරා පැවැති 3 වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 8ක් දිනාගත් ඉන්දියාව එහි ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර දෙවැනි ස්ථානය රන් පදක්කම් 12ක් රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 19ක් සමඟින් ශ්‍රී ලංකාවට හිමි විය.

ලංකාවේ රන් බලාපොරොත්තු ඉටුවෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හෙට - අනිද්දා කොළඹදී  

2018-05-04 13:45:33

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හෙට (05දා) සහ අනිද්දා (06දා) යන දෙදින කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර, රන් පදක්කම් කිහිපයකම බලාපොරොත්තු ශ්‍රී ලංකාව තබා ගෙන තිබේ.

මගේ ජයග්‍රහණය ගැන බිය වී ඇති සමහරු මට මඩ ගහනවා තිලංග  

2018-05-02 16:57:22

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 19 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබුණද බලපා ඇති නීතිමය තත්ත්වයන් හේතුකොට ගෙන නිලවරණය කල් දමා වත්මන් ක්‍රිකට් නිලධාරි මණ්ඩලයම නව අතුරු කමිටුවක් සේ පත් කිරීමට නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කොට ඇතත්, ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී වත්මන් ක්‍රිකට් අතුරු කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ ක්‍රිකට් නිලවරණය මැයි 31 වැනිදා පැවැත්වීමට අදහස් කරගෙන ඇති බවය.

මාලිංගට යළිත් අත වනයි  

2018-05-01 17:12:35

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් මෙහෙයවනු ලබන අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා මින් පෙර ඇතුළත් නොකළ රොෂේන් සිල්වා සහ දිල්රුවන් පෙරේරා කණ්ඩායම් 2කට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

‘මැදි මහ සටන’ හෙට දඹුල්ලේදී  

2018-04-25 13:29:53

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය හා තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙවත් 'මැදි මහ සටන' හෙට (26දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මම හොඳට ක්‍රීඩා කළා: හොඳට ෆිට්: ඉවත් කරන්න සාධාරණ හේතුවක් නැහැ - මාලිංග  

2018-04-23 14:43:21

2017 වසරේදී දක්ෂතා අතර සිටියද පත් වූ නව තේරීම් කමිටුව තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක්  

2018-04-20 13:04:52

මැයි 4 වැනිදා සිට 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 8 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

දේශපාලනඥයන් ලංකාවේ ක්‍රිකට් විනාශ කරනවා මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේදී පවසයි  

2018-04-19 14:44:30

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනෙන් දින විනාශය කරා ගෙනයනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අල්ප හෝ දැනුමක් නොමැති දේශපාලනඥයන් යටතට ක්‍රීඩාව පත්ව ඇති නිසා බව ලෝක පූජිත පිට දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය අලුතින්ම ලියති  

2018-04-12 13:41:37

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමිවූ 6 වැනි පදක්කම මෙන්ම බොක්සිං ඉසව්වෙන් හිමිවූ තෙවැනි පදක්කම දිනා දෙන්නට ඉෂාන් බණ්ඩාර ඊයේ සමත් වූ අතර එම පදක්කමත් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මෙතෙක් හිමිවූ වැඩිම පදක්කම් එකතුව වාර්තා කිරීමටද ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

සංගක්කාරගේ අගය වැඩි වෙයි  

2018-04-11 13:11:34

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගම් සම්මේලනය විසින් නව ක්‍රීඩක උපදේශක කමිටුවක් පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර එම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම හිටපු කඩුලු රකින ක්‍රීඩක වන කුමාර් සංගක්කාර ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon