නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

විපක්ෂ නායක ධුරය ගැන සභාවේ විවාදයක්  

2018-12-19 14:34:12

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් සිය මතය පැහැදිළි කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මන්ත්‍රීවරු තුනක් ආණ්ඩුපක්ෂයේ අසුන් ගනී  

2018-12-18 14:08:48

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන විජිත් විජයමුණි සොයිසා මහතා, ඉන්දික බණ්ඩාරනයක මහතා,ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුපක්ෂයේ අසුන් ගත්තේ ය.

විපක්ෂ නායක ධූරය මහින්දට  

2018-12-18 13:30:11

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයට හිටපු ජනාධිපති , පර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පත් කොට තිබේ.

ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කෙරේ  

2018-12-18 13:27:14

පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කොට තිබේ.

මැතිසබේ ගැලරිය අද යළි ඇරේ  

2018-12-18 09:54:09

ජේ.ටී. ද සිල්වා,

රුචිර දිලාන් මධුශං

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය දීර්ඝ කාලයකට පසුව අද (18දා) දිනයේ යළිත් විවෘත කිරීමට තීරණය කර තිබේ. අද දිනයේ මන්ත්‍රිවරුන්ගේ අමුත්තන් සඳහාද මහජන ගැලරිය වෙන් කරන නමුත් සීමා

රනිල්ගෙන් අලුත් පක්‍ෂයක්  

2018-12-18 09:38:06

උපතිස්ස පෙරේරා

ශිරාන් රණසිංහ

සියලුම බලවේග ඒකරාශී කරගෙන 'ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' නමින් පුළුල් නව සන්ධානයක් පිහිටුවා ගන්නා බව එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

විපක්‍ෂ නායක ධුරය මහින්දට දෙන්න  

2018-12-18 07:40:04

රුචිර දිලාන් මධුශංඛ

පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායක ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට අද (18දා) දිනයේ ලිඛිතව කථානායකවරයාට දැනුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන 'මව්බිම'ට පැවැසීය.

ජනබල රැලිය අද අගමැති ප්‍රධානත්වයෙන්  

2018-12-17 09:59:59

ජනබල මහා ජනතා රැලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සවස 1.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි  

2018-12-16 11:30:56

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිවුරුම් දෙනු ලැබීය.

මහින්ද ඉල්ලා අස්වෙයි  

2018-12-15 12:15:00

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද හෙට ඉවත් වෙයි  

2018-12-14 20:30:09

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දින (15) විශේෂ ප්‍රකාශයක් ජාතිය හමුවේ සිදු කරමින් සිය අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් අඩවියේ ප්‍රකාශයක් සටහන් කරමින් ප්‍රකාශ කර තිබේ.

මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම  

2018-12-14 18:29:51

අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දෙයි   

2018-12-14 16:13:17

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (14) පස්වරුවේ ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

පාර්ලිමේන්තුව විසුරුවහැරීමේ පෙත්සම් විභාගය - තීන්දුව ප්‍රකාශ කරයි  

2018-12-13 17:18:19

වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලයක් නොමැති බවත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුව හරින්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තක යෝජනාවක් සම්මත විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව අද  

2018-12-13 10:32:11

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද(13) සවස 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය නිවේදනය කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon