නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් සංකේතය ජනපතිට පළඳවයි.  

2018-10-16 14:29:24

2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් එහි සැමරුම් සංකේතය වන "සමනළ රුව" ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මහත්මා ගාන්ධී තුමා දේශපාලඥයකු නොවූ මානව හිතවාදියෙක් - ජනාධිපති  

2018-10-12 16:44:15

දේශපාලඥයකු නොවූ මහත්මා ගාන්ධී තුමා ජාතික නිදහස් සටන් අරගලය ගෙන ගිය සාන්තුවරයෙක් මෙන් ම සැබෑ මානව හිතවාදියෙක් යැයි' බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පොදු ප්‍රවාහන සේවා සඳහා සහනාධරයක් දීම කෙරෙහි අවධානය  

2018-10-12 12:08:40

ඉන්ධන මිල ඉහළ යැම සැලකිල්ලට ගෙන පොදු ප්‍රවාහන හා පාසල් ප්‍රවාහන සේවා සඳහා යම් සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

2015 වර්ෂයට කලින් විශ්‍රාම ගත් විශ්‍රාමිකයන්ගේ ගැටළුව පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබෙනවා  

2018-10-10 16:22:06

2015 වර්ෂයට කලින් විශ්‍රාම ගත් විශ්‍රාමිකයන්ට මෙම වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවලට සහන සළසන්න ඇති හැකියාව පිළිබඳව මේ වනවිට රජයේ අවධානය යොමු වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා – මාලදිවයින් ජනපතිවරු අතර හමුවක්   

2018-10-10 15:13:42

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා ( Ibrahim Mohamed Solih) අතර හදිසි හමුවක් අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.

අගමැති අතින් ලන්ඩන් කොටස් වෙළෙඳපොළ විවෘත වෙයි ලබන සතියේ ඉන්දියානු සංචාරයක  

2018-10-09 16:08:53

ලන්ඩන් කොටස් වෙළෙඳපොළ ඊයේ (08දා) විවෘත කරන ලද්දේ මහා බි්‍රතාන්‍යයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්  

2018-10-09 13:19:54

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

අය - වැය විසර්ජන පනත් කෙටුම්පත අද  

2018-10-09 09:57:29

ලබන වසරේ අය _ වැය සම්බන්ධයෙන් වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අද (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හෙට පැවැත්වෙන ඒකාබද්ධ රැස්වීමේදී විකල්ප ආණ්ඩුව ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා  

2018-10-08 13:37:27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09දා) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී විකල්ප ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් තමා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

විජයකලාට ඇප  

2018-10-08 12:42:20

ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (8) නියෝග කළේය.

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට  

2018-10-08 10:02:37

ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අංගුවට ගත් බව පොලිසිය කියයි.

ජනපති සීසෙල්ස් බලා ගමන් අරඹයි  

2018-10-08 09:28:12

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) අලුයම සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය .

ආණ්ඩුවට එරෙහිව ජවිපෙ 23දා කොළඹට රොද බඳී  

2018-10-06 14:39:50

වත්මන් පාලනය යටතේ ජනතාව මත පටවා ඇති අධික බදු බර, භාණ්ඩ මිල ඉහළ දැමීම ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීම, කුණු කොල්ලයට රටේ ආයතන පැවැරීම යන ක්‍රියාමාර්ගවලට එරෙහිව සැබෑ විරෝධයක් එදින සිදුවන බව ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය.

9 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව හිර වෙයිද ?  

2018-10-05 13:17:42

රට මුහුණදී තිබෙන බරපතළ කරුණු රැසක් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද කියා 9 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

2019 අයවැය සඳහා යෝජනා භාර ගැනේ  

2018-10-04 13:54:34

ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ජනතා අදහස් ලබා ගැනීම දැන් ආරම්භ කර ඇති අතර ඊට යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon