නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

පොළොන්නරුව ඓතිහාසික ශිව දේවාලය විනාශ වී යෑමේ අවදානමක්  

2018-11-02 09:27:02

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

මහා පරාක්‍රමබාහු රාජ සමයට (ක්‍රි.ව. 1156-1183) අයත් යැයි සැලකෙන ශෛලමය ගල් කුට්ටි යොදා ඉදිකරන ලද පොළොන්නරුව ඓතිහාසික ශිව දේවාලය අංක 1 විනාශ වී යෑමේ අවදානමක් ඇතැයි පුරාවිද්‍යාවට හා ඓතිහාසික උරුමයන්ට ආදරය කරන පොළොන්නරුවේ විද්වත්හු කියති.

ගොවියෝ අධිකරණයට යනවා  

2018-11-02 06:28:18

මෙවර මාස් කන්නයේ කන්න රැස්වීම් හා ජලය නිකුත් කිරීම් ප්‍රමාද කිරීම වාරිමාර්ග බලධාරීන්, ගොවි සංවිධාන විසින් කෘෂි රසායනික කොම්පැනිකාරයන්ගේ වුවමනාවන් මත කරන්නේ යැයි සැක ඇති වන බව පොළොන්නරුවේ ගොවීහු චෝදනා කරති.

හප්පිටිය විදුහල ආසන්නයේ පස් කන්දක් නායයයි  

2018-11-02 06:15:09

මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් නෙළුව - දෙල්ලව මාර්ගයේ හප්පිටිය කනිටු විදුහල ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා සිදු වී ඇත.

ඩොලර් එකක් දැන් රු.177යි  

2018-11-01 13:37:28

ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද රුපියල් 177.32 දක්වා අවප්‍රමාණ විය. එහි විකිණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 173.42ක් වශයෙනි.

නව තානාපතිවරු සිවුදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති  

2018-11-01 11:33:37

ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු සිවුදෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

තඹුත්තේගම බස්නැවතුමේ රනිල්ගේ කටවුට් කඩලා  

2018-11-01 09:58:08

තඹුත්තේගම බස්නැවතුම්පොළ ආසන්නයේ සවිකර තිබූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කලාවැව එක්සත් ජාතික පක්ෂ සංවිධායක අනිල් රත්නායක මහතාගේ ඡායාරූප සහිත පුවරුව කිසියම් පිරිසක් කඩා දමා තිබේ.

එළවළු මිල නඟී  

2018-11-01 07:07:42

හා වෙළෙඳසල්වල එකවරම සෑම එළවළුවකම මිල වැඩි වී ඇත. අඩුම මිල මට්ටමක පැවැති වම්බටු, තක්කාලි, මාළු මිරිස්, මෑකරල්, කරවිල හා බෝංචි ආදිය දෙතුන් ගුණයකින් වැඩි වී තිබේ. මෑකරල් කිලෝවක පවා සිල්ලර මිල රුපියල් 160කට ආසන්න මට්ටමක පවතී. ඉතිහාසයේ මෑකරල් මිල වැඩිම අවස්ථාව මෙය බව පාරිභෝගිකයෝ කියති.

ත්‍රීවීල් ගාස්තු පහළට  

2018-11-01 06:33:19

උදයන්ති මුණසිංහ

අද සිට (01දා) ත්‍රිරෝද රථ ගාස්තු සියයට දහයකින් අඩු කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ 'ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ' සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කෙළේය.

දෙහි කිලෝව රු. 800යි  

2018-11-01 06:06:42

වෙළෙඳපොළේ දෙහි කිලෝවක් රුපියල් අටසීයත් දහසත් අතර මිලකට අලෙවි වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ජනපති හමු වෙයි.  

2018-10-31 14:24:39

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

අද(31) සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්  

2018-10-31 10:18:51

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (31)දිනයේ සිට බලාපොරොත්තුවේ.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පහළතලාව වැවපාර අබලන් වෙලා  

2018-10-31 08:11:25

තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 407 ග්‍රාමනිලධාරි වසමේ ඉදිගස්පොතාන සහ පහළතලාව ගම්මාන යා කරන පහළතලාව වැව් මතින් දිවෙන මාර්ගය වසර 20ක පමණ කාලයක් තිස්සේ කිසිදු නඩත්තුවක් නොකිරීම නිසා මේ වන විට දැඩි ලෙස අබලන්ව පවතී. පහළතලාව, ඉදිගස්පොතාන, කොහොඹකඩවල, ඉලුප්පන්කඩවල යනාදී ගම්මානවල ජනතාව මෙම මාර්ගය දෛනිකව භාවිතයට ගනී.

නාච්චදුව වැවේ මසුන් දහස් ගණනක් මියගිහින්  

2018-10-31 06:34:08

දින කිහිපයක සිට හදිස්සියේම අනුරාධපුර නාච්චදුව ජලාශයේ මසුන් දසදහස් ගණනක් මියයෑමට පටන් ගැනීමෙන් වැවෙන් දැඩි දුර්ගන්ධයක් පැතිරෙන බව ධීවරයන් පිරිසක් අනාවරණය කළ අතර මසුන් මියයෑම දිනෙන් දින වැඩිවන බව ඔවුහු පැවැසූහ.

කොළඹ ආරක්ෂාවට පොලිසීයේ 2000 ක්  

2018-10-30 15:12:28

එක්සත් ජාතික පක්ෂයේ  අද  (30) පැවති   විරෝධතාව හේතුවෙන් කොළඹ ආරක්ෂාව සඳහා  පොලිසියේ හා විශේෂ කාර්ය බලකායේ 2000 ට අධික  පොලිස් නිලධාරීන් පිරිසක්  යොදවා සිටි බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට  

2018-10-30 15:09:53

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) ඊයේ (29) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon