නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

සල්මන් මෙදාසැරේ කරපු දේ  

2018-06-07 09:20:34

මේ මාසයේ තිරගත වන්නට නියමිත Race 3 හින්දි චිත්‍රපටයෙන් ඔබට අනිල් කපූර්, සල්මන් ඛාන් හා ජැක්ලින් ෆැර්ඩිනැන්ඩස් වැනි සුපිරි රංගන තරු කිහිපදෙනෙක්ගේම රංගනය දැක ගන්න පුළුවන්. සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයෙන් හා රංගනයෙන් හැඩවෙන මේ සිනමා නිර්මාණයට ප්‍රථම වතාවට ඔහු ගීත රචකයෙක් විදියටත් සම්බන්ධ වෙනවා.

දීපිකා - රන්වීර් එක වහලක් යටට යන ලකුණු  

2018-06-05 10:25:44

ආනන්ද් අහුජා හා සෝනම් කපූර් යුවළගේ ආදර සම්බන්ධය ගැන බොලිවුඩයේ කටකතා පැතිරෙන්නේ කාලයක ඉඳන්මයි. මේ දෙදෙනාගේ ආදර කතාව මල්ඵල ගන්වමින් පසුගිය දිනෙක මේ යුවළ විවාහ දිවියට එළඹුණේ බොලිවුඩ් තරු පිරිවරාගත් උත්කර්ෂවත් මංගල උත්සවයකින්.

රජ පවුලට එක්වූ මේගන්ට තහංචි පනින්න බෑ  

2018-05-29 15:03:59

හැරී සහ මේගන්ගේ විවාහය බොහෝ දෙනකුට තිත්ත වුවත් දැන් යථාර්ථයක්. වේල්සයේ රෝස කුසුම වූ ඩයනා කුමරියගේත්, චාල්ස් කුමරුගේත් දෙවැනි පුතුගේ විවාහය බොහෝ දෙනකුට පුදුම උපදවන කාරණයක් බවට පත් වුණා. සෙල්ලක්කාර ජීවිතයක් ගත කරමින් තරුණියන් කිහිපදෙනකු සමඟම පෙම් සබඳතා තිබූ බවට නම අෑ¼දා ගත් හැරී කුමරුගේ හිත අවසානයේ නතර වුණේ ඇමෙරිකානු නිළියක් වුණු මේගන් මාකෙල් අබියසයි.

රන්බීර්ට අමිතාබ්ගෙන් ලකුණු  

2018-05-18 16:56:09

නව පරපුරේ බොලිවුඩ් තරු අතරට එක් වෙන රන්බීර් කපූර් රංගන හැකියාවන්ගෙන් පිරිපුන් දක්ෂ රංගන තරුවක්. ඔහුගේ රංගනය ගැන ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් පවා කතා කරන්නේ හරිම සතුටින්.

අධිරජ ධර්මාශෝක ටෙලියෙන් හමුවන ධර්මාශෝක සහ දේවි කවුද?  

2018-05-14 18:40:15

ඉතිහාස කතාවට අනුව නම් ධර්මාශෝක රජුට බිසෝවරු පස් දෙනකු විය. ඔහුගේ පළමු බිසව වේදිසා මහාදේවි ශාඛ්‍යකුමාරි නොහොත් දේවි බිසවය. කෞර්වකී, අසන්ධිමිත්‍රා, පද්මාවතී සහ තිස්යාරක්‍ෂිතා අනෙකුත් බිසෝවරුන්ය. අශෝක කුමරු බින්දුසාර රජුගේ යුවරාජයාව සිටි කාලයේ උජ්ජයින් ප්‍රාන්තයේ අවන්තිහි වාසය කළ බව වගේම, එහිදී දේවි හමුවුණු බවත් අශෝකාවදානය නම් ග්‍රන්ථයේ සඳහන් වේ. ඇය විදිශා නගරයෙහි සිටුවරයකුගේ දියණියක වූ අතර අශෝකට 18 වැනි විය එළැඹෙත්ම පළමු විවාහය සිදු වූ බව සඳහන්ය. නමුත් අධිරජ ධර්මාශෝක ටෙලි කතා මාලාවට අනුව දේවි, අශෝකගේ හා කෞරවකීගේ පෙම් සටන ජය ගැනීමට අවංක සිතින් උදවු කළ තැනැත්තියයි. ඇයට කෞර්වකී තම සොහොයුරියක්, මිතුරියක් සේ තම දිවියේ සියල්ල නොසඟවා පැවැසූ අයුරුත් අවසන් නිමේෂය දක්වාම ඇය පිළිබඳව විශ්වාස කළ අයුරුත් මනාව ප්‍රකට කරයි.

බි්‍රතාන්‍ය රජ පවුලේ මංගල්‍යයට ප්‍රියංකා එන්නේ ඇයි?  

2018-05-13 16:34:46

රංගනයෙන් හා ගායනයෙන් රසික සිත් වසඟයට ගත් ප්‍රියංකා චොප්රා, බොලිවුඩයත් හොලිවුඩයත් එක ලෙස ජයගත් සුරූපිනියක්. Quantico ඇමෙරිකානු ටෙලි කතා මාලාව හරහා හොලිවුඩයේ ජනප්‍රිය වන ඇය ඇමෙරිකානු නිළි Meghan Markle ගේද සමීප හිතවතියක්.

සෝනම්ගේ විවාහය  

2018-05-03 17:48:28

බොලිවුඩයේ සිටින ආකර්ෂණීය නිළියක් වන සෝනම් කපූර්ගේ විවාහ උත්සවය මේ දිනවල බොලිවුඩය පුරා කතාබහට ලක්වන මාතෘකාවක්. සෝනම් කපූර් සහ ආනන්ද් අහුජා යුවළගේ මෙහෙන්දි උත්සවය පවත්වල තියෙන්නේ මුම්බායි ප්‍රදේශයේ රුපියල් කෝටි 35ක් වටිනා සුඛෝපභෝගී ගොඩනැඟිල්ලක. මෙම යුවළගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානය පිළිබඳ තවම හරියට කියලා නැති වුණත් ඉන්දියාව පුරා පැතිර යන කටකතාවලින් ආරංචි වෙන්නේ මංගල උත්සවය මුම්බායි සහරාහි පිහිටි ලීලා ප්‍රදේශයේ පවත්වනව කියලයි.

බි්‍රතාන්‍ය රජ පවුලට අලුත් කුමාරයෙක්  

2018-05-02 17:20:38

බි්‍රතාන්‍ය රාජකීය පවුලට පසුගිය අප්‍රේල් 23 වැනිදා නව සාමාජිකයෙක් එක්වුණා. අලුතින් එක්වුණු මේ සාමාජිකයා විලියම් කුමරුන්ගේත් කේට් කුමරියගේත් තුන්වැනි දරුවා.

සිප ගත්තට රන්බීර්ව දීපිකා ආදරේ රන්වීර්ට  

2018-04-22 17:12:16

රන්බීර් කපූර් හා දීපිකා පදුකෝන් යුවළ කාලයක් හරිම ආදරණීය පෙම්වතුන් විධියට හිටිය බව නම් කාටත් රහසක් නෙවෙයි. ඒ වුණත් දැන් නම් මේ දෙන්නා අතරේ එතරම් සුහදත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ.

ලොකු ලොකු බොලිවුඩ් තරු ගත්ත මුල්ම පඩිය  

2018-04-20 17:36:59

බොලිවුඩ් නළු නිළියෝ අද වෙද්දි මුදල් උපයන්නේ කෝටි ගණනින්. ඒත් බොලිවුඩයේ සුපිරි තරු බවට පත්වෙන්න කලින් ඔවුන් ගත කරලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතයක්. බොලිවුඩයේ සුපිරි තරු මාවතක කෝටි ගණන්වලින් සිහින දකින්න කලින් ඔවුන්ගේ ජීවිත පටන් ගත්තේ රුපියල්වලින්. සුපිරි තරුවක් වෙන්න කලින් ඔවුන් අතට ගත්ත පළමුවැනි පඩිපත ගැන ඇහුවොත් ඔබට පුදුම හිතේවි.

සල්මන් වෙනුවෙන් පුංචි දැරියක් කට අරියි  

2018-04-19 17:16:51

'මුවන් දෙදෙනකු දඩයම් කිරීමේ චෝදනාවට පසුගියදා සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක් නියම වුණා. මේ අවාසනාවන්ත ආරංචිය දැන ගත්ත, සල්මන්ට ආදරය කරන බොලිවුඩ් තරු වගේම රසිකයන්ටත් ඇති වුණේ හිත් වේදනාවක්. අධිකරණ තීන්දුවක් නිසා මේ ගැන බොලිවුඩ් හිතවතුන් වුණත් ප්‍රසිද්ධියෙ තමන්ගේ අදහස් කියන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ වුණත් සල්මන්ට මුහුණ පාන්නට වූ මේ අවාසනාවන්ත සිදුවීම නිසා පුංචි රසිකාවියකගේ හිත නම් ගොඩක් රිදිලා.

IPL නිසා රන්වීර්ට වඩා වරුන් ගිය උඩ  

2018-04-09 17:05:12

ලොව පුරා සිටින ක්‍රිකට් තරු එක පොකුරට තරග වදින IPL ක්‍රිකට් තරගාවලිය සුපුරුදු විධියට මේ වසරේත් පැවැත්වෙන්නේ මේ මාසයේදීය. ඉන්දියාවෙ උත්කර්ෂවත්ව සංවිධානය වෙන IPL ක්‍රිකට් තරගයේ සමාරම්භක උත්සවය වර්ණවත් කරන්න බොලිවුඩ් සුපිරි තරුත් එක්වෙනවා.

ෆර්හාන්ට ෆේස්බුක් එපා වෙලාද?  

2018-04-08 15:55:07

බොලිවුඩ් තරු ගැන නිරන්තර අවදියෙන් ඉන්න රසිකයන් තමන් ආදරය කරන නළු නිළියන්ගේ තොරතුරු සමීප කරගන්නේ ෆේස්බුක්, ට්විටර්, වැනි සමාජ ජාලවලින්. ෆර්හාන් අක්තර් කියන්නේත් සමාජ ජාලයේ නිතරම දකින්න ලැබුණු දක්ෂ රංගන තරුවක්.

කත්‍රිනා පෙරළන පොත  

2018-04-04 17:39:44

සුරූපි කත්‍රිනා කයිෆ් මේ වන විට බොලිවුඩයේ වැඩිම අය කිරීමක් කරන ඉහළම පෙළේ තරු අතරටත් එක් වෙනවා. ඇගේ රංගන දිවියටත් මේ වන විට වසර 15ක් සපිරෙනවා.

සල්මාන්ගේ වැඩේ නිසා ජැක්ලීන්ට සිදුවුණු දේ  

2018-04-02 17:43:53

අචජඥ 3 චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවන්නේ අබුඩාබිවලයි. බොබී ඩියෝල්, සල්මන් කාන්, ජැකලින් හා අනිල් කපූර් වැනි සුපිරි තරු කිහිපයක්ම එකට එක්වන මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතාබහ වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon